බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වැඩබලන පොලිස්පති දේශපාලන සුරතලෙක් වීමේ ප්‍රතිඵල භයානකයි ! ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා…

by editor
ජනවාරි 20, 2024
in පුවත්
Tilvin
Share on FacebookShare on Twitter
  • නාරම්මල පොලිස් වෙඩි තැබීමට වැඩ බලන පොලිස්පති සහ පොලිස් ඇමති වගකියන්න ඕනෑ..ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කියයි!

යුක්තියේ මෙහෙයුම නමින් ගෙන යන ක්‍රියාවලිය නීතියට පිටින් ගෙන යන බවට මානව හිමිකම් කොමිසමේ පෙන්වා දීම පොලිස් කොමිසමට පිළිගන්න සිදුවූ බවත්,  වැඩබලන පොලිස්පතිලාම නීතිය කඩා පහළ නිලධාරීන්ට ආදර්ශ දී ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි. දේශපාලකයින් සහ ඔවුන්ගේ සුතරලුන් බවට පත් වූ වැඩ බලන පොලිස්පති වැනි කණ්ඩායම් අතශය බරපතල තත්ත්වයක් නිර්මාණය කර ඇති බව කී  ප්‍රධාන ලේකම්වරයා මිනිස්සුන්ට මහ පාරේ වෙඩි කා මැරෙන්නට සිදුව ඇත්තේ එහි ප්‍රතිඵලයක් ලෙසින් බව පවසයි.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මේ බව ප්‍රකාශ කළේ අද (20) කොළඹ දී පැවති ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුව අමතමිනි.

එහිදී ප්‍රධාන ලේකම්වරයා මෙසේ ද පැවසුවේය.

“පසුගිය 18දා නාරම්මල ප්‍රදේශයේදී සිවිල් ඇඳුමින් සැරසුණු පොලීසිය නිරායුද සිවිල් වැසියෙකුට වෙඩිතබා ඝාතනය කිරීම අපි පිළිකුලෙන් හෙළාදකිනවා. ඒ වගේම සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලීසිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට යාම, උද්ඝෝෂණවලට පහරදීමට පැමිණීම කාලයක් තිස්සේ සිදුවන බව අපි දකිනවා. නිල ඇඳුමක් තිබියෙදී සිවිල් ඇඳුමෙන් සැරසී පොලීසිය ක්‍රියාකිරීම අතිශය බරපතළ තත්වයක්. මේ ආකාරයෙන් ක්‍රියාකිරීම නිසා පොලීසිය සහ පාතාලය වෙන්කර හඳුනාගන්නේ කෙසේද? මේ තත්වය සිවිල් වැසියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ තත්වයක්. “

“නාරම්මලදී සිදුවී තිබෙන්නේ වාහනය නතර කළේ නැහැ කියලා පිටුපසින් එලවාගෙන පැමිණ, නතර කර තිබූ වාහනයේ රියදුරාට වෙඩිතබා ඝාතනය කිරීමයි. කවුරුහරි වරදක් කළා නම් දඬුවම් කරන්න අයිතියක් පොලීසියට නැහැ. පොලීසියට තිබෙන්නේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේ නීතිමය ක්‍රියාමාර්ගයයි. නමුත් මෙතන සිදුවී තිබෙන්නේ රටම අරාජික කරමින් මෙවැනි ඝාතන සිදුකළ පසු වැඩබලන පොලිස්පති ඒ පවුලේ සාමාජිකයන්ට මුදල් ලබාදී ඝාතනයේ බරපතළකම සාමාන්‍ය තත්වයක් දක්වා හෑල්ලුවට ලක්කිරීමයි. පොලීසිය සිදුකර තිබෙන පැහැදිලි කිරීම්වත් මේ සිදුවීමේ බරපතළ බව ඒ බරෙන් බාරගෙන නැහැ. “

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

“මේ තත්වයට පොලීසිය පත්කර තිබෙන්නේ මේ දක්වා ආණ්ඩු කළ උදවිය තමන්ගේ පටු අරමුණු වෙනුවෙන් අනීතිකව පොලීසිය පාවිච්චි කිරීම විසිනුයි. නීතියක් නැතිව වැඩ කළ හැකි මානසිකත්වයක් පොලීසිය තුළ නිර්මාණය කළා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වී සිටි කාලයේ ප්‍රකාශ කළේ චක්‍රලේඛ, නීතිරීති පැත්තකට දමා තමන් කට වචනයෙන් කියන දේ ක්‍රියාත්මක කරන ලෙසයි. රනිල් වික්‍රමසිංහත් නුවරඑළියේ තැපැල් කාර්යාල ගොඩනැගිල්ල පවරා ගන්න ඒ ආකාරයෙන්ම බලය යෙදවූ හැටි අපි දැක්කා. “

“ජනාධිපතිලා පාතාල නායකයෝ වගේ හැසිරීම ඇමතිවරුන්ටත් මන්ත්‍රීවරුන්ටත් නිලධාරීන්ටත් බෝවෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු නිලධාරීන් අත්විඳින්නේ එවැනි ක්‍රියාමාර්ගවල ප්‍රතිවිපාක. මැති ඇමතිවරුන්ම පොලීසියත්, නීතියක් නැති, වගවීමක් නැති කොල්ල කල්ලියකගේ තත්වයට පත්කර තිබෙනවා. මීට පෙර වැලිගම ප්‍රදේශයේදී මෙවැනිම වෙඩි තැබීමකින් පොලිස් නිලධාරියෙක් මිය ගියා. තව කෙනෙකුට තුවාල සිදුවුණා. ඒ වෙඩි තැබීමෙන් පසුවත් වෙඩි වැදුණු අයව ළඟම රෝහලට ගෙන යන්න නීත්‍යානුකූල ලෙස කටයුතු නොකර, කොළඹ රැගෙන එන්න ආවා. පොලීසිය මේ තත්වයට පත් කළේ, පොලිස් නිලධාරීන් තමන්ගේ අරමුණු වෙනුවෙන් යොදාගත් ආණ්ඩුවල මැති ඇමතිවරුන්.”

“ලංකාවට ඉතිහාසයේ පළමුවෙනි වතාවට රීලෝඩ් පොලිස්පතිවරයෙකුගෙන් පසුව දැන් ඉන්නේ වැඩබලන පොලිස්පති කෙනෙක්. ඒ තත්වයට පත්වුණේ ඉහළ පොලිස් නිලධාරීන් සියලුම දෙනාටම මානවහිමිකම්, මූල්‍ය අපරාධ හෝ වෙනත් කුමන හෝ චෝදනා සමබන්ධයෙන් නඩු පවතින නිසයි. පොලිස්පති කෙනෙක් පත්කර ගන්න බැරි තරමට ඉහළ නිලධාරීන්ට නඩු තිබෙනවා නම් මෙයින් පීඩාවට පත්වෙන සිවිල් පුරවැසියන්ට මහමගදී වෙඩිකාලා මැරෙන්නත් සිදුවී තිබෙනවා. “

“මේ තත්වයට වගකියයුතු පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගැනීම පමණක් ප්‍රමාණවත් නැහැ. වැඩබලන පොලිස්පතිවරයා සහ පොලිස්පතිවරයා පොලීසිය භාර ඇමතිවරයාත් වගකියන්න ඕනෑ. යුක්තියේ මෙහෙයුම නමින් ගෙන යන ක්‍රියාවලිය නීතියට පිටින් ගෙන යන බවට මානව හිමිකම් කොමිසමේ පෙන්වා දීම පොලිස් කොමිසමට පිළිගන්න සිදුවුණා. වැඩබලන පොලිස්පතිලාම නීතිය කඩලා පහළ නිලධාරීන්ට ආදර්ශ දී තිබෙන්නේ. ඒ නිසා දේශපාලනඥයෝ සහ ඔවුන්ගේ සුරතලුන් බවට පත්වුණු, වැඩබලන පොලිස්පති වගේ කණ්ඩායමක් අතිශය බරපතළ තත්වයක් නිර්මාණය කර තිබෙනවා.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

තෙලිජ්ජවිල දී තරුණයෙක් වෙඩි තබා ඝාතනය කරයි! කුලී ඝාතකයෝ පලා යති!

Next Post

මුලතිව් වෙරළට ගොඩගසා ඇත්තේ බංගලාදේශ ධීවරයෙකුගේ මළ සිරුරක්…

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.