බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වරායෙන් පැන්නූ බව කියන කන්ටේනර් 323 ඇතුළෙ තියෙන්නේ අනාථවුන දේශපාලන කල්ලිවල අහිංසක බලාපොරොත්තු… උත්තර දෙන්න සීඅයිඩී ඒකටයි අධිකරණයටයි භාර දෙමු… ඇමති බිමල් කියයි!

by editor
ජූනි 9, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

වරායෙන් පැන්නූ බවට චෝදනා කරමින් ඇති කන්ටේනර් 323හි ඇත්තේ කන්ටේනර් ඇතුළෙ තියෙන්නෙ ඔය අනාථවූ දේශපාලන කල්ලිවල අහිංසක බලපොරොත්තු බව ප්‍රවාහන මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පැවසුවේය.  

රේගු දෙපාර්තමේන්තුව ඇත්තේ තමන් යටතේ නොව මුදල් අමාත්‍යාංශය යටතේ බව හෝ නොදන්නා සියල්ල දත් මාධ්‍ය නාලිකා දෙකට සහ කුලී වෙබ් ලියන්නටත් අනාථ වුන දේශපාලන කණ්ඩායම්වලටත් අවශ්‍ය පිළිතුර සැපයීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ අධිකරණයට භාර දී බලාගෙන සිටින බව ද ඇමතිවරයා කීවේය.

ඔහු අද විශේෂ වැඩසටහනකින් අනතුරුව ආන්දෝලනාත්මක කන්ටේනර් 323 පිළිබඳව මාධ්‍ය අමතා පැවසුවේ මෙවැන්නකි.

රේගුව මගේ යටතේ නෙමෙයි නෙ තියෙන්නේ. ඒක දැනගන්න තියෙන්නේ රේගුවෙන්. වරාය ඇතුළෙ රේගු දෙපාර්තමේන්තුව ක්‍රියාත්මකයි. රේගු දෙපාර්තමේන්තුව අයිති මුදල් අමාත්‍යාංශයට. රේගු දෙපාර්තමේන්තුව කටයුතු කරන්නේ ඔවුන්ගේ පනතකට අනුව. ඒ්ක තමයි පවතින පරණම පනත.

අපට කියන්න තියෙන්නේ මේකයි. අපි හැම දෙයක්ම දන්නේ නෑ නෙ. ඒත් ලංකාවෙ ජන මාධ්‍ය ආයතනයක් දෙකක් තියනවා, ඒ ගොල්ල ඔක්කොම දන්නවා. ඒ වගේම පඩි ගෙවලා වැඩ කරන සෝෂල් මීඩියාවල කීප දෙනෙක් ඉන්නවා සියල්ල දන්න. නමුත් ඔය හුඟක් දන්නෙත් නැ,  මගෙන් පාර්ලිමේන්තුවෙදි මේ සම්බන්ධව ප්‍රශ්නයක් ඇහුවා මන්ත්‍රීවරයෙක්… මට හොඳටම ෂුවර් එතුමා රේගුව කියන්නේ මොකක්ද වරාය කියන්නේ මොකක් ද කියලා දන්නෙ නෑ.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

රේගුව කියන්නේ මේ අවුරුදු 150-200ක් පැරණි දෙපාර්තමේන්තුවක්.
හැබැයි මේ අය බිල්ලො මවන්න හදනවා. ලෝකේ මොන වරාය ද සියලුම කන්ටේනර් පරීක්ෂා කරන්නේ. එතනින්නේ ප්‍රශ්නය පටන් ගන්න ඕන. පරීක්ෂා කරන්න පුලුවන්… පරීක්ෂා කරන්න පටන් ගත්තොත් මොකද වෙන්නේ… ඊට පස්සේ අනික් පැත්තෙන් කියනවා ලුණු හිඟයි, සීනි හිඟයි කියලා.

මේ රටේ රාජපකෂ යුගයෙන් පස්සේ වැළලිලා ගිය දේශපාලනයක් තියනවා. තාම ඒකෙ අවතාර ඉතිරි වෙලා තියනවා මාධ්‍ය ක්ෂේත්‍රයේ. ඒ අවතාර හිතනවා ජනතාව ගොනාට අන්දන්න පුලුවන් කියලා නොදන්න පුංචි පුංචි දේවල්වලින්.

ලෝකයේ ලොකුම වරායකවත් කොච්චර තාක්ෂණය තිබුණත් බහාලුම් සියල්ල පරීක්ෂා කරන්නෙ නෑ. අන්තර්ජාතිකව පිළිගත්තු ක්‍රමවේද තියනවා. අවුරුද්දු 10-15 තිස්සේ කම්පැනිවලින් කිසිම වැරැද්දකින් තොරව වංචාවකින් තොරව බඩු ගෙනාවට පස්සේ ඒ ගොල්ලන්ට අන්තර්ජාතිකවම ක්‍රමවේදයක් තියනවා,  ඒ අයගේ භාණ්ඩ ග්‍රීන් චැනල් එකේ එවන්නේ. ඒවා චෙක් කරන්නේ නෑ. දෙයක් හරියට කරන මිනිස්සුන්ට හරියාකාරව නීතිගරුකව කරන නිලධාරීන්ට එහෙම අවස්ථාවක් තිබිය යුතුයි. ඒක ලංකාවෙ විතරක් නෙමෙයි, ලෝකෙ පුරාම කරන දෙයක්.

වැලේ වැල් නැතිව ඉන්න නිසා විපක්ෂයටත් මොකක් හරි චාන්ස් එකක් තියෙන්න එපැයි. ඒගොල්ලන්ගේ අහිංසක බලපොරොත්තු තියෙන්නේ… කන්ටේනර් ඇතුළෙ තියෙන්නෙ ඔය අනාථ වේච්චි දේශපාලන කල්ලිවල අහිංසක බලපොරොත්තු. මේකෙන්වත් ගොඩ යන්න බලාගෙන.

මම හිතන්නේ සීඅයිඩි එකටයි අධිකරණයටයි අපි භාරදෙමු ඒකෙ අවසාන පිළිතුරු ලබා දෙන්න. ඇමතිවරයා කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වැඩ තහනම් කළ බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය අත් අඩංගුවට….

Next Post

ලක්දිව සංස්කෘතික දිශානතිය පෙන්වූ මිහිඳු හිමිගේ මුල්ම ධර්ම දේශනාව – චුල්ල හත්ථි පදෝපම සූත්‍රය

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.