සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වරදකරුවෙක් අත් අඩංගුවට ගැනීමට පුරවැසියන්ට නීතිමය බලයක් තිබේ ද?…

by editor
නොවැම්බර් 3, 2025
in පුවත්
arrested
Share on FacebookShare on Twitter

ලොකු කුමා විසිනි –

පසුගිය දිනයක අන්තර්ජාලයේ තිබූ වීඩියෝ පටයකින් පොලීසිය සමග ආරවුලක් ඇති කරගන්නා කාන්තාවක    පිළිබඳව අනාවරණය කෙරිණි. රථ වාහන වරදක් සම්බන්ධයෙන් එම කාන්තාව පැදවූ වාහනය පොලීසිය විසින් නතර කළ විට ඇය ඉතා ආවේග ශීලී ප්‍රතිචාරයක් දැක්වෙන ආකාරය එහි දකින්නට තිබුනි. පොලිස් නිළධාරීන්ට ඒ කාන්තාව අත්අඩංගුවට ගැනීමට හැකියාවක් නොතිබූ නිසාම ඇය දිගින් දිගටම පොලීසියට අවනත  නොවන ආකාරයට හැසිරුනාය. මෙහිදී ඇය තමන්  මෙරට ඡ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරියෙකුගේ සහෝදරියක බව ප්‍රකාශ කරමින් එහි රාජකාරි කළ පොලිස් නිළධාරීන් බිය වැද්දීමටද උත්සාහ කෙරුවාය.

කෙසේ  වෙතත් මේ කාන්තාව   පොලීසියේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාව යටතේ අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

මෙරට රථවාහන වැරදි කරන්නන්  බොහෝ දෙනෙකු රථවාහන පොලිස් නිළධාරීන් ගේ  දඬුවමෙන් ගැලවීමට තමන් හා ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරීන් සමග පවතින සම්බන්ධතාවන් හෙළිදරව් කිරීම බොහෝ විට අසන්නට  ලැබේ‍ .එහෙත් බොහෝ පොලිස් නිළධාරීහු එවැනි අනියම් බිය වැද්දීම් ගණන් නොගනිති.

පොදු ස්ථානයක වරදක් කරන පුද්ගලයකු අත් අඩංගුවට ගැනීමට පොලීසිය පැමිණෙන තුරු බලා සිටීම අවශ්‍ය නොවන බව බොහෝ දෙනා නොදනී. කිසියම් තැනැත්තකු වැරැද්දක් කරන බව දකින විට වැඩි දෙනා කරන්නේ 119 දුරකථන අංකයට ඇමතුමක් ගෙන ඒ ගැන පැමිණිලි කිරීමය.

එහෙත් යම් වරදක් කරන තැනැත්තකු අත් අඩංගුවට ගැනීමට මෙරට ඕනෑම පුරවැසියෙකුට නීතිමය බලයක් හිමිව පවතී.

RelatedPosts

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

අපරාධ නඩු විධාන සංග්‍රහයේ  35 වගන්තියේ සඳහන්ව ඇත්තේ එම විධානයන්ය. ඒ මෙසේය.

  • යම් පෞද්ගලික තැනැත්තකු විසින් තමන් ඉදිරිපිටදී සංඥය වරදක් කරන හෝ වරදකරුවකු ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබ සිටින හෝ පැන දුවන්නා වූ ද සංඥය වරදක් කළ තැනැත්‍තෙකැයි සාධාරණව තමා සැක කරන්‍නාවූ ද යම් තැනැත්තකු සිර භාරයට ගත හැකිය. ඔහු විසින් සිර භාරයට ගනු ලැබූ තැනැත්තා අනවශ්‍ය ප්‍රමාදයකින් තොරව ආසන්නතම සාම නිළධාරියා වෙත භාර දිය යුතුය. සාම නිළධාරියකු නොමැති නම් ඒ තැනැත්තා ආසන්නතම පොලිස් ස්ථානයට ගෙන යා යුතුය. එවැනි තැනැත්තකු 32 වන වගන්තියේ විධිවිධාන යටතට පත් වන්නකු බව විශ්‍වාස කිරීමට  හේතු තිබේ නම් සාම නිළධාරියකු විසින් ඔහු නැවත සිර භාරයට ගත යුතුය.

මෙහි දැක්වෙන 32 වන වගන්තියේ දැක්වෙන්නේ වරෙන්තුවක් නොමැතිව සාම නිළධරයන් විසින් සිර භාරයට ගත හැකි අවස්ථාවන්ය.

32(1 )මහේස්ත්‍රාත්වරයකු ගේ ආඥාවක් නොමැතිව සහ වරෙන්තුවක් නොමැතිව යම් සාම නිළධාරියකු විසින්,

  • (අ) තමන් ඉදිරිපිට සාමය කඩ කිරීමක යෙදෙන යම් තැනැත්තකු,
  • ආ) යම් සංඥය වරදකට සම්බන්ධ වූ තැනැත්තකු හෝ එසේ සම්බන්ධ වූ බවට යම් තැනැත්තකුට විරුද්ධව සාධාරණ පැමිණිල්ලක් තිබේද නැතහොත් ඒ බවට යම් තැනැත්තකුට විරුද්ධව විශ්වාස කටයුතු තොරතුරු ලැබී තිබේද නැතහොත් ඒ බවට යම් තැනැත්තකු සම්‍බන්ධයෙන් සාධාරණ සැකයක් පවතීද එවැනි යම් තැනැත්තකු,
  • (ඇ)නිත්‍යනුකූල හේතුවක් නොමැතිව
  • (හේතුවක් තිබේ නම් ඒ හේතුව ඔප්පු කිරීමේ කාර්ය භාරය ඒ තැනැත්තා වෙත පැවරී ඇත) ගෙවල් බිඳින උපකරණයක් තම සන්තකයේ තබා ගෙන සිටින යම් තැනැත්තකු,
  • (ඈ) වරද කරන්නකු ලෙස ප්‍රකාශයට පත් කොට ඇත්තකු ඇත්තා වූ යම් තැනැත්තකු,
  • (ඉ) සොරකම් කරන ලදැයි හෝ වංචනික ලෙස ලබා ගන්නා ලදැයි සාධාරණව සැක කළ හැකි යම් දෙයක් තම සන්තකයෙහි තබා ගෙන සිට අසු වූද ඒ දෙය සම්බන්ධයෙන් වරදක් කළේ යැයි සාධාරණව සැක කරනු ලබන්නා වූද යම් තැනැත්තකු,
  • (ඊ) ස්‍වකීය රාජකාරයේ යෙදී සිටින සාම නිළධාරියෙකුට බාධා කරන හෝ නිත්‍යනුකූල අත් අඩංගුවෙන් පැන ගිය හෝ පැන යාමට තැත් කරන යම් තැනැත්තකු ,
  • (උ) ශ්‍රී ලංකා යුද හමුදාවෙන් නාවුක හමුදාවෙන් හෝ ගුවන් හමුදාවෙන් පළා යන්නකු යයි සාධාරණව සැක කරනු ලබන යම් තැනැත්තකු,
  • (ඌ )සංඥය වරදක් කිරීමේ අදහසින් තමා සිටින බව සැඟවීමට පූර්වෝපාය යොදමින් සිටි යයි විශ්වාස කිරීමට හේතු ඇති කරවන අවස්ථා යටතේ පූර්වෝපාය යොදමින් සිට අසුවූ යම් තැනැත්තකු,
  • (එ)ශ්‍රී ලංකාවේදී කරනු ලැබී නම් වරදක් වශයෙන් ගෙන දඬුවම් කළ හැකි වූද උදර්පනය හෝ පලායිත තැනැත්තන් හෝ පිළිබඳ තත් කාලයේ වලංගුව පවත්නා යම් නීතියක් යටතේ
  • නැතහොත් වෙනත් ආකාරයකින් ශ්‍රී ලංකාවේදී අල්ලා ගනු ලැබීමට හෝ අත් අඩංඟුවේ රඳවා තැබීමට යටත් වූද වරදක් වන ක්‍රියාවක් ශ්‍රී ලංකාවෙන් පිටත යම් ස්ථානයකදී කිරීමට සම්බන්ධ වූ තැනැත්තකු හෝ එසේ සම්බන්ධ වූ බවට යම් තැනැත්තකුට විරුද්ධව සහේතුක පැමිණිල්ලක් කරනු ලැබ ඇත්තේද නැතහොත් යම් තැනැත්තකු එසේ සම්බන්ධ බවට විශ්වාස කටයුතු තොරතුරක් ලැබී ඇත්තේද නැත  හොත් යම් තැනැත්තෙකුට විරුද්ධව සාධාරණ සැකයක් ඇතිවී ඇත්තේද , එවැනි යම් තැනැත්තකු සිර භාරයට ගත හැකිය.

මින් අවධාරණය කෙරෙන වැරදි කරන්නන් ඕනෑම පුරවැසියෙකුටද අත් අඩංගුවට ගත හැකි බව සියළුම පුරවැසියන් දැනුවත්ව සිටීම වටී.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වෙඩි තබා පුද්ගලයෙක් ඝාතනය කරලා…

Next Post

හම්බන්තොට අලි පැන්නීම ඓතිහාසික වැරද්දක් පුනරුච්ඡාරණය කිරීම ද?… හම්බන්තොට අලි අපරාධය ගැන සටහනක්…

Related Posts

dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026
පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
dengue-death

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !
  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.