මනම්පිටිය නිමල් ජයරත්න –
වස්ගමුව ජාතික වනෝද්‍යානයේ පතල් කැනීම් කරමින් සිටි පිරිසක් වැටලීමකට ගිය පොලොන්නරුව නිකවැව වනජීවී නිලධාරීන්ට පහරදුන් බවට කියන හත්දෙනෙකු අද (13) අත්අඩංගුටගත් බව පොලොන්නරුව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් නිකවැව දකුණුඇල ගම්මානයේ පදිංචි අවුරුදු 45 ත්, 60 ත් වයසේ පසුවන්නන් බවද පොලිසිය සඳහන් කරයි

. වස්ගමුව ජාතික වනෝද්‍යානයේ ගෑනුආර ප්‍රදේශයේ නීති විරෝධී අයුරින් පරිසරය විනාශ කරමින්, රක්ෂිතය තුළ පතල් කැණීම් සිදුකරන බවට ලද තොරතුරක් අනුව පොලොන්නරුව නිකවැව වනජීවී කාර්යාලයේ නිලධාරීන් පස්දෙනෙකු එම වැටලීම්ට ගිය අවස්ථාවේදී එහි සිටි දසදෙනෙකු වනජීවී නිලධාරීන්ට පහරදී තුවාල සිදුකර රීපීටර් වර්ගයේ තුවක්කුවක් කඩා ඇති බවට වනජීවී නිලධාරීන් පොලොන්නරුව පොලිසියට සිදුකළ පැමිණිල්ලක් අනුව සැකකරුවන් හත්දෙනා අත්අඩංගුවට ගෙන ඇති බව පොලොන්නරුව මූලස්ථාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ගුණතිලක අප කළ විමසීමකදී සඳහන් කළේය.
මෙම සිද්ධියේදී නිකවැව වනජීවි කාර්යාලයේ අඩවි සහකාර, නලීන් ජයසූරිය ඇතුළු තවත් වනජීවී නිලධාරීයෙකු, සිවිල් ආරක්ෂක නිලධාරියෙකු, පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් දෙදෙනෙකු මේ වෙනවිටත් ප්‍රතිකාර ලබන බවද ශ්‍රී ලංකා වනජීවී සංරක්ෂණ නිලධාරීන්ගේ සංගමයේ සභාපති, පොලොන්නරුව වනජීවී කලාපයේ වැටලීම් අංශයේ අඩවි සහකාර කුමාරසිරි විජේකෝන් අප කළ විමසීමකදී පැවසීය.
වස්ගමුව ජාතික වනෝද්‍යානයේ අංගම්මැඩිල්ල ගෑනුආර ප්‍රදේශ්යේදී දිගින් දිගටම සංවිධානාත්මක කල්ලි නීතී විරෝධී ලෙස පතල් කැණීම් සිදුකරන අතර එම වැටලීම් සිදුකිරීමට වනජීවී නිලධාරි කාර්යාලයේ පස්දෙනකුට රක්ෂිතය තුළම පහරදීම බරපතළ වරදක් බවත්, මේ පිළිබඳ පුළුල් පරීක්ෂණයක් සිදුකර සැකකරුවන්ට විරුද්ධව දැඩි දඬුවම් ලබාදෙන ලෙසද ශ්‍රී ලංකා වනජීවී සංරක්ෂණ නිලධාරින්ගේ සංගමයේ සභාපති කුමාරසිරි විජේකෝන් පැවසීය.
වනජීවී නිලධාරීන්ට පහරදී ඔවුන්ගේ දේපළවලට අලාභහානි සිදුකිරීමේ වරදට අත්අඩංගුවට ගත් සැකකරුවන් හත්දෙනා අද ( 13 ) වෙනිදා සවස පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොළොන්නරු මූලස්ථාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. ගුණතිලක අප කළ විමසීමකදී වැඩිදුරටත් පැවසුවේය.







