විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 20 දෙනෙකුට අධික ප්‍රමාණයක් තම ආරක්ෂාව සඳහා ගිනි අවි ලබා දෙන්නැයි පාර්ලිමේන්තු මහලේකම්වරියගෙන් ලිඛිතව ඉල්ලීම් කර ඇතැයි අනාවරණය වේ.
එසේ ඉල්ලීම් කර ඇති මන්ත්‍රීවරුන් විසි දෙනාගේ ඉල්ලීම් ආරක්ෂක අමාත්‍යාංශය වෙත යොමු කර තිබේ.
මේ සම්බන්ධව අපරාධ විශ්ලේෂණ වාර්තා පරීක්ෂා කිරීමෙන් අනතුරුව පිස්තෝල ලබා දීමට කටයුුතු කරන බවත් ඊට අදාල අපරාධ විශ්ලේෂණ වාර්තා අධ්‍යයනය කරමින් සිටින බවත් වාර්තා වේ.
මූලික අධ්‍යයනවලදී අනාවරණය වී ඇත්තේ විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්ට තර්ජන එල්ල වී ඇත්තේ ඔවුන්ගේම පාක්ෂිකයන්ගෙන් බවයැයි නිවුස් ෆස්ට් වාර්තා කර ඇත.
කෙසේ වෙතත් ආණ්ඩුවේ කිසිම මන්ත්‍රීවරයෙක් ආරක්ෂාව සදහා ගිනි අවි ඉල්ලා නැති වීම විශේෂය.







