වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (09) අත් අඩංගුවට ගත්තේය.
ඒ 2018 සිට 2022 වසර දක්වා වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස කටයුතු කරමින්, එම බලප්‍රදේශයේ විකිණීම සඳහා සංවර්ධන කරනු ලබන ඉඩම්වලට අනුමැතිය ලබාදීමට අදාළව අවස්ථා කිහිපයක දී රු.54,80,000/- (රුපියල් පනස්හතර ලක්ෂ අසූ දහස) ක මුදලක් ලබා ගැනීම සහ ඔහුගේ නිවසේ ඉදිකිරීමක් වෙනුවෙන් කොන්ත්‍රාත් සමාගමකට 12,50,000 ගෙවන්නට නියම කිරීම පිළිබඳව පුද්ගලයෙක් විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට කළ පැමිණිල්ලකට අනුවය.
පැමිණිලිකරු සිය පැමිණිල්ලේ සඳහන් කර තිබුණේ රුපියල් පනස් හතර ලක්ෂ අසූ දහසක මුදලක් පගා ලෙස ගැනීමෙන් නොනැවතී ඔහු පදිංචි නිවසේ, මිදුලේ කුට්ටිගල් (ඉන්ටර් ලොග්) ඇල්ලීම සිදු කළ කොන්ත්‍රාත් සමාගමට ගෙවිය යුතුව තිබූ රුපියල් 12,50,000/- (දොළොස් ලක්ෂ පනස් දහස) මුදලක් ද තමන්ට ගෙවීමට සිදුවූ බවය.
උක්ත අල්ලස් චෝදනා මත වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අතුකෝරල දොන් උදේනි ප්‍රියංග අද (09) පෙරවරුවේ අත් අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැ තිබිණි.
විමර්ශන අඛණ්ඩව පැවැත්වේ.








