ව්‍යාජ ලිපි ලේඛන සකස් කර අග්‍රහාර යෝජනා ක්‍රමයෙන් රුපියල් මිලියන පහකට අධික මුදලක් වංචා කරනු ලැබූ එම විෂය සම්බන්ධව වගකීම් දරන සහකාර කළමනාකාරිණියක් කොළඹ වංචා විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ව්‍යාජ ලිපි ලේඛණ සකස් කර ගෙවීම් කරන මුවාවෙන් අග්‍රහාර යෝජනා ක්‍රමය යටතේ ආවරණයක් නොලබන සිය මව, පියා, සැමියාගේ සොයුරා, බාප්පා ඇතුළු සිය ඥාතීන් පස්දෙනෙකුගේ පුද්ගලික ගිනුම් වෙත රුපියල් ලක්ෂ පනස් හතක් තැන්පත් කර ඇති ආකාරය මේ පිළිබඳව සිදුකළ අභ්‍යන්තර විගණනයකින් හෙළි වීමෙන් අනතුරුව විමර්ශන කටයුතු කොළඹ වංචා විමර්ශන කාර්යාංශය වෙත භාර දී තිබිණි.
අග්‍රහාර රක්ෂණ ණය යෝජනා ක්‍රමය ජාතික රක්ෂණ භාර අරමුදල යටතේ ක්‍රියාත්මකවන, රාජ්‍ය සේවකයින් සඳහා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ චක්‍රලේඛ අංක 5/1997 මගින් හඳුන්වා දී ඇති සෞඛ්‍ය රක්ෂණ යෝජනා ක්‍රමයකි.
මෙම අනාවරණයත් සමග අග්‍රහාර යෝජනා ක්‍රමය තුළ සිදුවූ තවත් මෙවැනි මූල්‍ය වංචා සිද්ධීන් අටක් පිළිබඳ අනාවරණය වෙමින් ඇති බවත් ඒ සම්බන්ධව ද මූලික විමර්ශන ආරම්භ කර ඇති බවත් අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.







