ශ්‍රියානි විජේසිංහ –
වැලිකඩ බන්ධනාගාර රෝහල තුළ සරම්ප රෝගීන් හදුනා ගැනීමත් සමඟ රැඳවියන් වෙනත් බන්ධනාගාරයන්වෙත යැවීමේ සූදානමක් පවතින බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ වන විට බන්ධානාගාර රෝහල් තුළ සරම්ප රෝගය වැලදුණු රැදවියන් 15 දෙනෙකු පමණ හදුනා ගෙන ඇති අතර බන්ධනාගාර සිර කුටි තුළ තවත් රෝගීන් සිටින්නේද යන්න පිලිබඳ මේ වන විට සොයා බලමින් සිටින බවද වාර්තාවේ.
බන්ධනාගාරයන් තුළ පවතින අධික තදබදය හේතුවෙන් බෝවන රෝගයන් ඉතා ඉක්මනින් පැතිර යන බවත් රෝගයෙන් ආරක්ෂා කිරීම සඳහා රැදවියන් වෙනත් බන්ධනාගාරයන් වෙත යැවීම හා රෝගය ආසාදනය වූ රැදවියන් වෙන්කර තැබිම පිලිබදව මේ වන විට සාකච්ඡා වෙමින් පවතින බවත් බන්ධනාගාර අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.
රැදවියන් රෝගයෙන් ආරක්ෂා කර ගැනීම සදහා සරම්ප එන්නත ලබා දීම කෙරෙහිද මේ වන විට බන්ධනාගාර සෞඛ්‍ය කණ්ඩායම්වල අවධානය යොමුව ඇති නමුත් අවශ්‍යතරම් සරම්ප එන්නත් තිබෙන්නේද යන්න පිලිබඳව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයෙන් විමසා බැලීමටද අද බන්ධනාගාරය තුළ පැවති විශේෂ සාකච්ඡාවකදී තිරණය වී ඇත.
රෝගය පැතිරයාමේ තත්ත්වය අනුව රැඳවියන් බැලීමට පැමිණෙන පිරිසද අවම කිරිම හෝ නතර කිරිමට සිදුවනු ඇති බවද මෙහිදී සාකච්ඡා වී ඇතැයිද වාර්තාවේ.