සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වැලිකඩ සිරකරුවන් ඝාතන චෝදනාලැබ සිට අධිකරණයෙන් නිදහස්වුන එමිල් රන්ජන්ලාට විරුද්ධව මේ රජය යළි නඩු ගොනු කරනවලු… කැබිනට් ප්‍රකාශකවරයා කියයි!

by editor
ජනවාරි 28, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
  • එමිල් රන්ජන්ට අධිකරණ ඇමති දුන් සම්මානය ගැනත් යළි පැහැදිලි කිරීමක්…

වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් ඝාතනය සහ මහර බන්ධනාගාරයේ සිරකරුවන් ඝාතනය රජය කිසිසේත්ම අනුමත නොකරන බවත්, මිනීමරුවන්ට ඳඬුවම් දීම සඳහා හදිසි නොවී කාලය රැගෙන එම නඩු අලුතින් ගොනු කරන බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේය.

ඔහු පෙන්වා දුන්නේ සිද්ධි වාර්තා වන්නේ පසුගිය ආණ්ඩු සමයේ බවත්, එම සිද්ධියට අදාල නඩු ගොනු කර ඇත්තේත් ඔවුන් බවත්ය.

කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව ප්‍රකාශකළේ වැලිකඩ බන්ධනාගාර ඝාතකයා ලෙස මුළු සමාජයම හොඳින් දන්නා සමාජ අපවාදයට ලක් වුන, එහෙත් අධිකරණයෙන් නිදහස්වුන පුද්ගලයා වූ එමිල් රන්ජන් ළමාහේවාට අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර විසින් සම්මාන ලබා දීමේ සිද්ධිය පිළිබඳ මාධ්‍ය අදත් ප්‍රශ්න කළ වෙලාවේදී ය.

27 දෙනෙක් වැලිකඩ ඝාතනය වුනත් ඝාතකයෙක් නැති බව පෙන්වා දුන් මාධ්‍යය, 13 දෙනෙක් ඝාතනය කළ මහර බන්ධනාගාර සිද්ධියට අදාලව ලිපි ගොනු වැසීමට නීතිපති නියෝග කරන බවය . රටම අපකීර්තිය පත් කළ මෙම සිද්ධි දෙක සම්බන්ධව නීතියේ විධානය සහ ආධිපත්‍ය රටට ආරක්ෂා කරදීමට අප සටන් කර පත් කරගත් ආණ්ඩුවේ ස්ථාවරය කුමක්දැයි පැහැදිලිව දැනගැනීමට අවශ්‍ය බව මාධ්‍යය පාර්ශවයෙන් විමසා සිටියේය. එම පාර්ශවය චෝදනා කළේ අධිකරණ අමාත්‍යාංශය උත්සවයක් සංවිධානය කළේ එමිල් රන්ජන් ළමාහේවාට සුදු හුණු ගෑමට බවය.

” ඔබලා ආවේ නීතියේ අධිපත්‍ය පහිටුවන්න. සමාජය ආරක්ෂා කරන්න. දැන් ඔබලා මේ විදිහට කටයුතු කිරීම බරපතල ප්‍රශ්නයක්. ඒ ගැන ආණ්ඩුවේ ස්ථාවරය කුමක් ද? ”

RelatedPosts

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

මාධ්‍යය පාර්ශවයෙන් විමසා සිටියේය.

ඊට පිළිතුරු දෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස කීවේ මෙවැනි කතාවකි.

” මෙය එමිල් රන්ජන් ළමා හේවාට සම්මාන දීම සඳහා පවත්වපු උත්සවයක් නොවෙයි. යම් උත්සවයක් තිබුණා. එතන දි වුන සිද්ධිය ගැන අධිකරණ ඇමතිවරයා පිළිගත හැකි සාධාරණ හේතුවක් ඉදිරිපත් කළා. එකෙන් කිසිසේත් අදහස් කරන්නේ නෑ මෙවැනි ආකාරයේ සමාජයෙන් චෝදනා ලබපු අයට අපි සුදුහුණු ගාන්න කටයුතු කරනවා කියලා. එතන වුන සිදුවීම පැහැදිලියි.”

“මහර බන්ධනාගාර සිද්ධියේ දී අභියාචනයක් ඉදිරිපත් කරලා තියනවා. ඉදිරි දවස්වලදී ඒ ගැන නීතිපති දෙපාර්තමේන්තුව දක්වන අදහස මොකක්ද කියන එක බලමු.”

“කොහොමටත් මේ බන්ධනාගාර ඇතුළෙ ඉන්න පුරවැසියන් රජය භාරයේ ඉන්න අය. ඔවුන්ට ආරක්ෂාව සැපයීම රජයේ වගකීමක් අපි ඒ වගකීමෙන් බැහැර වෙන්නේ නෑ. ඉතිහාසයේ රජය භාරයේ සිටිය සිරකරුවන් පුරවැසියන් සම්බන්ධව විවිධ ආණ්ඩු ඉතාම අනීතික ක්‍රියාමාර්ග අනුගමනය කරලා තියනවා. ඒවා අපි කිසිසේත් අනුමත කරන්නේ නෑ.”

“ඒ වගේම ඒ ආණ්ඩුවලින් තමයි ඒ අයට නඩු පවරලා තියෙන්නෙත්. චෝදනා ගොනු කරලා තියෙන්නෙත්. ඒවා තමයි අපට මුහුණ දෙන්න වෙලා තියෙන්නෙ. ඒවා අපට අලුතින් අරන් විභාග කිරීමේ හැකියාවක් තියනවා. අපි ඒකට කාලයක් ගන්නවා.”

“ඒ අනුව එවැනි සිද්ධියක් කොතැන සිද්ධ වුනත්, රජයේ තැනක සිද්ධ වුනත්, රජයෙන් පරිබාහිර තැනක සිද්ධ වුනත්, මේ ඝාතනයන් සම්බන්ධව අපේ රජය කිසිදු ආකාරයේ සමාවක් දෙන තැනට කටයුතු කරන්නේ නෑ. නීතිය ක්‍රියාත්මක කරනවා. නීතියේ තියන දුර්වලතාවලින් කවුරුහරි රිංගලා යන්න උත්සාහ කරනවා නම් ඒකට අපි නීති හදන්න වෙනවා. සමහර කරන්න පුලුවන් මැදිහත්වීම් අපි කරමින් ඉන්නවා.”

“රජය භාරයේ ඉන්නා පුද්ගලයින් ඝාතනය කිරීම හෝ වෙනත් අඩම්තේට්ටම් කිරීම අපි අනුමත කරන්නේ නෑ..”

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාර්ලිමේන්තු කාරක සභා 03ක් සඳහා නව සභාපතිවරුන් පත් කෙරේ!

Next Post

ජනාධිපති අරමුදල ගම් මට්ටමට අරන් යන්න අරමුදලේ පාලක සභා අනුමැතිය ලැබෙයි!

Related Posts

Meegoda-accident-Suspects
පුවත්

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ජූනි 5, 2026
පුවත්

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026
පුවත්

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Meegoda-accident-Suspects

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ජූනි 5, 2026

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!
  • ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…
  • වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.