දිනසේන රතුගමගේ –
ශ්‍රී ලංකාවේ 17 වෙනි විශ්ව විද්‍යාලය වශයෙන් වවුනියාව විශ්ව විද්‍යාලය අගෝස්තු මස 1 දා සිට ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව එහි මුල්ම උපකුලපතිවරයා වශයෙන් පත් වූ ආචාර්ය ටී.මංගලේස්වරන් ඊයේ (1) නිල වශයෙන් එම තනතුරේ වැඩ බාර ගන්නා ලදී.
1991 වසරේදී අනුබද්ධ විශ්ව විද්‍යාලයක් වශයෙන් ආරම්භ වූ මෙම විශ්ව විද්‍යාලය පසුව යාපනය විශ්ව විද්‍යාලයේ වවුනියාව මණ්ඩපය වශයෙන් උසස් කෙරුණි.
2021-08-01 දින සිට වවුනියාව විශ්ව විද්‍යාලය වශයෙන් නම් කොට වෙනම විශ්ව විද්‍යාලයක් වශයෙන් පවත්වා ගෙන යන මෙහි ව්‍යාපාර අධ්‍යයනය, ව්‍යවහාරික අධ්‍යාපනය හා තාක්ෂණික අධ්‍යයනය යන උපාධි පාඨමාලා තුනක් ක්‍රියාත්මක වෙයි.