සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වාසනා සහ සිඟිති දියණිය ඝාතන අපරාධ සැකකරු පොලිසියෙන් නිදහස් කළා ද?

by editor
ජූලි 22, 2023
in පුවත්
ඝාතනය වූ මව සහ දියණිය...

ඝාතනය වූ මව සහ දියණිය...

Share on FacebookShare on Twitter

සුමිත් පොතුපිටිය –

දරාගත නොහැකි මහා අපරාධයකින් රට කම්පනයට පත් වී ඇත. ඒ තරුණ රූමත් මව සහ කිරිකැටි බිළිඳිය ඝාතනය කර ඇති බවට වූ සැකය මේ වනවිට තහවුරු වී තිබේ.

ඊයේ (21) උදෑසන ඒ මවගේ සහ සිඟිති දැරියගේ මළ සිරුරු  අඟුරුවාතොට රත්මල්ගොඩ කැළෑවේ තිබී හමුවිය. ඒ වනවිට  මේ මව සහ දියණිය අතුරුදහන් වී දින තුනක් ගත වී හමාරය.  සිඟිති දියණියේ සිරුර කොට්ටා උරයක ඔබා තිබිණි. ඊට නුදුරින් ඒ සිඟිත්තියගේ අම්මාගේ සිරුර හමු විය.  මළ සිරුරු දෙකම කබරයින් විසින් කා දමා තිබිණි.

අතුරුදහන් වීම

සිරුරු සොයා ගත් අවස්ථාව

මේ තරුණ අම්මා සහ කිරිකැටි දියණිය ජීවත් වූයේ අඟුරුවාතොට ඌරුතුඩාව ප්‍රදේශයේය. තරුණ අම්මාට වයස අවුරුදු   24කි. ඇය  වාසනා කුමාරී ය.    මාස  11 වයසැති සිඟිත්තිය  ටස්මී දිලන්‍යාය.  දියණිය සහ සිඟිත්තිය අතුරුදහන් වී තිබුණේ පසුගිය 18 වැනිදා ය. සැමියා වැඩ ඇරී නිවසට එන විට බිරියත් සිඟිති දියණියත් ගෙදර සිටියේ නැත. ඒ වනවිට සවස 6.20ට පමණය.

ඔහු හැකි තැනම ඇය පිළිබඳව සොයා බැලුවේය. එහෙත් කිසිම තොරතුරක් නැත. දරුවාත් බිරියත් අතුරුදහන්ය. ඒ රෑම ඔහු අඟුරුවාතොට පොලිසියට ගොස් පැමිණිල්ලක් සටහන් කර තමන් නිවසට පැමිණියේ සවස 6.20ට බවත් ඒ වනවිට බිරිය හා දියණිය අතුරුදහන් වී ඇති බවත් ඔහු  පොලිසියට කීවේය.

සැමියා දුන් හෝඩුවාව

ඒ සමගම ඔහු හෝඩුවාවක් ද දුන්නේය. එනම් බිරියත් දියණියත් අතුරුදහන් වූ 18 වැනිදා අවසන්වරට තම නිවසට පැමිණ ඇත්තේ ඔහුගේ නැගණියගේ සැමියා බවය. මේ මස්සිනා හමුදාව හැර ගිය සෙබලෙකි.  ප්‍රදේශයේ කාන්තාවන් කීප දෙනෙකුට අයුතු බලපෑම් කර ඇති බවට වාර්තා වී ඇති තැනැත්තෙකි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“ අන්තිමට මෙතනින් ගිහින් තියෙන්නේ මස්සිනා. එයා විතරයි මට සැක. වාසනා මීට දවස් හතරකට විතර කලින් කිව්වා ‘ඇයි දන්නේ නෑ. මෙයා දැන් පැය දෙකක් තුනක් විතර මෙතන වාඩි වෙලා ඉන්නවා. ඇයි දන්නේ නෑ. ඔයා ටිකක් අහලා බලන්න. දරුවට කිරි දෙන්න විදිහකුත් නෑ. ඇඳුමක් මාරු කරගන්න විදිහකුත් නෑ.’  ඒ වගේ දේවල් කිව්වා. කොහොමත් එයා එන එකට වාසනා  කැමති නැතිව තිබුණේ.  “ ඔහු පොලිසියට කීවේය

විමර්ශන ආරම්භ වන්නේ ඒ අනුවය.

විමර්ශන ඇරඹූ පොලීසිය, ඔවුන්ගේ නිවසේ ශීතකරණයේ දොරෙහි සහ නිවසේ බිම තිබූ, මැකී ගිය ලේ පැල්ලම් කිහිපයක් නිරීක්ෂණය කළේය.

ඒ අතර පොලීසියේ සැකය තවත් තීව්‍ර වූයේ පරීක්ෂණ සඳහා යොදාගත්  හොරණ පොලිස් නිල සුනඛ අංශයේ  නිල සුනඛ බෘෘනෝ සැක සහිත පුද්ගලයාට අයත් ත්‍රි රෝද රථය අසලට ගොස් නැවතීම හේතුවෙනි. දරුවා සහ වාසනා අතුරුදහන් වූ බව දැනගත් වහාම මේ  පුද්ගලයා ත්‍රි රෝද රථය ද ගෙන  සිය බිරිය සමග වාසනාගේ නිවසට පැමිණ තිබිණි.

මරණය දකින්නට රැස් වූ පිරිස…

සැකකරු නිදහස් කළා ද?

සැකකරු පොලිස් භාරයට ගෙන ගත්තේ මේ සියලු තත්ත්වයන් තුළය.. එහෙත් මෙතැන වටහාගත නොහැකි ප්‍රහේලිකාවක් ඇති වූයේය. පොලිසිය කීවේ ප්‍රකාශ සටහන් කරගෙන සැකකරු මුදා හැරිය බවය.

මේ තරම් තීව්‍ර සැකයක් සහිත පුද්ගලයෙක් මුදා හරින්නට පොලිසිය තීරණය කරන්නේ කුමණ තාර්කික පදනමක් මත දැයි ප්‍රශ්නයක් ඉතිරි වී තිබිණි. තත්ත්වය වඩාත් සංකීර්ණ වන්නේ ප්‍රකාශ සටහන් කරගෙන මුදා හැරි බව කී සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් තිබීම හේතුවෙනි.

පලා යන්නට පෙර සැකකරු සිය නිවසට ගොස් මවත් බිරියත් හමුවී මුදල් ද ඉල්ලාගෙන හිස හැරුණු අතේ යන බව පවසමින් පිටත්ව ගොස් තිබිණි. බිරිය ඒ බව කීවාය. පොලිසියට භාර වන ලෙස දැන්වූ නමුත් සැමියා ඊට කැමති නොවූ බව ඇය පවසනු ඇසිනි.  ගැටලුව මතුවන්නේ ප්‍රකාශ සටහන් කරගෙන නිදහස් කරන සැකකරුවෙක් යළි භාර විය යුත්තේ කුමක් සඳහා ද යන්නය.  කෙසේ වුවත් එතැන නොකියන යමක් ඇති බව නම් සැකයක් නැත.

එහෙත් විමර්ශන දිගටම ක්‍රියාත්මක වූයේය. පොලිසියේ සහයාට විශේෂ කාර්ය බලකාය ද එක් වුනේය. පානදුර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිළධාරීන්  පැමිණ පරීක්ෂණ ආරම්භ කළහ. පොලිස් නිල සුනඛ ඒකකයේ ද සහයෝගය ලැබිණි.

ත්‍රි රෝද රථයෙන් ප්‍රවාහනය කර අමුතු දේ

සැක කටයුතු යමක් ත්‍රීවිල් රථයෙන් ප්‍රවාහනය කරන ආකාරය…

සැකය මූලිකවම එල්ල වූයේ පලාගිය සැකකාර හිටපු හමුදා සෙබලා වෙතය.  ඔහුගේ ත්‍රීවිල් රථය ඒ කාල සීමාව තුළ ගමන් ගත් ආකාරය  සම්බන්ධව විමර්ශනය කෙරිනි. එහිදී පෙනී ගියේ සැකකටයුතු යමක් සහිතව එම ත්‍රී රෝද රථය ගමන් කරනා ආකාරය ය.

ත්‍රී රෝද රථය සැකකරුගේ බිරිය විසින් හඳුනාගෙන තිබිණි.

ඒ අනුව විමර්ශන කණ්ඩායම් සැක කළේ නුදුරේ තැනක  අතුරුදහන් වූ අයගේ මළ සිරුරු තිබිය හැකි බවටය. ඒ සැකය මත කළ විමර්ශනවල දී අගුරුවාතොට ඌරුතුඩාව රත්මල්ගොඩ  කැලෑවක තිබී බිළිදියගේ මළසිරුර සොයාගෙන තිබිණි. එය හමුවූයේ කොට්ටඋරයක ඔබා තිබිය දී ය.

තවදුරටත් සොයා බලද්දී  එයට මීටර් 25 ක් පමණ දුරකින් පිහිටි බටදොඹ ගසක් අසල තිබී වාසනාගේ සිරුර  පොලිසිය විසින් සොයා ගත්තේය.

මිනිස්සු රත්මල්ගහ කැලෑව  අවට රැස් කන්නට වූහ. අපරාධ ස්ථානය රැක ගැනීමට පොලිසිය  සෑහෙන වෙහෙසක් දරනු පෙනුණි.

මළ සිරුරු තිබූ ස්ථානය පානදුර මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පැමිණ ඊයේ (21) දහවල් විශේෂ විමර්ශනය කළේය

පානදුර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිළධාරීන් පරීක්ෂණ සිදුකළහ.

පානදුර ජේෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ ගේ උපදෙස් පරිදි, පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකක ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න අමරසේකර, අළුබෝමුල්ල ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසංක රාජකරුණා , අගුරුවාතොට ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද  සිල්වා ඇතුළු පරීක්ෂණ කරමින් සිටිති.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට පුලුල් විමර්ශන ක්‍රියාත්මක කර ඇති බව පොලීසිය කීවේය.

රටම බලාගෙන ඉන්නේ මේ අහස පොළොව නුහුලනා අපරාධයේ මුල මැද අග හෙළිවන තුරුය. ඒ සඳහා වැදගත්ම ප්‍රවේශය නිර්මාණය වනු ඇත්තේ සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගැනීමෙන් පසුය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

බිරියට ජොබ් එක ගන්න පුද්ගලයෙක් අපරාධයකට පටලවන ගේමක් ගහලා… ගම්පල ක්‍රයිම් ඕඅයිසීට චෝදනාවක්..

Next Post

අඟුරුවාතොට තරුණ මව සහ සිඟිති දියණියගේ ඝාතන සැකකරු අත් අඩංගුවට…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.