ලෝකයේ විශාලතම ගුවන් යානය AN-225 ම්‍රියා (Mriya) ය. ඇය හැඳින්වූයේය යුක්රේනයේ සිහිනය ලෙසය. රුසියානු හමුදාව කියෙව් අග නගරය අසල Gostomal ගුවන්තොටුපලේ දී ඊයේ ඇයව විනාශ කළේය.
මේ පිළිබඳව යුක්රේන වැසියන් අසීමිත කම්පනයෙනි. එය ඔවුනගේ භූමිය හා නිදහසේත් අභිමානයේත් සංකේතයට එල්ල කළ පහරක් සේය.

රුසියානුවන් ම්‍රියා විනාශ කළේය. නමුත් ඔවුන්ට කිසිවිටෙකත් අපේ ශක්තිමත් නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී යුරෝපීය රාජ්‍යයක ස සිහිනය විනාශ කළ නොහැකිය. අපි ජයගනිමු. දිමිත්‍රි කුලේබා නැමැති යුක්රේන ජාතික තරුණයා කියා තිබිණි.
තවත් යුක්රේන තරුණයෙක් මෙසේ සිය සමාජ මාධ්‍ය ගිනුමේ සටහන් කර තිබිණි.
“ අපි නැවත ඒ ගුවන් යානය ගොඩනගමු. ඒ අපේ සිහින පූර්ණ වශයෙන් සැබෑ කරගන්නා ශක්තිමත් නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී යුක්රේනයක් තුළය.“








