වරාය අධිකාරියේ ඉහළ නිලයක් දරණ නිලධාරියකුට විරුද්ධව එහි වෘත්තීය සමිති නියෝජිත පිරිසක් ඉදිරියේදී නීති මගින් කටයුතු කිරීමට සැරසෙන බව ලංකාසරට වාර්තා වේ.
ඔවුන් පෙන්වා දෙන්නේ ඔහු වරාය අධිකාරියේ ක්‍රිකට් ක්‍රීඩා සමාජය වසර පහක් පමණ මුළුල්ලේ වෙනත් නමකින් පවත්වා ගෙන යාම නිසා වරාය අධිකාරියේ ක්‍රිකට් සමාජයට ලැබිය යුතු කෝටි ගණනක් අහිමි කර ඇති බවය.
වරාය අධිකාරියේ නමින් තිබූ සම්පත් බැංකු ගිණුම මොහු වෙනත් නමකින් තවමත් පවත්වාගෙන යන බවත් වරාය අධිකාරියේ හිටපු සභාපතිවරයකු හා එක්ව මොහු වරාය අධිකාරියේ ක්‍රිකට් ක්‍රීඩා සමාජය වෙනත් ආයතනයකට විකුණා ඇති බවත් මොවුහු පවසති.
මේ හේතුවෙන් මෙතෙක් ජනසතු සේවා ක්‍රිකට් සංගමයෙන් වරාය අධිකාරියට තහනමක්ද පනවා තිබීම නිසා තමන්ට ජනසතු සේවා ක්‍රිකට් සංගමය මගින් පවත්වන ක්‍රිකට් තරගාවලියටද ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිවී ඇති බවත් මොවුහු වැඩි දුරටත් පැවසූහ.
වරාය අධිකාරියේ ක්‍රිකට් ක්‍රීඩකයකු පැවසුවේ මේ හේතුවෙන් තමන්ට ප්‍රමුඛ පෙළ හෝ ජනසතු සේවා ක්‍රිකට් තරගවලට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වීමෙන් තම මානව හිමිකම් උල්ලංඝනය වීමක් සිදුව ඇති බවයි







