සංවිධානාත්මක කල්ලි විසින් පාකිස්ථානය තුලද සිටින ආගමික සුළුතරයන්ට එරෙහිව දැඩි ප්‍රචන්ඩත්වයක් පතුරවමින් සිටින බවත් එම ජනතාවගේ මූලික මානව හිමිකම් පවා බරපතල ලෙස උල්ලංඝණය වෙමින් පවතින බවත් එරට මාධ්‍ය සහ මානව හිමිකම් ආයතනය පෙන්වා දෙයි.
ඒ අනුව මෙම සංවිධානාත්මක කල්ලි අතරින් ටෙරීක් ඊ ලබබයික් පාකිස්තාන් විසින් 2021 ත් 2023 අතර කාලයේදී පාකිස්ථානයේ ව්‍යවස්ථාදායක තුල සහ ඉන් පිටතදී දේශපාලනික වශයේ එක්කාබද්ධව සිය කටයුතු කරගෙන යමින් සිටින බවටද වාර්තාවේ.
එමෙන්ම මෙහිදී ටෙරීක් ඊ තලේබාන් පාකිස්තාන සමඟද අදාල කණ්ඩායම් එක්කව ක්‍රියාකළ අතර ඔවුන් අර්ධ වශයෙන් ඇෆ්ගනිස්ථානයේ දේශසීමාවෙන් ඔබ්බට, එහි සම්ප්‍රදායික ගෝත්‍රික ප්‍රදේශවලින් ඔබ්බට, ඝන ජනාකීර්ණ තැනිතලා ප්‍රදේශවලට සිය කටයුතු ව්‍යාප්ත කර තිබිණි.
ඩෝන් පුවත්පත විසින් ඉකුත් අගෝස්තු 18 සම්පාදනය කරන ලද පසුගිය වසරේ සිදුවීම් පිළිබඳ සවිස්තරාත්මක ලැයිස්තුවක් පෙන්නුම් කරන්නේ ප්‍රදේශයේ මුස්ලිම් පූජකයන්ගේ සහයෝගය ලබා ගන්නා සහ ලිහිල් කාර්ය සාධනයෙන් ප්‍රතිලාභ ලබන මෙම කණ්ඩායම්වල ක්‍රියාකාරම් ඉතාම සීඝ්‍රෙයන් ඉහළ යන ආකාරයක් පෙන්නුම් කරන බවයි.
මෙහිදී බලපෑමට ලක් වන බහුතරය වන සුළු ජාතීන්, බොහෝ දුරට දුප්පත් සහ අඩු අධ්‍යාපන මට්ටමක් , සහ මානසික වශයෙන් අස්ථාවර ජනතාය පවා මෙහිදී අදාල කණ්ඩායම් විසින් ඉලක්ක කර ඇත. මෙහිදී මම කල්ලි විසින් ඉස්ලාම් ආගමට අපහාස කිරීමේ නීතිය වැරදි ලෙස භාවිතා කිරීමේ ක්‍රමවේදයකට අදවන විට මුස්ලිම් බහුතරයට වඩා මෙම ආගමික සුළුතරය ගොදුරු බවට පත්ව තිබේ.