මනම්පිටිය නිමල් ජයරත්න –
අන්තවාදී මුස්ලිම් ආක්‍රමණයට නතු කර ස්වකීය ඉඩම් අත්පත් කරගැනීමේ අවදානමකට ලක් නොකරන ලෙස ඉල්ලමින් මඩකලපුව දිස්ත්‍රික්කයේ කෝරළේ පත්තු උතුර වාකරේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගම්මාන හයක ජනතාව පොලොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගය පූනානි ප්‍රදේශයෙන් අවහිර කරමින් අද ( 02 ) උද්ඝෝෂණයක නිරත වූහ..
මෙම ගම්මානවල රාජකාරි කටයුතු සිදු කිරීමට මෙතෙක් වාකරේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට තිබුණු බලතල ඉවත් කර එය ඔට්ටමාවඩි ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට පවරාගෙන වෙනම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් ඉදිකර ගම්මානය 06ක පවුල් 4000ක ජන පිරිසකගේ පරිපාලන කටයුතු ඊට පැවරීමට එරෙහිවය.
ඔට්ටමාවඩි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට මෙම බලතල පවරාදීමට එරෙහිව මඩකලපුව ශානසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී දේවගල දේවාලංකාර නාහිමියන් ඇතුළු ගම්වාසීන් 300 ක් පමණ මෙම විරෝධයට එක්ව සිටියහ.
විරෝධතාවය අතරතුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ස්ථාපිත කරන ඉඩම නිරීක්ෂණය කිරීම සඳහා මඩකලපු අතිරේක දිසාපති කුමුදිනී මුහන්දම් පැමිණි රජයට අයත් නිල රථය මඩකලපු දෙසට යෑමට ඉඩ නොදී මාර්ගය හරස් කර නැවැත්වූ විරෝධතාකරුවෝ මේ පරිපාලන වෙනස් කිරීම් අත්තනෝමතික බවත් අන්තවාදී අරමුණුම සිදුවන මේ ක්‍රියාවලිය නවත්වන ලෙසත් ඉල්ලා සිටියහ.
මඩකලපු අතිරේක දිසාපති රංජනී මුහුදම් මෙහිදී සඳහන් කළේ මේ පිළිබඳ ඉහළ බලධාරීන් දැනුවත් කර විසඳුම් ලබාදී මෙම වැඩපිළිවෙළ තාවකාලිකව අත්හිටුවීමට පියවර ගන්නා බවයි.