ශ්‍රියානි විජේසිංහ –
වසර 14ට පසුව .තුන්වන කාණ්ඩයේ ඩෙංගු වයිරසය පැතිර යන බැවින් ඉදිරියේදී ඇතිවන මෝසම් වර්ෂාවත් සමග රෝගීන් විශාල සංඛ්‍යාවක් වාර්තා විය හැකි යැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි.
ජනවාරි මාසයේ සිට මේ වන තෙක් දිවයිනපුරා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 27814න් වන අතර මින් 17728ක්ම වාර්තා වී ඇත්තේ අප්‍රේල් මාසයේ බවද හෙතෙමෙ පෙන්වාදේ.
පසුගිය වසරේ අප්‍රේල් මාසය හා සැසදීමේදී මෙය සියය 63ක වැඩිවීමක් යැයිද පැවසේ.
ඩෙංගු රෝගීන්ගේ වැඩිම වාර්තා වීම වසර 2017දී දක්නට ලැබුණ බවත් එවැනි තත්ත්වයක් නැවත ඇතිනොවීමට නම් මදුරුවන් බෝවන ස්ථානයන් විනාශ කිරිමට කටයුතු කළ යුතු බවත් අධ්යක්ෂ ජනරාල්වරයා ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.
මදුරුවන් වැඩ වශයෙන් බෝවන ස්ථානයන් ලෙස පාසල්, රජයේ කාර්යාල, පූජා භුමි, ඉදිකරමින් පවතින ගොඩනැගිලි හා . කර්මාන්තශාලාවන් හඳුනා ගෙන ඇත.
වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වන බැවින් ලබන සතිය තුළ ඩෙංගු මර්දන සතියක් ක්‍රියත්මක කරන බව ද අධ්යක්ෂ ජනරාල්වරයා පැවසුවේය.