බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලෝක සාම පා ගමනේ වඩින සිල්වත් භික්ෂූන් වහන්සේ වොෂින්ටන් ඩී.සී. හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් හරසරින් පිළි ගනී!

by editor
පෙබරවාරි 12, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ලෝක සාමය ප්‍රාර්ථනා කරමින් ඇමෙරිකා එක්සත් ජනපදය පුරා සංචාරය කරන ‘සාමය සඳහා වූ පා ගමන’ (Walk for Peace) සහ ඊට වැඩම කළ මහා සංඝරත්නය පිළිගැනීමේ විශේෂ උත්සවයක් පසුගිය පෙබරවාරි 10 වන දින වොෂින්ටන් ඩී.සී. හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් පවත්වන ලදී.

එක්සත් ජනපදය ඇතුළු ලොව පුරා බැතිමතුන්ගේ අවධානය දිනාගත් මෙම පා ගමනට වැඩම කළ බෞද්ධ භික්ෂූන් වහන්සේලා 200 කට අධික නමක් උදෙසා දහවල් දානය පිරිනැමීම මෙහි ප්‍රධාන අංගය විය.

වොෂින්ටන් ඩී.සී., මේරිලන්ඩ් සහ වර්ජිනියා යන ප්‍රාන්තවල වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවගේ දායකත්වයෙන් ජාතික එක්සත් මෙතෝදිස්ත දේවස්ථානයේදී (National United Methodist Church) මෙම දානමය පින්කම සංවිධානය කර තිබූ අතර, ඒ සඳහා සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික ආහාර පාන සැපයීමට තානාපති කාර්යාලය පියවර ගෙන තිබුණි.

මෙම වැඩසටහනට සමගාමීව වොෂින්ටන් ජාතික ආසන දෙව්මැදුරේ (Washington National Cathedral) පැවති අන්තර් ආගමික උත්සවයක් සංවිධානය කර තිබිණි.  සාම පා ගමනට සහයෝගය දැක්වීම සඳහා දෙව්මැදුර වටා දහස් සංඛ්‍යාත ජනතාවක් රොක්ව සිටීම විශේෂත්වයකි.

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

පා ගමනේ නිරත වූ මහා සංඝරත්නය තානාපති කාර්යාලය ඉදිරිපිට පිහිටි විශේෂ පිළිගැනීමේ පරිශ්‍රය වෙත වැඩම කළ අවස්ථාවේදී, තානාපතිවරයා ඇතුළු කාර්ය මණ්ඩලය විසින් උන්වහන්සේලා ඉතා භක්තියෙන් යුතුව පිළිගනු ලැබීය.

එහිදී තානාපති මහින්ද සමරසිංහ   විසින් මහා සංඝරත්නය වෙත අටපිරිකර පූජා කළ අතර, පූජ්‍ය පඤ්ඤාකර හිමියන්ගේ සිවුර මත ශ්‍රී ලංකා ජාතික ධජය සහිත ලාංඡනයක් පැලඳවීම ද සිදු කරන ලදී.

තානාපති කාර්යාල නිලධාරීන් සහ ශ්‍රී ලාංකික ප්‍රජාව මල් පූජා කරමින් පා ගමනට ආචාර කළ අතර, එහි ගමන් ගත් සියලුම බැතිමතුන් වෙත පානීය ජලය බෙදා දීමට ද කටයුතු යොදා තිබුණි.

වැඩසටහන අවසානයේ තානාපතිවරයා ප්‍රමුඛ තානාපති කාර්යාල කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලාංකික ප්‍රජාව ද භික්ෂූන් වහන්සේලා සමඟ එක්ව සාම පා ගමනේ යෙදෙමින් සිය සහයෝගීතාවය ප්‍රදර්ශනය කළහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කැනඩාව මළ ගෙයක් කළ සමූහ ඝාතනය සිදුකළේ 18 හැවිරිදි ලිංගික සංක්‍රාන්තික තරුණියක්…

Next Post

ඕමානයට එරෙහිව  ශ්‍රී ලංකාවෙන් වාර්තාගත ජයක්!

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.