ඩෙල්ටා ප්‍රභේදයේ නව අනු ප්‍රභේදයන් වැඩිදුර පරික්ෂණයන්ට මෙරට පහසුකම් නොමැති බැවින් ඒවා පරික්ෂණය සදහා විදේශීය රටවල් වෙත යැවිමට සිදුව අතැයි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛල විද්‍යායතනය අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර සඳහන් කරයි
මේ වන විට පසුගිය මැයි මාසයේදී කොළඹ නගරයෙන් හදුනාගත් B1 617 2 AY28 ඩෙල්ටා අනු ප්‍රභේදය වැඩිදුර පරික්ෂණය සදහා හොංකොං විශ්ව විද්‍යාලයක් වෙත යවා ඇතැයිද ආචාර්යවරයා පැවසීය.
පරික්ෂණයන් කිරීමට මිනිස් සම්පත අප සතුව පැවතුණද රසායනාගාර පහසුකම් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මෙහි වැඩිදුර පරික්ෂනයන් විදේශීය රටවල් වෙත යැමිමට සිදුව ඇතැයිද හෙතෙම සදහන් කළේය.
දකුණු පළාතේ සහ උතුරු නැගෙනහිර පළාත්වලින් සොයා ගත් B 1 617 2 AY 104 ඩෙල්ටා නව ප්‍රභේදය තව දුර පරික්ෂණයන් කිරිම කෙසේ සිදුකරන්නේද යන්න පිලිබඳව මේ වන තෙක් තීරණයක් ගෙන නොමැති බවද හෙතෙම පැවසීය.