අද (2) රාත්‍රියේ සිදු වූ වෙඩිතැබීමකින් එක් අයෙක් මියගොස් තිබේ.
හොරණ අක්කර 12 සිරිල්ටන් වත්ත ප්‍රදේශයේ මෙම වෙඩි තැබීම සිදුවී ඇති අතර පොලිසිය පවසන්නේ පුද්ගලික ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවය.
පෞද්ගලික ආරවුලක් මත මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව වාර්තා වේ.
වෙඩි තැබීම සිදුකර ඇත්තේ බෝර 12 වර්ගයේ ගිනිඅවියකිනි. ඝාතන සැකකරු මේ වනවිට හොරණ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
හොරණ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.







