ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව සිය සයිබර් ප්‍රතිපත්ති සම්බන්ධයෙන් වූ පස්වන කතිකාව ඉකුත්දා නව දිල්ලි නුවරදී පවත්වනු ලැබීය.
මෙම සයිබර් ප්‍රතිපත්ති කතිකාව මගින් දෙරටටම වැදගත් වූ කාරණා සාකච්ඡා කිරීමට හැකියාව ලැබෙන වේදිකාවක් නිර්මාණය කිරීමට සමත්විය. ඒ අනුව මෙම කතිකාවේදී උපායමාර්ගික ප්‍රමුඛත්වය හිමිවිය යුතු සයිබර් තර්ජනයන් තක්සේරු කිරීමත් ඉදිරි පරම්පරාවේ සන්නිවේදන සම්බන්ධතා වල හැකියාව වර්ධනය කිරීම සහ ඉන්දු පැසිපික් කලාපයේ සහයෝගීතාව වර්ධනය සම්බන්ධයෙන්ද සාකච්ඡාවට බදුන්විය.
මෙම කතිකාව විස්තීරණ සහ සහයෝගීතාව සඳහා වූ සයිබර් ක්‍රියාකාරී සැලැස්මට සමගාමීව පැවැත්වූ අතර එහිදී දෙරටට වැදැගත් වූ තවත් කරුණු රැසක් සාකච්ඡාවට ගෙන තිබිණි. ඒ අනුව දෙරටේ සයිබර් ආරක්ෂාවත් කලාපීය වශයෙන් සයිබර් ආරක්ෂාව වර්ධනය කිරීම සම්බන්ධයෙනුත් දෙරටේ සාමාජිකයින් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබීය.
එහිදී ඉන්දීයාවේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ සමාජිකයින්ද අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යංශයද ඉලෙක් ට්‍රොනික් සහ තොරතුරු තාක්ෂණ අමාත්‍යංශයේ සහ විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ සමාජිකයින් එක්ව සිටියහ.
මෙහිදී ඕස්ට්‍රේලියාව නියොජනය කරමින් එරට විදේශ කටයුතු අමාත්‍යංශයද, අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයද විද්‍යා කර්මාන්ත සහ සම්පත් අමාත්‍යංශයද ෆෙඩරල් පොලිසියද එක්ව සිටියහ.
කතිකාව අවසානයේ දෙපාර්ශවයම ඉදිරයේදී එක්ව කටයුතු කිරීමටත් පොදුවේ මුහුණ දෙන අභියෝග සහයෝගයෙන් විසදීමටත් එකඟතාවයකට පැමිණි අතර ඉදිරියේදී මෙම සාකච්ඡා පුළුල් කිරීමටද දෙපාර්ශවයම සිය කැමැත්ත පළකර තිබිණි.