අද (22) උදෑසන වෙඩි ප්‍රහාරයකට ලක්ව බරපතළ තුවාල ලැබූ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති, ලසන්ත වික්‍රමසේකර හෙවත් ‘මිදිගම ලසා’ මරුමුවට පත්ව ඇත.
වැලිගම ප්‍රාදේශීය සභා සභාපතිවරයාගෙන් ලිපියක් අත්සන් කර ගැනීමට පැමිණෙන ආකාරය ට වෙඩික්කරුවා සහ තවත් පුද්ගලයකු කාර්යාලයට ඇතුළු වී සභාපතිවරයා සිය අසුනේ සිටියදීම වෙඩි තබා ඇති ඔවුන් වෙඩි තැබීමෙන් පසුව යතුරු පැදියක නැගී පලා ගොස් තිබේ
අතර වෙඩි තැබිමෙන් බරරපතල ලෙස තුවාල ලබා සිටි වික්‍රමසේකර මහතා ඉක්මනින් මාතර රෝහලට ඇතුළත් කරවිමට කටයුතු කෙරිණි. කෙසේ වුවද ඔහු රෝහලේදී මිය ගිය බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කළේය.







