වැල්ලම්පිටිය, කිත්තම්පහුව පන්සල අසල දී අද දහවල් සිදුකළ වෙඩිතැබීමකින් ත්‍රිරෝද රථයක යමින් සිටි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ මොහොමඩ් සහජාන් නැමැති 47 හැවිරිදි පුද්ගලයෙකි.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පිස්තෝලයකින් වෙඩි තබා මෙම ඝාතනය සිදුකර ඇතැයි පොලිසිය කියයි.
වෙඩි තැබීමෙන් අනතුරුව ඝාතකයින් පළාගොස් ඇත. කුමක් අරභයා මෙම ඝාතනය සිදුවීද යන්න පිළිබඳව තවමත් නිශ්ඡිත තොරතුරක් නැති අතර ඝාතකයන් මෙතෙක් හඳුනාගෙන නැත.
පොලිසිය පරීක්ෂණ පවත්වයි.