බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වකුගඩු රෝග දැඩි අවදානමක් ඇති දරුපැටව් ඇතුලු  25000කට බොන්න මාස 5ක් අසූචි මිශ්‍ර කුණු වතුර බෙදලා…

by editor
මැයි 23, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –  

දිඹුලාගල ප්‍රාදේශීය සභාව මගින් නඩත්තු කරන සිරිපුර, දිඹුලාගල, නුවරගල, වෙහෙරගල යන ජල පාරිභෝගික සේවා මධ්‍යස්ථානවලින් නිකුත් කරන ජලය ඉතා අපිරිසිදු අසූචි මිශ්‍ර ජලය බවත්, එම ජලය පරිභෝජනයට නොගෙන වෙනත් විකල්ප ක්‍රමයකට යන ලෙසත් මහජන පරීක්ෂකවරු  එම ජල පරිභෝජනය කරන 25000කට අධික ජනතාවක් වෙත දන්වා තිබේ.

ක්ලෝරීන් කල් ඉකුත් වී ඇති අයුරු…

මීට ප්‍රධාන හේතුව වී ඇත්තේ ඉකුත් ජනවාරි මස 01 දා සිට මේ දක්වා  මෙම ජලය පිරිපහදු කිරීම සඳහා යොදා ගන්නා ක්ලෝරීන් කල් ඉකුත් වී තිබිම බව පසුව කළ නිරීක්ෂණයක දී හෙළි වී ඇත. එහෙත් විකල්පයක් නැති ජනතාව මෙම ජලය පරිභෝජනය කිරීම ඛේදවාචයක් බව මහජන සෞඛ්‍ය අංශ කියයි.

මෙම ජල අපවිත්‍රතාවයට හේතු විමසා යෑමේ දී   දිඹුලාගල ප්‍රාදේශීය සභාව විසින් මිලදි ගත්  ක්ලෝරීන් කිලෝ 50 ඇසුරුම්වල  2022 ජනවාරි 01 වෙනිදා කල් ඉකුත් වන බවට මුද්‍රණය කරති තිබුණද එය මත කල් ඉකුත්වන දිනය ලෙස 2026 සහ 2027 වර්ෂ සඳහන් කරමින් ස්ටිකරයක් අලවා ඇති අයුරු මහජන පරීක්ෂකවරුන් විසින් නිරීක්ෂණය කර ඇත.

කල් ඉකුත් වූ දිනය වැසෙන සේ ව්‍යාජ දිනයක් සහිතව අලවා ඇති ස්ටිකරය..

මේ අපරාධය පිළිබඳ  විමසීමට අප අද ( 23 )    සිරිපුර ජල පාරිභෝගික සේවා මධ්‍යස්ථානයට ගිය විට අද දිනයේ ද මෙම කල් ඉක්තු වූ ක්ලෝරින් ග්‍රෑම් 500 ක්    සිරිපුර ජල ටැංකිවලට යොදා ඇති බවට පොත්පත්වල සටහන් කර තිබිණි,

“මේ පිළිබඳවව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කිහිප දෙනෙකුගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඔවුන් පැවසුවේ මේ සම්බන්ධයෙන් දිඹුලාගල ප්‍රාදේශිය සභාවේ අදාළ බලධාරීන් දැනුවත් කළ නමුත් මේ අපරාධය මෙතෙක් නතර වී නැති බවය. ,  මේ සම්බන්ධ ජල මූලාශ්‍ර පරීක්ෂාවෙන් අනතුරුව එය බීමට නුසුදුසු තත්වයේ පවතින ජලය බවට තහවුරු වී ඇති බැවින් ජනතාවට මේ ජලය පරිහරණයෙන් හැකිතාක් දුරට වැලකි සිටින්නැයි දැනුම් දී ඇති බවත් ඔවුහු පැවසූහ.

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජනතාව සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් නගන මෙම චෝදනා සම්බන්ධයෙන්   ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති ජගත් සමරවික්‍රම අද  දිඹුලාගල සහ වෙහෙරගල ජල පාරිභෝගික මධ්‍යස්ථානවලට නිරීක්ෂ යෙදුනේය.

එහිදීත්  අනාවරණය වී ඇත්තේ  තවමත් කල්  ඉකුත් වූ ප්‍රමිතියෙන් තොර  ක්ලෝරින් මෙම ජල ටැංකිවලට යොදන බවය.

දිඹුලාගල ජල පාරිභෝගිකයින්   විසිපන්දහසකට සිදුකරන අපරාධය පිළිබඳව තමා දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී කතා කළ බවත්, මේ පිළිබඳව උතුරු මැද පළාත් පාලන කොමසාරිස් වරයාත් දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයාත් දැනුවත් කළද තවමත් නිසි ක්‍රියාමාර්ගයක් ගෙන නැති බවත් දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරයා කීවේය.

සිරිපුර ජල ව්‍යාපෘතියෙන් බීමට බෙදා හරින කුණු ජලය සහිත ටැංකි…

තවමත් එම නිලධාරීන් සිදු කරන වැරදි ක්‍රියා නිසා ජනතාව අකාලයේ රෝගීන් සහ වකුගඩු රෝගීන් බවට පත්වන බවද මන්ත්‍රීවරයා පැවසුවේය.

දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ ස්වාමීන් වහන්සේලා කිහිපනමක් සමග ජගත් සමරවික්‍රම මහතා මේ පිළිබඳව කරුණු සොයා බැලීමට දිඹුලාගල ප්‍රාදේශීය සභාවට ගිය විටදී එහි ලේකම් එස්,එම්.කේ,වීරකෝන්   සඳහන් කළේ මේ පිළිබඳව ක්ලෝරීන් ලබාගන්නා ආයතන දැනුවත් කර ඇති බවයි.

ජල පාරිභෝගික ජනතාවට සිදුකරන මෙම අපරාධය පිළිබඳව අප උතුරු මැද පළාත් පාලන කොමසාරිස් එන්,එච්,ආර්. නිශාන්තගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු එම දුරකථන ඇමතුම පොලොන්නරුව පළාත් පාලන සහකාර කොමසාරිස් ජෙ,එම්,අමීන්ට යොමු කළේය.

ඔහු සඳහන් කළේ අදාල වෙළඳ ආයතනය කල් ඉකුත් වූ දිනයට උඩින් වෙනම වර්ෂය දීර්ඝ කරමින් ස්ටිකරයක් අලවා ඇති බවත්, ඒ පිළිබඳ දැන් ගත්තේ මෑතකදී බවත්ය.

කෙසේ වෙතත් එම වෙළෙඳ ආයතනයට නඩු පැවරීමට පියවර ගෙන ඇති බව පළාත් පාලන සහකාර කොමසාරිස් ජෙ,එම්,අමීන් කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලෝක කුසාලනයට ක්‍රීඩා කරන්න ශ්‍රී ලංකා කණ්ඩායමට ගහන්න වෙන ගේමෙ තරම…

Next Post

අරන්දික ලියුම් ලියා රට ඇතුළට ගත් හොර පාස්පෝට් චීනාව ටිරාන් රටින් පන්නයි!

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.