බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වැඩ බැරි අදක්ෂ ආණ්ඩුව 2028 දී රට බංකොලොත් කිරීමට නියමිතයි… සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ දී කියයි…

by editor
මැයි 21, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මේ රජය වැඩක් බැරි, අදක්ෂයන් කණ්ඩායමක් බව දත්ත වලින් පෙන්නුම් කරන බවත් ලුණු උදාහරණයක් කොට දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශක් කළේය . ඔහු කීවේ 2028 දී මේ රට බංකොලොත් වීමට නියමිත බවය.

සජිත් ප්‍රේමදාස සිය කතාවේදී මෙසේ ද පැවසුවේය.

“මෙතන ගැටලුව තියෙන්නේ මේ රජයට බැරි වෙලා තියනවා හරි ආකාරව මේ ගැටලුවක් හඳුනාගෙන පුරෝකථනය කරන්න. ඒකට මේ රජයට තේරුමක් නෑ හැකියාවක් නෑ. පුරෝකථනයක් නෑ. ලුණු ගැන ගත්තොත් කාලගුණික දේශගුණික තත්ත්වයන් ගැන අවබෝධයයක් ලබාගෙන ඇති විය හැකි හිඟය සඳහා විසඳුමක් සපයන්න බෑ. ඒක අත්තක්.

ඔබතුමන්ලට වැඩ බෑනේ. අදක්ෂයො කණ්ඩායමක් නෙ. වැඩ බෑ නේ. ඒක මේ දත්ත වලින්ම පැහැදිලියි.
මේ හිඟයක් ඇති වෙනවා කියලා දැන දැනත් මෙට්‍රික් ටොන් 4050ක් ඇනවුම් කරනවා. එ්ත් ඒක වෙන්නේ නෑ. දේශගුණික කාලගුණික තත්ත්වයන් ගැන අනෙක් හැමෝම දන්නවා. පාලකයො දන්නේ නෑ. පැහැදිලිව මේ ලුණු ප්‍රශ්නයේ දී පෙනුනා. ඔබතුමන්ලා රජයක් හැටියට ලුණු ගැන පමණක් නොවෙයි… රාජ්‍ය පාලනය තුළ ඔබතුමන්ලට තියෙන්න ඕන යම් කිසි සැලසුම්කරණයක්. මොකක්ද ඔබතුමන්ගේ සෙනාරියෝ ප්ලෑන් එක ජීඑස්පි ප්ලස් ගැන. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ ආරක්ෂක බැමි ගැන වැඩපිළිවෙළ.

ආණ්ඩුවෙන් යවපු ලිපියකටලු දින අනූවක් සහන දුන්නේ. ඔය වගේ විහිලු කතා කියලා වැඩක් නෑ. ආණ්ඩුව නියෝජනය කරගෙන වෙනම නියෝජිත කණ්ඩායමක් ගියාලු. ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරනවා කිව්වා. කෝ ඒකාබද්ධ නිවේදනය. ඒක පාර්ශවීය නිවේදනයක් රජය නිකුත් කරලා තියනවා. රජය තමන්ට හිතපු දේ තමන්ගේ නියෝජිතයො කියපු එක ප්‍රකාශ කරනවා. මෙහෙමද රටක් පාලනය කරන්නේ.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

මම ඉදිරිපත් කළේ දත්ත… කිසිම කෙනෙකුට බොරුවක් කියන්න බෑ. මේවා ලේඛන ගත වාර්තා. ආර්ථිකය පිළිබඳ සාකච්ඡාවන මේ මෙහොතේ ආර්ථික වර්ධන වේගවත් කළේ නැතිනම් 2028 එනවා ආර්ථික සුනාමියක්. මේ ගැන කවුරුත් කතා කරන්නේ නෑ. හැමෝම ගෙඩිය පිටින්ම හිතාගෙන ඉන්නේ මේ අයිඑම්එෆ් ගිවිසුමෙන් රට බේරයි කියලා. සියයට 5 ආර්තික වර්ධන වේගය නඩත්තු කළේ නැතිනම් 2028 විදේශ ණය ටික ගෙවාගන්න බැරිවෙනවා. රටක් හැටියට අපි තවත් අවස්ථාවක බංකොලොත් වෙනවා.

ඒ පිළිබඳ රජයට පැහැදිලි සැලැස්මක් නෑ. කරුණාකරලා දැන්වත් මේ සිදුවන්නට යන විනාශය ගැන අවබෝධයක් ලබාගෙන ආයෝජකයන් සමග ඍජු මිත්‍ර ශීලී සමබ්ධතා එක්ක අපේ රටේ ඍජු විදේශ ආයෝජන වැඩි කරන්න ඕන. නිශ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කරන්න ඕන. තොරතුරු තාක්ෂණ අපනයන ක්ෂේත්‍රයට මුල් තැන දෙන්න ඕන. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට සියයට 15 බදු ගහලා හරියන්නේ නෑ. ” විපක්ෂ නායකවරයා කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

උසස් පෙළ ප්‍රතිඵල අත්හිටවූ සිසුන් නිසා සරසවි සඳහා අයදුම්පත් භාර ගැනීමේ දිනය කල් යන ලකුණු!

Next Post

සජබ – පාතාල සම්බන්ධකම් නම් ගම් ඇතිව හෙළි කරන්න සූදානම්… මහජන ආරක්ෂක ඇමති පාර්ලිමේන්තුවට දැනුම් දෙයි!

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.