පෞද්ගලික වාහනවලට ඉන්ධන ලබාදීම සඳහා “ජාතික ඉන්ධන අවසරපත්‍රය” නිකුත් කිරීමට බලශක්ති අමාත්‍යාංශය කටයුතු කරන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.
QR කේත යොදාගැනෙන “ජාකින ඉන්ධන අවසර පත්‍රය සඳහා“ ලියාපදිංචි කටයුතු අද (16) සිට ආරමභ කළ බව ඇමතිවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියයි.
Introduction to the National Fuel Pass will be held @ 12.30pm. A guaranteed weekly fuel quota will be allocated. 1 Vehicle per 1 NIC, QR code allocated once Vehicle Chassis number & details verified. 2 days of the week according to Last Digit of number plate for fueling with QR. https://t.co/hLMI9Nm5ZF
— Kanchana Wijesekera (@kanchana_wij) July 16, 2022
මේ ක්‍රමවේදය හරහා ඉදිරියේදී සති පතා සහතික කරනු ලැබූ ඉන්ධන කෝටාවක් වෙන් කරගැනීමට සහ වාහන අංකයේ අවසාන ඉලක්කම අනුව සතියට දින දෙකක් තම QR කේතය පෙන්වා ඉන්ධන ලබාගැනීමට ජනතාවට හැකියාව පවතින බව අමාත්‍යවරයා කියයි.
කෙසේ නමුත් දැනට මෙම ක්‍රමවේදයට ලියාපදිංචි වී තම වාහනයට අදාළව QR කේතයක් ලබාගැනීම පමණක් සිදුකළ හැකි බවද, එම QR කේතය පෙන්වා ඉන්ධන ලබාගත හැක්කේ කෙදින සිටද යන්න පසුව දැනුම්දෙන බවද අමාත්‍යවරයා කියයි.
https://fuelpass.gov.lk/ වෙබ් අඩවියට පිවිස තම ජාතික හැඳුනුම්පත් අංකය, දුරකථන අංකය, වාහනයේ අංකය සහ වාහනයේ චැසි අංකය ලබාදී ලියාපදිංචි වී, තම වාහනයට අදාළ QR ඉන්ධන අවසරපත්‍රය ලබාගත හැකි බව ඔහු පවසයි.
එම QR කේතය තම දුරකථනයේ තබාගැනීමට හෝ මුද්‍රණය කර අවසරපතක් ලෙසින් තබා ගැනීමට හැකි බවද අමාත්‍යවරයා කියයි.








