අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහින්දානන්දලා කඩන්න යෝජනා කළ බෝගම්බර ගොඩනැගිල්ලට අත නොතබන බව විදුර නුවර ඇවිත් කියයි….

by editor
අගෝස්තු 1, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ගැසට් කරන ලද පුරාවිද්‍යා ස්මාරකයක් වූ  මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාර ගොඩනැගිල්ල ජාතිය සතු වස්තුවක් බවත් එය කඩා ඉවත් කිරීමේ කිසිදු සූදානමක් නොමැති බවත් ජාතික කලා උරුම, ප්‍රසංග කලා හා ග්‍රාමීය කලා ශිල්ප ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක   පවසයි.

මහනුවර බෝගම්බර පැරණි බන්ධනාගාර පරිශ්‍රය සංවර්ධනය කිරීමේ වැඩසටහනට සමගාමීව එහි නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ඇමතිවරයා ඊයේ (31) මේබව ප්‍රකාශ කළේය.

බන්ධනාගාර පරිශ්‍රය සංවර්ධන කිරීමේ සැළස්ම පිළිබඳව මෙහිදී රාජ්‍ය ඇමැතිවරයා නිලධාරීන් සමඟ සාකච්ඡා කළේය.

බෝගම්බර පැරණි බන්ධනාගාර ගොඩනැගිල්ල කඩා ඉවත්කරන බවට කිසියම් පිරිසක් ප්‍රචාරයක් ගෙන යමින් තිබෙන බවත් එහි කිසිදු සත්‍යතාවක් නොමැති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

බෝගම්බර බන්ධනාගාරය ආශ්‍රිත භූමියේ සුවිශේෂි මිශ්‍ර ව්‍යාපෘතියක් ආරම්භ කරන බවත් එහිදී මෙරට අවසන් රාජධානය වූ මහනුවර කේන්ද්‍රීයාව තවමත් ආරක්ෂා වී තිබෙන සංස්කෘතික හා කලා අංගයන්ට මූලිකත්වය දෙන බවත් හෙතෙම අවධාරණය කළේය.

මහනුවරට ආවේනික පාරම්පරික කලාවන් ඉස්මතු කරමින් නිර්මාණ කාර්යයේ නියැලෙන ශිල්පීන්ට ඔවුන්ගේ නිර්මාණ එළිදැක්වීමට අවශ්‍යය වටපිටාව මේ තුළ ඇති කරන බවද ඇමතිවරයා කීවේය.

නාගරික සංවර්ධන අධිකාරිය, පුරාවිද්‍ය දෙපාර්තමේන්තුව හා බන්ධනාගාර අධිකාරිය සම්බන්ධ කරගනිමින් අදාළ වැඩපිළිවෙළ දියත්කරන බවද ඇමතිවරයා ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වසන්ත යාපා බණ්ඩාර,ගුණතිලක රාජපක්ෂ,මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකොන් යන  ඇතුළු පිරිසක් සහභාගි වූහ.

කෙසේ වෙතත් මෙම ගොඩනැගිල්ල කඩා ඉවත් කළ යුතු බවට  ප්‍රකාශ කර තිබුණේ  රජයේ ප්‍රධාන කැබිනට් ඇමතිවරුන් දෙදෙනෙක්වන කෙහෙලිය රඹුක්වැල්ල සහ මහින්දානන්ද අලුත්ගමගේ විසිනි. පසුගියදා නුවර දිස්ත්‍රික් සම්බන්ධීකරන කමිටුවේ දී මෙම යෝජනාව ගෙනා ඇමතිවරුන් දෙපළ  අනතුරුව ඒ පිළිබඳව දිගින් දිගටම ආදාල පාර්ශවයන් ගෙන්වා බලපෑම් කර ඇත. ඔවුන් පවසා තිබුණේ මෙම ස්ථානයේ පවතින ඉඩම් මිල ගැන සැලකිල්ලට ගෙන සංවර්ධන සැලසුම් සකස් කළ යුතු බවය.

පුරවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග ගේ ස්ථාවරය වී තිබුණේත් මෙම ගොඩනැගිල්ල ආරක්ෂා කරගත යුතු බවය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ මෙම ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමට නම් රටේ නීතිය වූ පුරාවිද්‍යා ආඥා පනත වෙනස් කළ යුතු බවය. නැතිනම් මෙම ගොඩනැගිල්ල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ගැසට් කරන ලද ස්මාරක ලයිස්තුවෙන් ඉවත් කළ යුතු බවය.

කෙසේ වෙතත් සංස්කෘතික රාජ්‍ය ඇමතිවරයාගේ මෙම මැදිහත්වීම ඉතා යහපත් ප්‍රවණතාවයක් බව උරුම කළමනාකරණ අංශ පවසයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බදියුදීන්ගේ නිවසේ සේවය කළ තවත් කාන්තාවක් ලිංගික අතවරයට ලක් වෙලා…

Next Post

වව්නියාව විශ්විද්‍යාලයේ මුල්ම උපකුලපති වැඩ භාර ගනී….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.