මන්ත්‍රීවරුන්ට වාහන ගෙන්වීම සඳහා ණයවර ලිපි නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය ලබාදී නැතැයිද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා අලුතින් වාහන ගෙවන්නේ නැතැයි තමා වගකීමෙන් ප්‍රකාශ කළ හැකි බව ද කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි .
අදාළ අංශ ණයවර ලිපි විවෘත කළේ ගිලන් රථ ඇතුළු අනෙකුත් වාහන ගෙන්වීම සඳහා යැයි කී ඇමතිවරයා කැබිනට් අනුමැතියට පැමිණි වහා මන්ත්‍රීවරුන්ට වාහන ගෙන්වීම නැවැත්වූ බවද ප්‍රකාශ කළේය.
කොවිඩ් පාලනයවූ කාලයේදී මන්ත්‍රීවරුන් දෙසීය විසි පස් දෙනාට වාහන ගෙන්වීමට කටයුතු කරන්නැයි විවිධ පාර්ශවවලින් කතානායකවරයාට ඉල්ලීම් ලැබුණු බවත් ඊට පසු එම වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙමින් කැබිනට් මණ්ඩලයට පැමිණි අවස්ථාවේදී අප එය නැවැත්වූ බවත් මහින්දානන්ද අලුත්ගමගේ අනාවරණය කළේය.
කලබල නොවන ලෙසත් තව ජීප් රථ ටික ජපානයෙන් දමා නැති බවත් ඇමතිවරයා කීවේය.