දිනසේන රතුගමගේ –
වවුනියාවේ තෝනිකල් ප්‍රදේශයේ උපන් දින සාදයක් පැවති නිවසට ප්‍රහාරයක් එල්ල කොට අඹු සැමි යුවලක් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුගේ සහෝදරයාට කිසියම් පිරිසක් විසින් ඊයේ (27) සිදුකළ පහර දීමක් නිසා එම පුද්ගලයා බරපතල ලෙස තුවාල ලබා තිබේ.
තුවාලකරු වවුනියාව මහ රෝහලට ඇතුළත් කොට තිබේ.
පහරකෑමට ලක්ව ඇත්තේ 37 හැවිරිදි වවුනියාවේම පදිංචි අයෙකි.
මේ සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත් අඩංගුවට ගෙන නොමැති අතර වවුනියාව පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.
උපන් දින සාදයක් පැවති නිවසට ප්‍රහාරයක් එල්ල කොට අඹු සැමි යුවලක් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හය දෙනෙකු වවුනියාව පොලීසිය විසින් මේ වන විට අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ව සැප්තැම්බර් මස 7 වෙනිදා දක්වා රිමාන්ඩ් කොට ඇත.