කොළඹ ජාතික රෝහලේ දිනකට සිදුකරන රසායනාගාර , එක්ස්කිරණ, ස්කෑන්, එම්ආර්අයි, ඇතුළු පරික්ෂණයන් සඳහා දිනකට ලක්ෂ 50ක මුදලක් කොළඹ අවට පෞද්ගලික රෝහල්වලට ගෙවීමට සිදුව ඇතැයි කොළඹ ජාතික රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
අතුරු වෛද්‍ය සේවාවන් ආරම්බ කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් දිවයිනපුරා රෝහල්වල සිදුකරන පරික්ෂණයන් පෞද්ගලික රෝහල්වලින් සිදුකර ගැනීම හේතුවෙන් මෙම තත්ත්වය උදාවී ඇතැයි අප කළ විමසුමකට පිලිතුරු දෙමින් ජාතික රෝහලේ ප්‍රකාශකයෙක් අනාවරණය කළේය.
කොළඹින් පිට ඈත ප්‍රදේශවල පෞද්ගලික රෝහල් නොමැති වීම හේතුවෙන් එවැනි ප්‍රදේශවල රජයේ රෝහල්වලට ඇතුළත් කරන රෝගීන්ව පවා හදිසි පරික්ෂණයන් සිදුකර ගැනීමට කොළඹ ජාතික රෝහල් වෙත මාරුකර එවීම හේතුවෙන් මෙම තත්ත්වය වඩාත් උග්‍රවී ඇතැයිද එම ප්‍රකාශකයා වැඩිදුරටත් සදහන් කළේය.
පෞද්ගලික රෝහල් වෙතින් සිදුකර ගන්න පරික්ෂණයන් සදහා සෞඛ්‍ය අමාත්‍යංශය මුදල් ගෙවීමක් සිදු කරන්නේ මාස තුනක පමණ කාලයකින් පසුව බැවින් එම රෝහල් අදාල පරික්ෂණයන් සදහා අයවිය යුතු මුදලට ප්‍රමාද ගාස්තුද ඇතුළත් කිරිම හේතුවෙන් දෛනිකව ලක්ෂ 50කට අධික මුදලක් ගෙවීමට සෞඛ්‍ය අමාත්‍යංශයට සිදුව ඇතැයි ඔහු පවසුවේය.







