FIFA විසින් මේ වසරේ ජනවාරි 21 වැනිදා අත්හිටවනු ලැබූ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සාමාජිකත්වය යළි ලබා දී තහනම ඉවත් කිරීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය පියවර ගෙන තිබේ.
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය ඊයේ (27) දින මෙම තීන්දුව ගෙන තිබේ.
ජාත්‍යාන්තර පා පන්දු සම්මේලනය ශ්‍රී ලංකා ක්‍රීඩා බලධාරීන්ට දන්වා තිබූ කරුණු සම්බන්ධයෙන් මෙරට ක්‍රීඩා අමාත්‍යාංශය දැක්වූ යහපත් ප්‍රතිචාරය සම්බන්ධයෙන් සලකා බලා මෙම තීන්දුව ගත් බව එම සම්මේලනය පවසයි.
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය සැප්තැම්බර් 29 වනදා පවත්වන බවට මෙරට ක්‍රීඩා බලධාරීන් පොරොන්දු වී ඇති අතර එතෙක් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන බව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය නිකුත් කර ඇති ලිපියේ වැඩිදුරටත් දැක්වේ.