අභාවප්‍රාප්ත ව්‍යාපාරික දේශමාන්‍ය ලලිත් කොතලාවල අභාවප්‍රාප්ත වීමට පෙර නිවාස අඩස්සියේ තබා තිබූ බව ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ගේ සංගමයේ සභාපති මාකෝ පෙරේරා අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශයක් ඉදිරිපත් කළේය.
ගෝල්ඩන් කී තැන්පතුකරුවන්ගේ සංගමයේ සභාපති මාර්කෝ පෙරේරා විසින් මෙම හෙළිදරව්ව කරන ලද්දේ තම සංගමය විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම එස්.තුරෙයිරාජා, අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගත් අවස්ථාවේදීය.
ගෝල්ඩන් කී තැන්පතුකරුවන්ගේ සංගමයේ සභාපති මාර්කෝ පෙරේරා මේ සම්බන්ධයෙන් තවත් කරුණු ඉදිරිපත් කිරීමට අවසර ඉල්ලා සිටි අතර, පසුව අධිකරණය විසින් මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය 2024 මැයි 08 දිනට දින නියම කළේය.
ශ්‍රී ලංකාවේ ව්‍යාපාර නායකයෙක් වූ ලලිත් කොතලාවල කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය ඔක්තෝබර් 21 වැනිදා අභාවප්‍රාප්ත විය.
ලලිත් කොතලාවල සෙලින්කෝ කොන්සොලිඩේටඩ් සමාගමේ හිටපු සභාපතිවරයා මෙන්ම සෙලාන් බැංකුවේ ආරම්භක සභාපතිවරයාද විය.
කලෙක ලංකාවේ අංක එකේ ධනවතා වූයේ ද දේශමාන්‍ය ලලිත් කොතලාවලය.