බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වසන්තගෙන් සහ සිරිධම්ම හිමිගෙන් දින අනූව තුළම ප්‍රශ්න කර ඇත්තේ පැය 05ක් පමණයි!

by editor
නොවැම්බර් 23, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන් රඳවාගෙන සිටි කාලය පුරාම ප්‍රශ්න කර ඇත්තේ දින තුනක පැය 05ක කාලයක් පමණක් බවත් ඒ සෑම අවස්ථාවක දීම තමන් කළ ත්‍රස්තවාදී ක්‍රියාව කුමක් දැයි වසන්ත මුදලිගේ විමර්ශකයින්ගෙන් ඇසූ ප්‍රශ්නයට ඔවුන්ට පිළිතුරු තිබී නැති බවත් අද (23) ජාතික ජනබලවේගයේ නීතිඥයින් විසින් කැඳවා තිබූ මාධ්‍ය හමුවේ දී නීතිඥ අකලංක උක්වත්ත පැවසුවේය.

අකලංක උක්වත්ත

ඔහු ප්‍රකාශ කළේ  වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමියන්  දින අනූවක් තිස්සේ රඳවාගෙන සිටින්නේ දැනටමත්   අත්තනගල්ල සහ  කොටුව මහේස්ත්‍රාත් උසාවිවල ගොනුවී විභාග වෙමින්  ඇති නඩු කීපයක් සම්බන්ධව බවය.

දණ්ඩ නීති සංග්‍රහය යටතේ අදාළ චෝදනා සම්බන්ධයෙන් අත්තනගල්ල සහ කොටුව උස්විවල දැනටමත් නඩු පවරා තිබියදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මේ දෙදෙනා රඳවා ගෙන  කුමක් සඳහා දැයි ඔහු ප්‍රශ්න කළේය.

නීතිඥ අකලංක උක්වත්ත මෙසේ ද පැවසුවේය.

“ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ත්‍රස්තවාදය යන්නට පැහැදිලි නිර්වචනයක් නැහැ. අහිංසක මිනිසුන්ව කොටු කිරීමට එය යොදා ගන්නවා.“

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

‘එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නැගෙනහිර ප්‍රදේශය බාරව සිටි සන්නද්ධ නායක කරුණා අම්මාන්, පිල්ලෙයාන් වගේ අයට විරුද්ධව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදවා ගත්තාද? කේ.පී. සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහට එදා විපක්ෂයේ සිට ලොකු විවේචන තිබුණා. ඒ කේ.පී.ට විරුද්ධව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගත්තාද?“

“නමුත් අරගල කාල වකවානුවේ වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හාමුදුරුවෝ ගල් කැටයක් හරි අතින් අරන් ඉන්නවා කවුරු හරි දැක්කාද?. අපිට ලැබෙන්න තිබෙන දේවල් ආණ්ඩුවේ උදවිය හොරකම් කරල, සූරා කාලා තිබීම ගැන අපිට ප්‍රශ්න කරන්න බැරිද?“

“ආරක්ෂක ඇමතිවරයාගේ අත්සන අනුව දින 90ක රැඳවුම් නියෝග යටතේ සිටි මේ දෙදෙනා සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් නඩුවක් පවරා තිබුණා. රනිල් රාජපක්ෂ ඒ රැඳවුම් නියෝග දීර්ඝ නොකර දින 14න් 14ට රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. “

“දැන් නීතිපතිතුමා යටතේ මේ දෙදෙනා සම්බන්ධයෙන් ක්‍රියාකිරීමේ හැකියාව තිබෙනවා. ඔවුන් දින 90ක් රඳවාගෙන සිටියාට ඒ කාලය පුරාම දින 03කදී පැය පහක් පමණක් ප්‍රශ්න කර තිබුණා. ඒ අවස්ථා තුනේදීම වසන්ත මුදලිගේ ප්‍රශ්න කර ඇත්තේ තමන් කළ ත්‍රස්තවාදී ක්‍රියාව කුමක්ද කියලයි. ඒ ප්‍රශ්නයට උත්තර නැහැ.“

“ඒ මුළු කාලයේම පොලීසියෙන් ප්‍රශ්න කර තිබෙන්නේ නිට්ටඹුවේදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඝාතනය කිරීම, ජනාධිපති මන්දිරයට ඇතුළු වීම, අරලියගහ මන්දිරයට ඇතුළු වීම, ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වීම යන කාරණා ගැනයි. මන්ත්‍රීවරයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් දැනටමත් අත්තනගල්ල උසාවියේ මිනීමැරුම් චෝදනා සම්බන්ධ නඩුවක් තිබෙනවා. අනෙක් චෝදනා සම්බන්ධයෙන් වෙන වෙනම කොටුව මහේස්ත්‍රාත් උසාවියේ නඩු පවරා තිබෙනවා.“

“දණ්ඩ නීති සංග්‍රහය යටතේ අදාළ චෝදනා සම්බන්ධයෙන් අත්තනගල්ල සහ කොටුව උස්විවල දැනටමත් නඩු පවරා තිබියදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මේ දෙදෙනා රඳවා ගෙන ඉන්නේ මොකටද? “

“අධිකරණවල නඩු පවරා තිබෙන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට අදාළ නොවන කරුණු සම්බන්ධයෙන්. ඒ චෝදනා සියල්ල දණ්ඩ නීති සංග්‍රහය යටතේ තිබෙන්නේ. එහෙම නම්, නීතිපතිවරයා යටතේ අත්තනගල්ල සහ කොටුව උසාවිවල පවරා තිබෙන නඩුවලට මොකද වෙන්නේ? නීතිපතිතුමා පොලීසියට උපදෙස් දෙනවා. දින 90ක් තිස්සේ පොලිස් විමර්ශන පැවැත්වීම සම්බන්ධයෙන් නීතිපතිතුමා සවිඥානක වෙන්න ඕනෑ. දින 90ක් පසුවී තිබියදී විමර්ශන අවසන් නැහැ කියන්නේ හිරිහැර කිරීම හැර වෙනත් අරමුණක් නැති බවයි. දැන් නීතිපතිතුමා මේ දෙදෙනාට ඇප නොදීමට පවතින හේතු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි. නීතිපතිතුමා වගකියන්නේ ජනරජයට සහ මේ රටේ ජනතාවට මිස කාලයෙන් කාලයට පත්වෙන ආණ්ඩුවලට නොවෙයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව සයිබර් ප්‍රතිපත්ති ගැන සාකච්ඡාවක

Next Post

ඇමරිකා රහස් හෙව්ව චීන ඔත්තුකරුට වසර 20ක සිරදඬුවමක්

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.