සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග ඉල්ලා අස් වෙයි!

by editor
ජූනි 10, 2023
in පුවත්, සමාජ
Share on FacebookShare on Twitter
  • මුලතිව් ඓතිහාසික කුරුන්දි විහාරයේ පුරාවිද්‍යා භූමියට අයත් ඉඩම් කොටසක් නිදහස් කරන්න බෑ කී පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්ට ජනපති ඉල්ලා අස්වෙන්න කියලා..

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග ලබන 15 වැනිදා සිට බල පවැත්වෙන පරිදි සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ.

වාර්තාවන පරිදි සිද්ධිය මේසේය. 

අනුරාධපුරයේ මුල් යුගය රූපණය කරන මුලතිව්  ඓතිහාසික කුරුන්දි මහා විහාරයට අයත් පුරාවිද්‍යාත්මක නටබුන් සහිත අක්කර දෙසීයක භූමියක් විද්‍යාත්මක ගවේෂණයකින් හඳුනා ගැනීමෙන් අනතුරුව එම භූමිය මැන දෙන   මෙන් මිනුම්පතිවරයාට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඉල්ලීමක් කර තිබේ. හඳුනාගත් ප්‍රදේශයේ කුඹුරු ඉඩම් අක්කර 05කට වැඩි ප්‍රමාණයක් ද තිබී ඇත.

පෙරේදා  (08) සවස ජනාධිපති ලේකම් කාර්යාලයේ දි  ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් පැවති රැස්වීමක් අතර එම කුඹුරු ඉඩම් කොටස ජනතාවට නිදහස් කරන ලෙස  ජනාධිපතිවරයා නියෝග කර ඇත. එවිට  පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් මහාචාර්ය අනුර මනතුංග  කරුණු දක්වා ඇත්තේ  පුරාවිද්‍යා ආඥා පනතින් ආවරණයවන  රටේ නීතිය ප්‍රකාරව  එය සිදුකළ නොහැකි බවය.

එහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ ජනාධිපති ලෙස  තමන් දෙන නියෝගය ක්‍රියාත්මක කළ නොහැකි නම් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ඉල්ලා අස්වන ලෙසය.  ජ ඒ අනුව මහාචාර්ය අනුර මනතුංග සිය ධූරයෙන් ඉවත් වීමට තීරණ කර ඇතැයි වාර්තා වේ.

කුරුඳුමලේ පුදබිම සංරක්ෂණයට පෙර පැවති ආකාරය….

මුලතිව් කුරුන්දිමලේ විහාරය පෞරාණික නටබුන් සහිත ජනාවාස නගර කොටස විද්‍යාත්මක ගවේෂණයයකින් පසු   වෙන් කරගැනීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු කරද්දී එම  භූමිය සඳහා  ජනතාවගේ පාර්ශවයෙන්  අයිතිවාසිකම් කියා තිබුණේ  අක්කර 05ක්  සඳහා පමණක් බවත් එම අක්කර 05 ද එහි හිමිකරු විසින්   පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙත ප්‍රදානය  කිරීමට මුල් අවස්ථාවේ දි සූදානම් ව සිටි බවත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ආංචි මාර්ග කියයි. මෙම ඉඩම් අක්කර 05 හිමි පුද්ගලයා තවත් කුඹුරු අක්කර සිය ගණනක හිමිකරුවෙක් බව ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පැවසුවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කෙසේ වෙතත් මේ ප්‍රශ්නය මේ තරම් වර්ධනය වන්නේ උතුරේ වාර්ගික දේශපාලකයින් විසින් මෙම ඓතිහාසික භූමියේ විද්‍යාත්මක තහවුරුව ප්‍රශ්න කරමින් අතාර්කික සහ  අනවශ්‍ය වාර්ගික ගැටලුවක් නිර්මාණය කිරීමෙන් අනතුරුවය.

මූලික ගවේෂණයේ දී මතුවුන සෙල් ලිපි සාධක

දෙමළ දේශපාලකයින්ගේ අතාර්කක මුග්ධ බලපෑම

මුලතිව් කුරුන්දමලෙයි කැණීම් ආරම්භ කළ ප්‍රදේශය බෞද්ධ පුරා වස්තු සහිත ප්‍රදේශයක් නොවන බවත් එය හින්දු ජනතාව අනාදිමත් කාලයක  සිට වන්දනාමාන කළ ආදී අයියනාර් කෝවිලට අයත් භූමියක් බවත් දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්න්බලම්  විසින් පැවසුවේය. මේ මතවාදය වපුරුවන මේ දේශපාලකයා වටා දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් සහිත කුඩා කණ්ඩාමයක් සිටි අතර ඔවුන් මේ ගැටලුව දේශපාලන ප්‍රශ්නයක් සේ මතුකරමින් රජයට බලපෑම් කිරීම සිදුකරමින් සිටියේය.

ඔවුන් කීවේ රජය  යුද හමුදාව හා පුරා විද්‍යා නිලධාරීන් යොදවා  උතුරේ හින්දු දහමට අයත් ප්‍රදේශ බලහත්කාරයෙන් බෞද්ධකරණයකට ලක් කිරීම වහාම නවතාලන ලෙසය.

දැනට පුරා විද්‍යා නිලධාරීන්  යුද හමුදාවේ ආරක්ෂාව ඇතිව කැණීම් ආරම්භ කොට ඇති ප්‍රදේශයේ කිසිදු කලෙක බෞද්ධ භික්ෂූන් වහන්සේලා හෝ සිංහල ජනතාව වාසය කොට නොමැති බව   ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් ඇතුළු දේශපාලකයෝ කීහ.

හින්දු ප්‍රදේශ බෞද්ධ උරුමයන් ලෙස හුවා දැක්වීම රජයේ බලපුලුවන්කාරකම පෙන්වීමක් හා  හින්දු දහම යටපත් කිරීමක් බවද මේ දේශපාලන කණ්ඩායම දිගින් දිගටම පැවසුවේය.

විශේෂත්වය වන්නේ මේ නිහීන දේශපාලන ප්‍රකාශවල ස්වරූපය එම දේශපාලකයින් මෙන්ම ඉතිහාසය, බෞද්ධ උරුමය, සංස්කෘතිය සහිත වටිනා පුස්තකාලයක් නිවස තුළ නඩත්තු කළ රටේ ජනාධිපතිවරයා ද මැනවින් දැනගෙන සිටීමය.

පුරාවිද්‍යා සාධක මත සංකර්ණය වුන කුරුඳුමලේ පුරාණ ස්ථූපය….

සාධනය කළ කුරුන්දිමගේ ඓතිහාසික උරුමය

උතුරු පළාත යනු ලංකාවේම කොටසකි. එම ප්‍රදේශයත් රටේ ඉතිහාසයේ රිද්මය ගලා යන රටාවට ඇතුළත්ය. කුරුන්දිමලෙයි පුාවිද්‍යා ස්ථානය  ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ලාත් රටේ ජනාධිපතිවරයාත්  නොදැන සේ මග හැර යන ජාතිවාදී මජර දේශපාලනයට එපිටින් වන සාධනීය ශාස්ත්‍රීය කාරණාවකි.

මේ ස්ථානයේ පිහිටන්නේ  වංශකතාවන්හි හා අට්ඨතාවන්හි පැනෙනා පුරාණ කුරුන්දාවශෝක විහාරයයි.  මුලතිව් දිස්ත්‍රික්කයේ ක්‍රිස්තු පූර්ව යුගයේ සිට පැවති ජනාවාසකරණය සම්බන්ධව විද්‍යාත්මක සාධක සහිතව හෙළි කරන පුරාවිද්‍යා භූමි අතරින් වැදගත්ම භූමිය කුරුන්දාවශෝකාරාමය ය.

  • මහාවංසයේ 33වැනි පරිච්ඡේදයේ 32 වැනි ගාථාවෙන් දැක්වෙන ලජ්ජිතිස්ස රජුගෙන් පසු ලංකාද්වීපයේ රාජ්‍යත්වයට පත්වූ ඛල්ලාටනාග රජු ( ක්‍රි.පූ.110 – 103) විසින් ඉදිකළ කුරුන්දපාසක විහාරය මෙය බව හඳුනාගෙන තිබේ.
  • මෙම විහාරයට අනුබද්ධව කුරුන්දචුල්ලක නම් පිරිවෙණක් වී යැයි වංසකතාවන්හි සඳහන්ය.
  • සමන්තපාසාදිකා විනයාට්ඨ කතාවේ කුරුන්දි අට්ඨකතා ගැන වාර 75කට වඩා සඳහන්ය. එම අටඨකතා සම්පාදනය කළේ කුරුන්වේලු විහාරයේ දී බව සාහිත්‍ය කෘතිවල පැනේ.
  • පළමුවන අග්බො රජු ( ක්‍රි.ව. 571-604) මෙම විහාර භූමියේ නවකම් කළහ. මේ පෙදෙස කුරුඳුවැව වූ බවත් පළමු අග්බෝ රජු කළ කුරුඳුවැව වත්මන් තන්නිමුරුප්පු වැව බවත් නිකලස් පැවසුවේය. 
  • ඉතිහාසය පුරාම මෙම විහාරය ඇසුරෙහි සිදුවූ සංවර්ධන කටයුතු වංසකතා කරුවෝ වාර්තා කරති.
  • හතරවන අගබෝ රජු ( 667-683), තුන්වන මිහිඳු රජු ( ක්‍රි.ව. 801-804), මෙම විහාරයට කළ මැදිහත්වීම් මහාවංසය දක්වයි.
  • පළමු විජයබා රජු  ( ක්‍රි.ව. 1055-1110) මෙම විහාරය නැවත පිළිසකර කළඅයුරු පැනේ.
  • දෙවන පරාක්‍රමබාහු රජුගේ කාලයේ දී( ක්‍රි.ව. 1236 -1270)  කාලිංග මාඝ ගේ සහ ජයබාහුගේ ද්‍රවිඩ සේනාව විසින් බිඳ දමන ලද කඳවුරු 15න්  එකක් වූයේ කුරුන්දි විහාරය ය.
  • පූජාවලිය, නිකාය සංග්‍රහය, වැනි පැරණි ග්‍රන්ථවල කුරුඳු රට, කුරනන්දුගම්මු රට, කරුන්දක හා කුරුන්දිරට්ඨ ආදී නම්වලින් හැඳින්වෙන්නේ ද මෙම ප්‍රදේශය බව පුරාවිද්‍ය වාර්තාවල දැක්වේ. 
  • වර්ෂ 1905 පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පාලන වාර්තාවට අනුව මේ භූමියේ සෙල් ලිපියක් පිහිටා තිබී ඇත.
  • හෙන්රි පාකර්ට අනුව උතුරු පළාතේ ඇති විශාලම නටබුන් සංකීර්ණය කුරුන්දාශෝක විහාරයය.
  • මෙම භූමිය වර්ෂ 1933 දී 1933-05-12 දිනැති අංක 7981 දරන ගැසට් නිවේදනය ගමින් අක්කර 78 රූඩ්1පර්චස් 62ක භූමියක් පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

රටේ ජනාධිපතිවරයා රටේ නීතිය ක්‍රියාත්මක කිරීමට බැඳී සිටින පුරවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්ට ඉවත්වන්නට කියා තමන්ගේ කෙනෙක් දමා වැඩේ කරගන්නම් යැයි කියන්නේ ඒ පසුබිමේ දීය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සෝමාලියාවේ මෝටාර් උණ්ඩයක් පුපුරා ළමුන් සහ තරුණයන් 20ක් මරුට

Next Post

ලේක් හවුස් එකෙන් ලක්ෂ ගණන් පඩි ගත් බව කෝප් කමිටුවේ දි අනාවරණය වූ කෙහෙළියගේ උපදේශකයින් 02 සඳගල පුරාවස්තු කොල්ලයේ ප්‍රධාන චූදිතයින් බව හෙළි වෙයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.