බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වැලිකඩ පොලිසිය ඝාතනය කළ රාජ්කුමාරිගේ ඛේදවාචකය ගැන යළි සිහි කිරීමක්….

by editor
මැයි 15, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ඉහළ දේශපාලකයෙකුගේ නියමයෙන් එවකට පොලිස්පතිවරයාටත් වඩා උඩින් සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කෙනෙක් ලබා දුන් ඕඩර් එකක් මත වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා මැදිහත්ව අත් අඩංගුවට ගත් කාන්තාවක් පොලිස් අත් අඩංගුවේ දී මිය ගියාය. ආර්.රාජකුමාරි නැමැති මේ කාන්තාව 2023 මැයි මස 11 වැනිදා ඝාතනය වන්නේ අතිශය අමානුෂික ලෙස කළ පහර දීමකින් අනතුරුවය.

බදුල්ල දෙමෝදර නාවලවත්තේ පදිංචි 42 හැවිරිදි කාන්තාවක වූ ආර්. රාජ්කුමාරි ඝාතනය වන්නට නුදුරු කාලයේ දී කලක් රටේ ආන්දෝලනයට තුඩු දුන් කාන්තා චරිතයක් වු සුධර්මා නෙත්තිකුමාරගේ නිවසේ සිටි මෙහෙකාරියක ලෙස සේවය කළාය. බලය අසරණ දුප්පත් මනුෂ්‍යයන් විෂයෙහි භාවිතාවන තුච්ඡ රටක පොලිසියේ සහ දේශපාලනයේ හැසිරීම නිරුවත් කළ මේ සිද්ධිය යළිත් දෙවසරකට පසු සංවාද ප්‍රස්තුත වන්නේ

මේ ම්ලේච්ඡ ඝාතන සිද්ධියට අදාල නඩු කටයුත්ත අද (15) කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස් සපුවිද ඉදිරියේ කැඳවා තිබීමත් සමගය.

මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින වැලිකඩ පොලිසියේ හිටපු නිලධාරින් තුන් දෙනෙකුට එරෙහි පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ජූලි මස 21වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද දින නියම කළේය. මෙතෙක් විත්තියට ලබා නොදී පැහැර හැර තිබූ ලේඛන විත්තියේ නීතිඥවරුන්ට ලබා දෙන ලෙස ද විනිසුරුවරයා රජයේ නීතිඥවරියට නියෝග කළේය.

අතීත කතාව 

වැලිකඩ පොලිසිය පහුගිය වකවානුවේ පැවතියේ ඝාතකාගාරයක හැඩයෙනි. රාජ්කුමාරි ඝාතනයෙන් පසු වැලිකඩ පොලිස් අත් අඩංගුවේ දී ඝාතනය වන්නේය. නිමේෂ් තත්සර නැමැති 25 හැවිරිදි තරුණයෙක් ද ඝාතනය වූ බවට චොදනා එල්ල වන්නේ පොලිස් අත් අඩංගුවේ දී ය. වරෙන්තු හතක් පිට සිට ප්‍රසිද්ධ චිත්‍රපට සහ ටෙලි නාට්‍ය නිලි සේමිණී ඉද්දමල්ගොඩගේ වරෙන්තු සඟවා තබා ඇයව ගොඩ දාන්නට හදන්නේ වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා ය. රාජගිරියේ ප්‍රධාන ගොඩනැගිල්ලක් අසල අත් බෝම්බයක් හමුවිනි. මේ අත් බෝම්බය හමුවීම සම්බන්ධ ලිපි ලේඛන සකස් කිරිම මග හැර එය හංගා තැබීමට උත්සාහ කරන්නට ගොස් වරෙක ඔහු අතටම හසු විය.  මේ පොලිස් මැරයා තමන්ගේ ඉහළ පොලිස් නිලධාරීන්ටත් උඩින් තැබූ දේශපාලන බලයක් සහිතව දේශපාලකයින්ගේ ඕනෑම පක්කලි කමක් කරගෙන සිටි නිල ඇඳුමෙන් අමුඩය ගසා ගත් චරිතයක් වූයේය. ඔහු මේ වනවිට සිටින්නේ ස්ථාන මාරුවීමක් සමගය.

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ප්‍රස්තුත රාජ්කුමාරි ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් නඩු ගොනු කර ඇත්තේ වැලිකඩ පොලිසියේ සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු නිලධාරින් තුන්දෙනෙකුට එරෙහිවය. මේ සිද්ධියේ පෙළ මෙසේය.

එක්තරා වකවානුවක රටේ මහත් ආන්දෝලනයට තුඩු දුන් කාන්තා චරිතයක් වූ සුධර්මා නෙත්තිකුමාර පසුගිය කාලයේත් හැසිරුනේ පොලිසියේ සහ ඉහළ දේශපාලනයේ කුප්‍රකට බලවතුන්ගේ පරාක්‍රමය සහිතවය. ඇයගේ නිවස පිහිටා ඇත්තේ රාජගිරිය කුරේ මාවතේ රෝයල් ගාර්ඩන් පරිශ්‍රයේ ය.

2023 මැයි මස 11 වැනිදා  සවස සුධර්මා නෙත්තිකුමාර වැලිකඩ පොලිසියට ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කළ බැව් පොලිසිය කීවේය. ඇය පැමිණිල්ලෙන් කියා තිබුණේ ඇයගේ නිවසේ සිටි මෙහෙකාරිය ඇයගේ මුද්දක් ඇතුළු රන් භාණ්ඩ ප්‍රමාණයක් සොරකම් කර ඇති බවයැයි කියැවිනි.

මේ නිවසේ මෙහෙකාරිය ලෙස සේවය කරන්නී බදුල්ල දෙමෝදර නාවලවත්තේ පදිංචි ආර්. රාජ්කුමාර් නැමැති 42 හැවිරිදි කාන්තාවකි. මේ පැමිණිල්ල කළ බව කියන දිනය වනවිට රාජ්කුමාරි සුධර්මාගේ නිවසේ සේවය කළේ නැත. තමන්ට එම නිවසේ සේවය කළ නොහැකි බවට පවසා සේවයෙන් ඉවත් වී ඇය බොරැල්ල කොටාපාරේ නිවසක මෙහෙකාරියක ලෙස සේවය කරමින් සිටියාය.

සුධර්මා නේත්තිකුමාර ගෙන් ලැබුණු බව පොලිසිය කියන පැමිණිල්ල ලැබී පැය කීපයක් තුළ  වැලිකඩ පොලිසිය  වෙනත් නිවසක වැඩකරමින් සිටි මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන වැලිකඩ පොලිස් ස්ථානයට රැගෙන යන්නේය.

මෙම කාන්තාව නීති විරෝධීව  අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට රැගෙන විත් ප්‍රශ්න කිරීමට පටන් ගෙන එම ප්‍රශ්න කිරිමේ දි   ඇයට පහරදී දී  තිබිණි. දැඩි ලෙස පහර දීමෙන්   අනතුරුව ඇය අසාධ්‍ය තත්ත්වයට පත් වූ බව අනාවරණය විය.   හුස්ම ගැනීමේ අපහසුතාවයක්  ඇති වු බව කියමින් 2023/05/ 11 වැනිදා සවස 06ට පමණ දැඩි අසාධ්‍ය තත්ත්වයෙන්  ඇයව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබිණි. රෝහලට ඇතුළත් කර පැයක් තුළ රාජ්කුමාරි මිය ගියාය.

ඇයට මින් පෙර කිසිම අවස්ථාවක සොරකම් කිරීම පිළිබඳ චෝදනා ගොනු වී නොතිබුණ බව  විමර්ශන අංශ සනාථ කළේය.

ඇයගේ සැමියා ප්‍රකාශයක් කරමින්  මාධ්‍යයට කීවේ   බිරියගේ  මළ සිරුර දකිනවිට නාස්පුඩුවලින් සහ කන් වලින් ලේ ගලමින් තිබෙනු දුටු බවය. කකුලක් දැඩි ලෙස ඉදිමී තිබුණු බව ද හෙතෙම පැවසුවේය. මෙම මරණයට හේතු වන්නේ ඇයට පහරදීම බව ඇයගේ ඥාතීහු දැඩි ලෙස කියා සිටියහ. අධිකරණ වෛද්‍ය පරීක්ෂණයේ දී මරණය සම්බන්ධව විවෘත තීන්දුවක් ලබා දී තිබිණි.

ඇසින් දුටු සාක්ෂිය

මෙම ඝාතන සිද්ධිය අධිකරණය හමුවට පැමිණියේය. 2023 ජූනි මස 21 වැනි දින අධිකරණයේ දී මෙම මරණය සම්බන්ධව තිගස්වනසුළු හෙළිදරවුවක් සිද්ධ විය. ඒ අදාල මරණය ඇසින් දුටු සාක්ෂිකරුවෙක් අධිකරණය ඉදිරියේ තමන් දුටු දේ ප්‍රකාශ කිරීමත් සමගය.

මේ හෙළි කිරීම සිදුවූයේ මහේන්ද්‍රන් සුරේෂ් නමැති සාක්ෂිකරුවෙකි.  ඔහු තමන් දුටු සිදුවීම අධිකරණය ඉදිරියේ මෙසේ ප්‍රකාශ කළේය.

“දිනක් මා  පිටකොටුව ප්‍රධාන බස් නැවතුම අසල සිටි අවස්ථාවේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු පැමිණ   මාංචු දමා වාහනයකට නංවා බොරැල්ල කොටා පාරේ පිහිටි රාජ්කුමාරි සේවය කළ නිවසට රැගෙන ගියා.”

“පසුව රාජ්කුමාරි නමැති මෙම කාන්තාවත්  කැඳවාගෙන ආපු පොලිසිය  මගේ අතේ තිබුණ එක්    මාංචුවක්  ඇයගේ අතට දැම්මා.  මෙම කාන්තාව පොලිසියට   රැගෙන යන අවස්ථාවේ ඇයට කිසිදු අසනීපයක් තිබුණෙ නෑ.  ඇය හොඳින් ඇවිදගෙන ගියේ.”

“වාහනයෙන් අරන් එන  අවස්ථාවේදී, “ඔයා නේද මුද්දයි, සෙන්ට් බෝතලයයි, සපත්තු කුට්ටමයි හොරකම්  කළේ..” කියා වාහනය තුළ සිටි පොලිස් නිලධාරියෙක් රාජ් කුමාරිගෙන් ඇහුවා.”

“ ඊට පස්සේ වැලිකඩ පොලීසියට මමත් ඒ කාන්තාවත් ගෙනාවා.  එහි සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙක් මටත්  රාජ්කුමාරිටත්  පහර දුන්නා.”

“පහර දුන්  එක් පොලිස් නිලධාරියක් තට්ටය තියෙන කෙනෙක්. අනෙක් නිලධාරියා කෙට්ටු උස පුද්ගලයෙක්.  කෙට්ටු උස නිලධාරියකු රබර් බටයකින්ට මියගොස් සිටින රාජකුමාරිට පහර දෙනවා මා දැක්කා. ” ඔහු පැවසුවේය.

සුධර්මාගේ පොලිසිය

සුධර්මා පැමිණිල්ල කළ පසු සාමාන්‍ය පැමිණිල්ලක් විෂයෙහි  පොලිසිය කටයුතු කරන ආකාරය ඉක්මවා ගොස් දැඩි උනන්දු සහගතව මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණය විය. එම අත්අඩංගුවට ගෙන ඇති ආකාරය ද නීත්‍යානුකූල නොවන බව හෙළි විනි. තවදුරටත් විමර්ශනයේ දී හෙළි වන්නේ සිද්ධිය සම්බන්ධව වැලිකඩ පොලිසිය පොලිසියේ දේශපාලන බලය සහිත ස්ථානාධිපති ඉහළ නිලධාරීන්ද නොමග යවමින් තොරතුරු වසන් කර ඇති බවය.

මෙහි බිහිසුණුම කතාව වන්නේ අඩුම තරමින් මේ කාන්තාව අත් අඩංගුවට ගන්නේ සුධර්මා නෙත්තිකුමාර පොලිසියේ කළ ලිඛිත පැමිණිල්ලක් මතවත් නොවන බව අනාවරණය වීමය. ඇය පැමිණිල්ල පසු දාතම් දමා සටහන් කරන්නේ රාජ්කුමාරි ඝාතනය වූ පසුව බව විමර්ශන අංශ කීවේය.

සුධර්මා නෙත්තිකුමාර විසින් එවක රජයේ ප්‍රබල දේශපාලකයෙකුට කළ දැනුම් දීමකට අනුව එම දේශපාලකයා ගේ ඕනෑම ජඩ වැඩක් කරමින් සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ මැදිහත්වීමෙන් මෙහයවනු ලැබූ වැලිකඩ පොලිසියේ පොලිස් ස්ථානාධිපතිගේ කණ්ඩායම මේ සපුරා නීති විරෝධී අත් අඩංගුවට ගැනීම කර පොලිසිය තුළ පහර දී මෙම කාන්තාව ඝාතනය කර තිබුණු බවට තොරතුරු අනාවරණය වන බව විමර්ශන අංශ කීවේය.

පොලිස්පති කිව්වත් මාරුවක් නෑ…

මේ කුපාඩිකමින් පසු වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා වහාම ක්‍රියාත්මකවන පරිදි ස්ථාන මාරු කරන ලෙස පොලිස්පතිවරයා විසින් මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා වෙත නිර්දේශ කළේය. එය පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් මගින් තහවුරු කළේය. මෙම නියෝගය පොලිස්පතිවරයා විසින් නිකුත් කර ඇත්තේ සිද්ධිය සම්බන්ධව පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් කරන ලද විමර්ශනයේ දී හෙළිදරව් වූ කරුණු මත පදනම් වෙමින් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේය.

එහෙත් පොලිස්පති නියෝගයට මේ පොලිස්කාරයාට වලංගු වූයේ නැත. එවකට හිටපු ඇමති සහ ඔහුගේ ඉතාම සමීප ජ්‍යෙෂ්ඨ  නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ රැකවරණය යටතේ මේ තැනැත්තා වැලිකඩ පොලිස් ස්ථානයේම රැඳුනේය. ඔහු මාරු වන්නේ දෙවැනි මිනිස් බිල්ල ලෙස තත්සර නිමේශ් නැමැති තරුණයාත් බිලිගත් පසුය.

ආණ්ඩුව වෙනස් වී ඇතත් තවමත් මේ රටේ පොලිසියේ ඉන්නේ මේ වගේ වසලයින්ය. රාජ්කුමාරිගේ මරණයට අධිකරණය ඉදිරියේ සාධාරණයක් බලාපොරොත්තු වන්නේ මේ රටේ කොතැනක හෝ යුක්තියක් ඇති බවට රටට තේරුම් ගැනීමට අවශ්‍ය නිසාය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගැරඬිඇල්ල අනතුරට හේතුව හොයන්න මෝටර් රථ කොමසාරිස් පත් කළ කමිටුව කොත්මලේට…

Next Post

සිරිපුර හොර පොහොර ජවාරම්කරු ජාවාරම කරගෙන යන්න විදුලිය සහ ජලය අරන් තිබෙන්නෙත් හොරට….

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.