බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වැලිකඩ මෝරුන්ගේ වාට්ටුවේ සිට බැසිල් දුන්න පරිප්පුව කන රාජපක්ෂ වහලුන් දෙන්නාගේ කතාව…

රාජපක්ෂ බලය සදාකාලිකය යැයි සිතාගෙන සිටි දේශපාලන වහලුන්ගේ ඉරණම විසඳෙන හැටි...

by editor
මැයි 31, 2025
in පුවත්
DIGITAL CAMERA

DIGITAL CAMERA

Share on FacebookShare on Twitter

රාජ්‍ය මුදල් අවභාවිතා කරමින් දූෂණය කිරීමේ වරදට දඩුවම් ලද හිටපු අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේත් හිටපු සතොස සභාපති නලින් ප්‍රනාන්දුත් මේ වන විට රඳවා ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයේය.

මෙරට අධිකරණයකින් පළමු වරට වරදකරු වන තැනැත්තන් රඳවා ගන්නේ වැලිකඩ බන්ධනාගාරයේය. 2015 ජනපතිවරණ යේදී සතොස ආයතනයේ මුදල් ප්‍රතිපාදන යොදවා කැරම් බෝඩ් 14000 ක් හා දාම් බෝඩ් 11000ක් අවිධිමත් ආකාරයෙන් මිලට ගෙන ක්‍රීඩා සමාජවලට බෙදා දී රජයට මිලියන පාඩු කිරීම මහින්දානන්දට හා නලින් පුනාන්දුට එරෙහිව අල්ලස් හෝ දූෂණ කොමිෂම වෙතින් නැගුන චෝදනාවන්ය.⁣

මේ⁣ දෙදෙනාට එරෙහිව අල්ලස් හෝ දූෂණ කොමිෂමට පැමිණිලි කරන ලද්දේ දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහය. මේ නඩුකරයේදී දාම් බෝඩ් හා කැරම් බෝඩ් ක්‍රීඩා සමාජවලට බෙදා දුන් බව සඳහන් කෙරුනද මේ සියල්ල දුන්නේ මැතිවරණ කොට්ඨාසවල පිහිටුවන ලද පොදුජන පෙරමුණේ මැතිවරණ කාර්යාල වලටය.

මෝරුන්ගේ වාට්ටුව

මේ වන විට දඬුවම් ලැබූ හිටපු අමාත්‍යවරුන් දෙපොළ වැලිකඩ බන්ධනාගාරයේ ජම්පර ඇඳුමෙන් සැරසී සිටින බව තහවුරුය. ඔවුන්ට අයිතිවාසිකම් කිව හැකි එකම දේපොළ වන්නේ බෙලෙක් පිඟානත් බාල්දියත් පැදුරක් කොහු කොට්ටයක් ජම්පර ඇදුම් කට්ටලයක් හා රෙට්ටුවක් පමණි.හඳුන්වන්නේද අංකයකිනි.

ඉදිරියේදී මේ දෙදෙනා වැලිකඩ බන්ධනාගාරයේ වැඩ අංශයට යොමු කෙරෙනු ඇත. මේ සිරකරුවන් දෙදෙනා මේ වන විට රඳවා ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයේ කේ වාට්ටුවේය. මේ වාට්ටුව හිරකරුවන් හඳුන්වන්නේ මෝරුන්ගේ වාට්⁣ටුව ලෙසය. බන්ධනාගාර බස් වහරේ මෝරුන් යනුවෙන් හැඳින්වෙන්නේ සිර දඬුවම් ලබා සිටින ධනවතුන්ය. ⁣ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳින දුමින්ද සිල්වා සිටින්නේද මේ කේ වාට්ටුවේය.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බැසිල් දුන්න පරිප්පුව

මහින්දානන්ද මේ වළඳන්නේ අනුන්ගේ පරිප්පුවකි. ඒ පරිප්පුව වෙනින් කාගේවත් නොව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ගේය. මහින්දානන්ද සමග හිර බත් කන අනෙක් සගයාවන නලින් ප්‍රනාන්දු බැසිල් රාජපක්ෂ හා බඩ බැඳ ගත් සමීපත⁣මයෙකි. ඔහු සතොස සභාපති කරන්නේ බැසිල් රාජපක්ෂය.

මෙරට ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයකු වූ නලින් ප්‍රනාන්දු බැසිල් රාජපක්ෂගේ සගයකු වීම පුදුමයට කාරණයක් නොවේ. රාජපක්ෂ පවුලේ ජාවාරම් සදහා අත හිත දෙම්න් සිටියේ මෙවැන්නන්ය. මහින්දානන්ද රාජපක්ෂලාගේ ජාවාරම්වලට සම්බන්ධ කරගන්නේ ඔහුගේ අධ්‍යාපනික මට්ටමේ පහත්කම හා අමු මෝල් කම නිසාය. මහින්දානන්ද අළුත්ගමගේ විදුලිබල රාජ්‍ය ඇමතිවරයාව සිටියදී විදුලිබල ඇමති වූයේ ඇමති ජෝන් සෙනෙවිරත්නය. එම අමාත්‍යංශයේ ලේකම්වරයා වූයේ ප්‍රර්දිනැන්දුය.⁣ ඇමති ජෝන් සෙනෙවිරත්න සිය ඇමති ධුරයෙන් හම්බ කරගෙන කෑ දේශපාලඥයෙක් නොවීය. එහිදී අමාත්‍යංශ ලේකම් ප්‍රර්දිනැන්දු හා නියෝජ්‍ය ඇමති මහින්දානන්ද යන දෙදෙනා නියම ගැලපීමක් වූ අතර මොවුන්ගේ කෙරුවාවද ජාඩියට මූඩිය විය.නොරොච්චෝලේ ආදී විදුලි ව්‍යාපෘති වලින් මහින්දානන්දත් ප්‍රර්දිනැන්දුත් ඉස්ම යන තුරු කොමිස් මුදල් ලබා ගත්තෝය. මේ දෙදෙනා ඕස්ට්‍රෙිලියාවේ එංගලන්තයේ ගේ දොර ඉඩ කඩම් මිලයට ගත්තේ විදුලියෙන් ගසා කෑ කොමිස් මුදල් වලිනි.

මේ ⁣ජාවාරම් ගැන මහින්ද රාජපක්ෂ නොදැන සිටියා නොවේ. ආණ්ඩුවෙි ජාවාරම්කාර දේශපාලඥයන් පිළිබඳව නොදන්නා ගානට සිටීම ඔහුගේ සට කපට දේශපාලනික භාවිතයයි. තමන්ට පරාණ භුක්තිය ලියා දුන් දේශපාලනික වහලෙක් මහින්ද රාජපක්ෂ නිර්මාණය කර ගන්නේ ඒ භාවිතයෙනි. සිය පක්ෂයේ දූෂිතයන් වූ ඒ ඒ දේශපාලඥයාගේ කෙරුවාව සඳහන් කෙරුණ ගොනුවක් මහින්ද රාජපක්ෂ සතුව තිබුණි. සිය දේශපාලනික පැවැත්ම වඩාත් තහවුරු කර ගැනීමට මහින්ද රාජපක්ෂ යොදා ගත්තේ එම ගොනුවයි.

ඒ ගොනුව තමන්ට එරෙහිව ජනපතිවරයා විසින් යොදා ගනිතැයි බියෙන් වහලා නිතරම සිටියේ ජනපතිවරයාගේ පැවැත්ම වෙනුවෙන් මරා ගෙන මැරෙන්නට තරමේ කැපවීමකිනි. සිය හෘද සාක්ෂිය දන්නා සොරකම් නිසා වහලාට ඉන් පිටස්තර සිතීමක්ද නැතිවිය. මහින්දානන්ද අළුත්ගමගේද ඒ වහල් කණ්ඩායමේ සාමාජිකයෙකි. කෙසේ වෙතත් රාජපක්ෂලා සිය අන්තේවාසිකයන් මෙවලම් ලෙස පරිහරණය කිරීමට දක්ෂයන්ය.

හිරේ යන්න පාර කැපෙන හැටි

ජනපතිවරණයට පෙර මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ක්‍රීඩා අමාත්‍ය වරයා ලෙස කටයුතු කෙරුවේ මහින්දානන්ද අළුත්ගමගේය. අමාත්‍යංශ ලේකම්වරයා වූයේ ⁣විශ්‍රාමික මේජර් ජනරාල් නන්ද මල්ලවආරච්චිය. ඒ අමාත්‍යංශයේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස විශ්‍රමික ගුවන් හමුදා මාණ්ඩලික නිළධාරියකු වූ එල්මෝ පෙරේරා සිටියේය. ක්‍රීඩා සංවර්ධන දෙපාර්⁣තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය වූයේ රාජ්‍ය පරිපාලන සේවයේ නිළධාරිණියක වූ රංජනී ජයකො⁣ඩි ය.

එම ජනපතිවරණයේ ප්‍රචාරක කටයුතු බාරව සිටියේ බැසිල් රාජපක්ෂය.
මැතිවරණයේ ප්‍රචාරක කටයතු සඳහා පොදු ජන පෙරමුණ පක්ෂයෙන් මැතිවරණ කොට්ඨාස ආවරණය කරගනිමින් පිහිටුවන ලද කාර්යාල

සඳහා කැරම් බෝඩ් හා දාම් බෝඩ් බෙදා දීම සඳහා සතොස ආයතනයේ මුදල් ප්‍රතිපාදනයන් වැය කිරීමට බැසිල් රාජපක්ෂ එහි සභාපති නලින් පුනාන්දුට උපදෙස් දුන්නේය. සතොස ආයතනයෙන් රාජ්‍ය මිලදී ගැනීම් පරිපාටියෙන් පිටස්තරව අවිධිමත්ව මිලදී ගත් එම භාණ්ඩ ක්‍රීඩා අමාත්‍යංශය හරහා පොදු ජන පෙරමුණේ පක්ෂ මූලස්ථානය වෙත බාර දෙන ලදී.

අනතුරුව ක්‍රීඩා ඇමති මහින්දානන්ද උත්සාහ දැරුවේ එම භාණ්ඩ තොගය ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව හරහා නිත්‍යනූකූළව මිලට ගත් බවට ලියකියවිලි සකස් කරන්ටය. ඔහු සිය අමාත්‍ය කාර්ය මණ්ඩලයේ සම්බන්ධීකරණ ලේකම්වරයා වූ එල්මෝ පෙරේරා ⁣අත එසේ සකස් කරන ලද ලියකියවිලි ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරිය වූ රංජනී ජයකොඩි වෙත යවන ලද්දේ ඇය ගේ අත්සන ලබා ගැනීමටය. එහෙත් රාජ්‍ය පරිපාලන සේවයේ දීර්ඝ කාලීන අත් දැකීම් ඇති ඇය එම ලියකියවිලිවලට අත්සන් නොතබා ඇමතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම් එල්මෝ පෙරේරා එළවා දැමුවේ ඒ ක්‍රියාවලිය තුළ පැවති බරපතල මුල්‍ය විෂමාචාරය තේරුම් ගත් නිසාය.

එහෙත් අවසානයේදී එම ලිය කියවිලි වලට ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් නන්ද මල්ලවආරච්චි අත්සන් කෙරුවේය. හමුදා විශ්‍රාමික මේජර් ජනරාල් වරයකු වූ ඔහුට රාජ්‍ය පරිපාලනයේ මුදල් විනය පිළිබඳව අවබෝධයක් හා අත් දැකීමක් නොතිබිණි. හිටපු ඇමති මහින්දානන්දට හා නලින් ප්‍රනාන්දුට සිර දඬුවම් හිමි වූයෙ මේ සිද්ධියටය.

බැසිල් වෙනුවෙන් ටින් කිරි ගා ගත් වහල්ලු

එම මුදල් අවභාවිතවෙන් මේ දෙදෙනාට කිසිදු ප්‍රතිලාභයක් හිමි නොවූ බව සහතිකය. සැබැවින්ම එම සිද්ධිය තුළ මේ දෙදෙනා හුස්ම ගන්නා රූකඩ පංචස්කන්දයන් පමණක්ම විය. මේ රූකඩ තමන්ට ඕනෑ විදියට නැටවූයේ ඇමති බැසිල් රාජපක්ෂය. එහෙත් අවසානයේදී පරිප්පු කන්නට වූයේ මේ දෙදෙනාටය.

රාජපක්ෂලා බොහෝ ජාවාරම් කෙරුවේ මේ හැඩයටමය. ඒ සෑම ජාවාරමකදීම රාජපක්ෂලා තමන්ගේ දෑත් පුච්චා නොගැනීමට තරමේ ආරක්ෂාකාරී වූහ. එහෙත් රාජපක්ෂලා වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින රූකඩ වහළුන් කණ්ඩායම නිරන්තරයෙන් ඔවුන් සමීපයේ සිටියහ.

දැන් නීතිය ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ ඒ වහලුන් දුර දිග නොබලා සිය ස්වාමිවරුන් වූ රාජපක්ෂවරුන්ගේ පැවැත්ම සඳහා දූෂිත ආකාරයෙන් වැය කරන ලද පොදු මහජන මුදල් අවභාවිතාවන්ටය. මේ වහලුන් සිතා ගෙන සිටියේ රාජපක්ෂලාගෙන් මෙරට දේශපාලන බලය කිසි⁣දිනක ගිලිහෙනු නැති බවය. එහෙත් සිදු වූයේ නොසිතූ සමාජමය මැදිහත් වීමකි.
මහින්දානන්ද හා නලින් ප්‍රනාන්දු මේ භුක්ති විඳින්නේ ඒ මැදිහත් වීමේ ප්‍රතිඵලයයි.

අභියාචනාවකට ඉඩ

වැලිකඩ සිර දඬුවම් විඳින මහින්දානන්දට හා නලින් ප්‍රනාන්දු⁣ට ශ්‍රේෂ්ඨාධිකරණයට එක් අභියාචනයක් කිරීමට අවස්ථාව පවතී. සාමාන්‍යයෙන් මහාධිකරණයෙන් දඬුවම් ලබන වැරදිකරුවෙකුට අභියාචනා අවස්ථාවන් දෙකක් පවතී. එහෙත් මහින්දානන්ද හා නලින් ප්‍රනාන්දු දඬුවම් ලැබුවේ විනිසුරුවරයන් තිදෙනෙකු ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ම⁣හාධිකරණයකිනි.
ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් දඬුවම් ලැබූවෙකුට අභියාචනා අවස්ථාවන් ඇත්තේ එක් වරක් පමණි. මේ අවස්ථාව වනවිට දින දහ හතරක් තිස්සේ සිර දඬුවම් විඳින මහින්දානන්දට හා නලින් ප්‍රනාන්දුට තමන්ට ලැබුණු සිර දඬුවම් පිළිබඳව අභියාචනා කළ හැකි වන අතර එහිදී ඔවුන්ට ඇප ඉල්ලීමට හැකියාව පවතී. මේ දෙදෙනාගේ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය මගින් විභාගයට ගන්නේ විනිසුරු වරුන් පස් දෙනෙකු යටතේය.

මහින්දානන්ද අළුත්ගමගේට හා නලින් ප්‍රනාන්දුට සිදු වූ විපත එසේ මෙසේ විපතක් නොවේ. මේ දෙදෙනාට වැලිකඩ ලගින්නට සිඳු වන කාලය ඉලක්කම් වලින් ගණන් හැදුවොත් ඔවුන්⁣ට බන්ධනාගාරයෙන් එළියට බසින්නට සිදු වන්නේ ජීවිතයේ අවසාන භාගයේය.

එහෙත් අපට ඒ ගැන අනාවැකි කියන්නට නොහැකිය. ඒ මන්ද යත් ඔවුන්ට කඩඉම් අවස්ථාවක් උරගා බලන්නටද වාසනාව ඇති බැවිනි. මෙරට දේශපාලන බිමෙහි අනාගතයේදී සිදුවිය හැකි වෙනස්කම් තුළ ඔවුන්ගේ සිර ජීවිතය වෙනස් වෙන්නට ඉඩ තිබේ.

එළිමහන් ජීවිතයේ අධි සුඛෝපභෝගී සැප විඳි මොවුන් දෙදෙනාට වැලිකඩ කේ වාට්ටුවේ මුහුණ පාන්නට සිදුවන දුෂ්කරතාව ගැන අප අමුතුවෙන් ලියන්නට ඕනෑ නැත.

1947 වර්ෂයේ ඒ.ආර්.පී.ජේමිස් අප්පුහාමි නම් කවියකු රචනා කරන ලද “සිපිරි මාලය” නම් මාල කාව්‍ය සංග්‍රහයේ හිර ගෙදරදී සිරකරුවකු හට විඳින්නට
සිඳුවන කරදරය සඳහන් කර තිබේ. මීට අවුරුදු හැත්තෑ අටකට පමණ පෙර මේ මාල කාව්‍ය සංග්‍රහය රචනා කරන ලද්දේ වුවද ඉන් අනාවරණය කරන විස්තරයන් අතර හා වර්තමානයේ සිරකරුවන් විඳවන දුෂ්කරතාවන් අතරද කිසිම වෙනසක් නැති බව අපේ අත්දැකීමයි.

මේ එම මාල කාව්‍ය සංග්‍රහයේ කවි දෙකකි.

කලිසම පල්ල දඟලන ඉනිකුනි ගොන්න
ඇඟ ඇතිරිල්ල ඇඳ මකුනන් ගැලතිල්ල
අපෙ මැසිවිල්ල නොදනිති නෑසියො ගොල්ල
සකි නුඹ පල්ල නිදි නැති රෑ  දැඟලිල්ල

දදා පපුව යට කුස ගිනි ඇ⁣විලෙනවා
එදා බඩගින්න නිතරම පිබිදෙනවා
විඳා මෙදුක කිකලක අපි ගැලවෙනවා
නිදා ගන්ට බැරි බලු මැක්කෝ කනවා

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ගිනි අවි 02ක් සමග පුද්ගලයින් 03ක් අත් අඩංගුවට…

Next Post

“Build Sri Lanka නිවාස හා ඉදිකිරීම් ජාත්‍යන්තර ප්‍රදර්ශනය 2025” නැරඹීමට ජනපති එක් වෙයි!

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.