බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වැලිකඩ පොලිස් අත්අඩංගුවේ දි මිය  ගිය කාන්තාවට  පොලිසිය පහර දුන් අයුරු   ඇසින් දුටු අයෙක් අධිකරණයේ දි සාක්ෂි දෙයි..!

by editor
ජූනි 21, 2023
in පුවත්
Raj-Kumari
Share on FacebookShare on Twitter

කලක් රටේ ආන්දෝලනාත්මක චරිතයක් වූ සුධර්මා නෙත්තිකුමාර ගේ නිවසේ ගෘහ සේවයේ නිරතව සිටිය දී මුද්දක් සොරකම් කළ බවට වූ චෝදනාවක් මත වැලිකඩ පොලිිසය විසින්  නීති විරෝධීව අත්අඩංගුවට ගෙන සිටි    රාජ්කුමාරි නැමැති කාන්තාව පොලිස් අත්අඩංගුවේ දී මිය යෑමට  පෙර ඇයට අමානුෂිකව පහර දුන් ආකාරය සම්බන්ධව අද (21) ඇසින් දුටු සාක්ෂි කරුවෙක් අධිකරණයේ දී හෙළි කළේය.

මේ හෙළි කිරීම සිදුවූයේ වැලිකඩ පොලිස් අත්අඩංගුවේ දී රාජ්කුමාරි නැමැති ගෘහසේවිකාව මිය යෑම පිළිබඳ නඩුව අද    කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල  ඉදිරියේ කැඳවූ අවස්ථාවේ දී ය.

විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරි මෙරිල් රන්ජන් ළමාහේවා  ඇතුළු නිලධාරීන්ගේ මෙහෙයවීම යටතේ සාක්ෂි ලබාදුන් මහේන්ද්‍රන් සුරේෂ් නමැති සාක්ෂිකරුවෙක්  තමන් දුටු සිදුවීම අධිකරණය ඉදිරියේ මෙසේ ප්‍රකාශ කළේය.

“දිනක් මා  පිටකොටුව ප්‍රධාන බස් නැවතුම අසල සිටි අවස්ථාවේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු පැමිණ   මාංචු දමා වාහනයකට නංවා බොරැල්ල කොටා පාරේ පිහිටි රාජ්කුමාරි සේවය කළ නිවසට රැගෙන ගියා.”

“පසුව රාජ්කුමාරි නමැති මෙම කාන්තාවත්  කැඳවාගෙන ආපු පොලිසිය  මගේ අතේ තිබුණ එක්    මාංචුවක්  ඇයගේ අතට දැම්මා.  මෙම කාන්තාව පොලිසියට   රැගෙන යන අවස්ථාවේ ඇයට කිසිදු අසනීපයක් තිබුණෙ නෑ.  ඇය හොඳින් ඇවිදගෙන ගියේ.”

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“වාහනයෙන් අරන් එන  අවස්ථාවේදී, “ඔයා නේද මුද්දයි, සෙන්ට් බෝතලයයි, සපත්තු කුට්ටමයි හොරකම්  කළේ..” කියා වාහනය තුළ සිටි පොලිස් නිලධාරියෙක් රාජ් කුමාරිගෙන් ඇහුවා.”

“ ඊට පස්සේ වැලිකඩ පොලීසියට මමත් ඒ කාන්තාවත් ගෙනාවා.  එහි සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙක් මටත්  රාජ්කුමාරිටත්  පහර දුන්නා.

පහර දුන්  එක් පොලිස් නිලධාරියක් තට්ටය තියෙන කෙනෙක්.   අනෙක් නිලධාරියා කෙට්ටු උස පුද්ගලයෙක්.  කෙට්ටු උස නිලධාරියකු රබර් බටයකින්ට මියගොස් සිටින රාජකුමාරිට පහර දෙනවා මා දැක්කා. “

මේ මරණයට අදාල  පරික්ෂණය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණල අනතුරුව අද  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට  නියෝග කළේය.

කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේ අදාල වර්තාව ලබන මස 26 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ස්වයං දැවැසිවර ජෙරොම් අභියාචනාධිකරණයෙන් පෙත්සම  ඉල්ලා අස් කරගනී…

Next Post

කෑලි කඩා ලංවිම විකුණන නව විදුලිබල පනතට කොන්දේසි නැතිව විරුද්ධ වෙන්න ලංවිම සියලුම වෘත්තීය සමිති සපථ වෙති!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.