බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලේක් හවුස් එකෙන් ලක්ෂ ගණන් පඩි ගත් බව කෝප් කමිටුවේ දි අනාවරණය වූ කෙහෙළියගේ උපදේශකයින් 02 සඳගල පුරාවස්තු කොල්ලයේ ප්‍රධාන චූදිතයින් බව හෙළි වෙයි!

by editor
ජූනි 10, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

හිටපු ජනමාධ්‍ය ඇමති  කෙහෙළිය රඹුක්වැල්ල විසින් උපදේශකයන් ලෙස  2020.12.07  දින සිට  ලේක් හවුස් ආයනයට බඳවාගෙන උපදේශ දීමනා ලෙස ලක්ෂ 18කට වැඩි මුදලක් ලේක් හවුස් ආයතනයෙන් ගෙවා ඇත්තේ මහනුවර ඓතිහාසික සඳගල සොරකම් කර කුඩු කිරීමේ නින්දා සහගත අපරාධය සම්බන්ධයෙන් චෝදනා ලද පුද්ගලයින් දෙදෙනෙකුට බව හෙළි වී ඇත.

කුණ්ඩසාලේ කීර්ති ශ්‍රී රාජසිංහ මාළිගාවේ පිහිටි ටොන් එකකට බරැති මේ  පුරාවස්තුව සොරකම් කරගෙන පැමිණ එහි නිධානයක් ඇතැයි සැකයෙන් කුඩු කර සිදුකළ අපරාධයට සම්බන්ධව මේ පුද්ගලයින් චෝදනාවට ලක් වූ අතර ඉන් එක් අයෙක් මෙම අපරාධයේ ප්‍රධානම චූදිතයා වූයේය.

සඳගල  කොල්ලයට සම්බන්ධ බවට පොලිසිය මුල සිටම හඳුනාගෙන   සිටි ප්‍රධානම චූදිත  පුද්ගලයා   කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාගේ     අරුප්පොල පදිංචි  ව්‍යාපාරික සම්බන්ධීකරණ ලේකම්වරයෙක් ලේක් හවුස් ආයතනයට අනුයුක්ත කර උපදේශකයෙක් ලෙස වැටුප් ගෙවා තිබිණි. ඔහු එම ආයතනයේ පස් පාගා නැති බව ලෙක් හවුස් ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ග කිවේය.

සඳගල අපරාධය සම්බන්ධ  විමර්ශනය නුවරින් ගැලවී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරුණ අවස්ථාවේ සිට  ප්‍රස්තුත  තැනැත්තා අරුප්පොල නිවසින් අතුරුදහන්ව  ඇමතිවරයාගේ රැකවරණයේ සිටි බව බුද්ධි අංශ වාර්තා කර තිබුණේය.

මෙම සම්බන්ධීකරණ ලේකම්වරයා සිය ඩිෆෙන්ඩර් රථය යොදාගෙන මෙම සොරකමට ආරක්ෂාව සැලසූ ආකාරය සීසීටීවී දර්ශනවල සටහන්ව තිබිණි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

සඳගල සොරකමට ඩිෆෙන්ඩර් රථයෙන් පැමිණි හැටි….

පසුව කළ විමර්ශන වලදී මෙම පුරාවස්තුව ගැලවීම සඳහා යොදා ගත් බූම් ට්‍රක් රථය ද මෙම පුද්ගලයාට හිමි එක්ක බව හෙළි විය.

කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයාගේ නියමයෙන් උපදේශකයෙක්  ලෙස ලේක් හවුස් ආයතනයෙන් පඩි ලැබූ අනෙක් පුද්ගලයා නිධානයක් ඇතැයි උපකල්පනය පිට   සඳගල කුඩු කළ පසු එම විනාශ වූ ගල් කැබලි වරාතැන්නෙන් මහවැලි ගඟට විසි කළ තැනැත්තෙක් බව පොලිසිය කීවේය.

පසුගිය දා පැවති කෝප් කමිටුවේ දී මේ සම්බන්ධව කළ ප්‍රශ්න කිරීමේ දී අතිරේක සාමාන්‍යාධිකාරී මුදල් විසින් ප්‍රකාශ කළේ ඇමතිවරයාගේ නිර්දේශ අනුව අධ්‍යක්ෂ මණ්ඩලයේ නිර්දේශ මත මෙම පුද්ගලයින් දෙදෙනාට වැටුප් ගෙවීම සිදුකර ඇති බවය.

කෝප්කමිටු සභාපති මහාචාර්ය රන්ජිත් බණ්ඩාර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර විසින් සිදුකළ ප්‍රශ්නකිරීම්වලදී ලේක්හවුස් සභාපති සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනුෂ පැල්පිට ප්‍රකාශ කළේ  මේ අවස්ථාවේ දී බරපතල වැරැද්දක් ආයතනය සිදුකර ඇති බවත් මින් ඉදිරියට එවැනි වැරදි සිදුනොවීම සම්බන්ධව සහතික වන බවත්ය.

“ මා පිළිගන්නවා… ඒ දීපු මුදලට සේවයක් ලබාගෙන නෑ. දැනටත් අපි ජනාධිපති කාර්යාලයට, අගමැති කාර්යාලයට සේවකයින් නිදහස් කරනවා. ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලුවාම නිදහස් කරනවා. ඒ අය මීඩියා ස්ටාෆ් එකේ ඉන්න අය.   නමුත් පිට කෙනෙක්ව  අලුතින් බඳවාගෙන   පඩි ගෙවීම කරන්නේ නෑ අපි. “

“මෙතනදි වෙලා තියෙන්නේ පිටින් කෙනෙක්ව බඳවාගෙන එයාට පඩි දෙන එක.  මින් ඉදිරියට කිසිම අවස්ථාවක ඒ තත්ත්වය ඇතිවෙන්න දෙන්නේ නෑ මොනම හේතුවක් නිසාවත්. “

“ඒ වගේම කිව යුතුයි.  ඩලස් ඇමතිවරයාගේ කාලයේ හෝ බන්දුල ඇමතිවරයාගේ  කාලයේ මේ ආකාරයේ  කිසිම සිදුවීමක් වාර්තා වී නෑ. එය මා වගකීමෙන් කියනවා.  මේ සිද්ධ වෙලා තියෙන්නේ බරපතල වැරැද්දක්. දැන් ඒ වැරැද්ද සිද්ධ වෙලා ඉවරයි. මේ පුද්ගලයින් අපට සේවය නොකළත් විෂය  භාර ඇමතිවරයාට සේවය කරන්න ඇති කියලා මා විශ්වාස කරනවා. කෙසේ වෙතත්  මා මේ කටයුත්ත අනුමත කරන්නේ නෑ. ”

ලේක්හවුස් සභාපති සහ ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්  අනුෂ පැල්පිට පැවසුවේය.

මෙහිදී  විගණකාධිපති ඩබ්ලියු.පී.සී. වික්‍රමරත්න පෙන්වා දුන්නේ සේවකයෙකුට වැටුපක් ලබා දෙන්නේ ඒ සේවකයා විසින් කරන ලද සේවය පදනම් කරගෙන කොන්දේසි සහ ආයතනික නීති රාමුවකට යටත්වී බවත්, ඒ කොන්දේසි සපුරන්නේ නැති පුද්ගලයෙකුට ආයතනයකින් වැටුප් ගෙවන්නේ නම් එම වැටුප් ගෙවීම නිර්දේශ කළ නිලධාරියා විසින් එම ගෙවීම්වල වගකීම ගතයුතු බවත්ය.

මේ සම්බන්ධව කරුණු සොයා  බලා සතියක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කෝප් කමිටුව අධ්‍යක්ෂ මණඩලයට නියෝග කළේය.

කෝප් කමිටුවේ එම ප්‍රශ්න කළ අවස්ථාව පහත දැක්වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග ඉල්ලා අස් වෙයි!

Next Post

අරගලයෙන් පසු මන්ත්‍රී ආරක්ෂාවට දුන් පොලිස් නිලධාරීන් මන්ත්‍රී නිවාසවල බැල කමේ යොදවලා!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.