බදුල්ල මඩොල්සිම ප්‍රදේශයේ පිහිටි රක්ෂිතයක ඇති ගල්තලාවක් බිඳ ගොඩගත්තේ යැයි කියනු ලබන කඩුවක් වලගම්බා රජුගේපෞරාණික කඩුව බව කියා රුපියල් ලක්ෂ 60කට අලෙවි කිරීමට සූදානම් වූ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවටව පත් වී තිබේ.
සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක බලකාය විසින් ඊයේ (21) කළ මෙහෙයුමකිනි.
කට්ටඬියෙක් සමග පුද්ගලයින් 15කට ආසන්න කණ්ඩායමක් ගල්තලාවක කළ අනවසර කැණීමකින් මෙම පුරාවස්තුව සොයා ගත් බව සැකකරුවන් විමර්ශන අංශ වෙත පවසා තිබේ.
මේ සඳහා අධි තාක්ෂණික උපකරණත් යොදා ගෙන ඇති බව විමර්ශන අංශ හෙළි කරගෙන ඇත.
මෙම කඩුවට අමතරව තවත් පුරාවස්තු ප්‍රමාණයක් ද ඔවුන් විසින් මෙම ස්ථානයෙන් පැහැරගෙන ඇති බව සැකකරුවන් විමර්ශන අංශ වෙත පවසා ඇත.
මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරීන් මෙම වැටලීම කරනු ලබන්නේ කඩුව ලබාගත් පුද්ගලයින් දෙදෙනා එය රුපියල් ලක්ෂ 60කට අලෙවි කිරීමට ගැණුම්කරුවෙක් සොයමින් සිටියදීය.
මැණික් ව්‍යාපාරිකයෙක් ලෙස පෙනී සිටි පොලිස් සැරයන්වරයෙක් විසින් මෙම කඩුව මිලදී ගැනීම සඳහා ඉදිරිපත් වී ලක්ෂ 45ක් දක්වා මිලකට එය කේවල් කිරීමෙන් අනතුරුව ගනුදෙනුව තීන්දු වී ඇත.
එහිදී කඩුව මිලදී ගැනීමට පෙර කේවල් කිරීමක් කර අවසානයේදී රුපියල් ලක්ෂ 45කට එය මිලදී ගැනීමට එකඟවී තිබේ.
සමනලවැව පුවක්ගහවෙල පිහිටි ඉන්ධන පිරවුම්හලක් අසලදී ගණුදෙනුව සිදු කිරීමට සැරසී පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් ගනුදෙනුව සිදුකිරීමට සූදානම් වන අවස්ථාවේ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බණ්ඩාරවෙල වැලිමඩ පාරේ පදිංචිකරුවෙක් වන සනුශ්ක විරාජිත් (23) සහ බණ්ඩාරවෙල දියබිබිල පැරකුම් මාවතේ පදිංචිකරුවෙක් වන කසුන් දිල්ශාන් (23) යන පුද්ගලයින්ය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කඩුවද සමඟ ඉදිරි විමර්ශන කටයුතු සඳහා සමනලවැව පොලිස් ස්ථානයට භාරදී ඇත.
මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ ගේ මෙහෙයැවීමෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේන් පෙරේරා , පොලිස් සැරයන් ජයලාල් (428), පොලිස් කොස්තාපල්වරුන් වන ශ්‍රියන්ත (94009), තිසර (80501), බාලසූරිය (77090), අෂාන් (39850) සහ කුමාර (104678) මෙම වැටලීම කර තිබේ.
කෙසේ වෙත්ත පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් මේ සම්බන්ධව කළ විමසීමක දී මෙම කඩුව පහත රට කස්ථාන කඩුවක් බවත් ව්‍යාජ එකක් නොවන්නේ නම් නුවර යුගයට අයත් එකක් විය හැකි බවත්ය. කෙසේ වෙතත් කඩුව අනුරාධපුර යුගයට දිවෙන තරම් පෞරාණික එකක් නොවන බව බැලූ බැල්මට තේරුම් ගත හැකි බව කියන පුරාවිද්‍යා නිලධාරීන් නිසි පරීක්ෂාවකින් නිශ්චිත තත්ත්වය පැහැදිලි කළ හැකි බව පැවසුවේය.







