ලෝකයේ ශ්‍රී ලංකාවටම ආවේණික කෝපි විශේෂයක් ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගෙන පවත්වාගෙන ගිය දිගන මහබේරියතැන්න NLDB ගොවිපළට අනුබද්ධ කෝපි අවහන්හල සංචාරක ආකර්ශනය වැඩිවන ආකාරයෙන් සැලසුම් කිරීමට රජයේ අවධානය යොමු වී තිබේ.
ලෝකයෙන්ම ශ්‍රී ලංකාවට පමණක් ආවේණික කෝපි විශේෂයක් ප්‍රවර්ධනය කිරීම ඉලක්ක කරගෙන පිහිටුවා පවත්වාගෙන පැමිණි මෙම අවන්හල සැලසුම් සහගතව දියුණු කිරීමටත්, ලංකාවට ආවේනික කෝපි ප්‍රභේදයන් ඉහළ තාක්ෂණික සහ ගුණාත්මක බවකින් යුතුව වැඩිදියුණු කිරීමටත් රජය පාර්ශවයෙන් කළ හැකි උපරිම මැදිහත්වීම සිදුකරන බවට කෘෂිකර්ම පශු සම්පත් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත පොරොන්දු වී ඇත.
අමාත්‍යවරයා මෙම ගොවිපලේ කළ නිරීක්ෂණ සංචාරයක දී මේ පිළිබඳව නිලධාරින් සමග ද දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.







