අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලෝක විලිලජ්ජාවක් වූ   නිව්යෝර්ක් රූ රැජන තරගයේ මරා ගැනීමට මුල තරගකාරියකගේ පෙම් හුටපටයක්..

by editor
ඔක්තෝබර් 24, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර සවුත් බීච් වැන්ඩර්බිල්ට් හි පැවති “මිස් ශ්‍රී ලංකා නිව්යෝර්ක්” තරගය අතරතුර අපකීර්තිමත් ගැටුම ඇති වී තිබෙන්නේ  එම තරගයට සහභාගි වූ තරගකාරියකගේ හිටපු පෙම්වතා සහ වත්මන් පෙම්වතාගේ පාර්ශව දෙක අතර බව හෙළි වී තිබේ.  

මෙම ගැටුමක් හේතුවෙන් පිළිගැනීමේ ශාලාවට දැඩි අලාභහානි සිදු වී තිබිනි.

නිව්යෝර්ක් හි ස්ටැටන් අයිලන්ඩ් සහ ක්වීන්ස් යන ප්‍රදේශවල ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ගේ පාර්ශ්ව දෙකක් අතර මෙම ගැටුම හටගෙන තිබේ.

සිද්ධියෙන් පසු ස්ටේටන් අයිලන්ඩ් හි පිහිටි සුඛෝපභෝගී උත්සව ශාලා පහම නිවේදනයක් නිකුත් කරමින් කියා ඇත්තේ ඉදිරියේදී ශ්‍රී ලාංකිකයන් විසින් සංවිධානය කරන කිසිදු උත්සවයක් සඳහා තමන් විසින් පහසුකම් සලසා දෙන්නේ නැති බවය.


උත්සව ශාලාව ආසන්නයේ බෞද්ධ විහාරස්ථානයක් ද පිහිටා ඇති අතර කඨින පිංකම් පැවැත්වෙන කාලය තුළ විහාරස්ථානය අසල කිසිදු මහජන රැස්වීමක් නොපැවැත්විය යුතු බවට ද එම විහාරස්ථානය නිවේදනය කර ඇත.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ගැටුමෙන් පනස් දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇත. ශාලාවේ සිටි ආරක්ෂක නිලධාරීන් ගැටුමට සම්බන්ධ සියලු දෙනා එම ස්ථානයෙන් ඉවත් කර තිබේ.

ශාලාවෙන් පිටතදී පුද්ගලයන් ගැටුණු ආකාරය දැක්වෙන වීඩියෝවක් ගණනාවක් මේ වනවිට සමාජ මාධ්‍ය වෙබ් අඩවිවල සංසරණය වෙමින් ඇත. ශාලාව අවට විසිතුරු වීදුරු භාණ්ඩ ඇතුළු සියලු භාණ්ඩවලට පැමිණි පිරිස්  අලාභහානි කරන අයුරු දක්නට ලැබේ.

ගැටුම පිලිබඳ චෝදනා ගොනු නොකිරීමට දෙපාර්ශ්වය එකඟ වීම නිසා පොලිසිය පැමිණියත්  කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැත.

නිව් යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත මොහාන් පීරිස් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම උත්සවයට සහභාගී වී තිබේ.    ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු මෙම අවස්ථාවට අනුග්‍රහය දක්වා ඇති බව වාර්තා වේ.

ඇන්ජලියා ගුණසේක

තරඟකාරියන් 13 දෙනෙකු පරදවමින් ප්‍රථම වරට ශ්‍රී ලංකා නිව්යෝර්ක් රූ රැජින ලෙස කිරුළු පැළඳීමට ඇන්ජලියා ගුණසේකර සමත් වූවාය.

සවන්දි ද සිල්වා,   මිත්මා දිසානායක,  අනුකි ප්‍රනාන්දු,   චාමික ගුණවර්ධන,  ඇන්ජලියා ගුණසේකර,  නිතුලි හේවාගම,  දිල්මි කපුගේ,  ඩැෆ්නි කරවිට,  තරුෂි කපුගේ,  දක්ෂි සිල්වා,  අමන්දා විපුල්,  අමායා වනිගරත්න,  චාමි යාපා,  ෂල්කි ප්‍රනාන්දු,  රූ රැජන තරගයට ඉදිරිපත් වී සිටි තරගකාරියෝ වූහ.

මෙම අවස්ථාවට 300 කට අධික පිරිසක් පැමිණ ඇත.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගුවන් සේවිකාවගේ කසාද සහතිකේ සොයන්න ඇමති නිමල් සිරිපාලගෙන් කමිටුවක් ?

Next Post

22න් බල ගැන්වෙන පොලිස් කොමිසම හාන්සියි?. කොමිසමට නම් තේරීම කුප්‍රකට පොලිස් ලොක්කෙක් පවරාගෙන….

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.