සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලේකම් එපා කියද්දි ජනපතිගේ අනුදැනුම පිට සත්වෝද්‍යාන අධ්‍යක්ෂ ජනරාල් වැඩට ඇවිත්!

කවුරුත් එන්න එපා කිව්වෙ නෑ... අධ්‍යක්ෂ ජනරාල්වරිය කියයි...

by editor
පෙබරවාරි 16, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

සුජිත් හේවාජූලිගේ – 

සේවක ගැටලුවක් පදනම් කරගෙන සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ ශර්මිලා රාජපක්ෂට සේවයට වාර්තා නොකරන ලෙසට වනජීවී රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලිඛිතව දැනුම්දී තිබියදී ඇය දිගින් දිගටම සේවයට වාර්තා කිරීම නිසා එම දෙපාර්තමේන්තුව තුළ ලොකු ගැටුම්කාරී තත්වයක් මතුවී ඇතැයි වාර්තා වේ.

මේ තත්වය නිසා සේවක කණ්ඩායම් අතරද දැඩි නොසන්සුන්කාරී තත්වයක් මතුවී තිබෙන බව දැනගන්නට ඇත.

සේවයට වාර්තා නොකරන ලෙස රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ශර්මිලා රාජපක්ෂට මෙලෙස දැනුම්දී ඇත්තේ සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ විවිධ දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණය අවසන් වන තෙක් බව අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ දූෂණ චෝදනා සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් පත් කෙරුණු කමිටුවක් මේ දිනවල විමර්ශනයක් පවත්වාගෙන යයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අමාත්‍යාංශ ලේකම්වරයා ඇයට සේවයට වාර්තා නොකරන ලෙස දැනුම්දී තිබියදී ඇය දිගින් දිගටම සේවයට වාර්තා කරමින් කටයුතු කරන බව වාර්තා වේ.

ඇය පින්නවල අලි අනාථාගාරයටද ගොස් එහි කටයුතු නිරීක්ෂණය කර ඇතැයි දැනගන්නට ඇත.

මේ සම්බන්ධයෙන් වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායකගෙන් කළ විමසුමකදී ඔහු සඳහන් කළේ අධ්‍යක්ෂ ජනරාල්වරියගේ මෙම ක්‍රියා ක්‍රියාකලාපය ඇයගේ යහපතට මෙන්ම ආයතනයේ පැවැත්මටද අහිතකර එකක් බවයි.

අමාත්‍යාංශ ලේකම්වරයාගේ දැනුම්දීම ඇය සැලකිල්ලට ගත යුතු බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.

මේ සම්බන්ධයෙන් සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ ශර්මිලා රාජපක්ෂගෙන් කළ විමසුමකදී ඇය සඳහන් කළේ ජනාධිපතිවරයාගේ සහ ජනාධිපති ලේකම්වරයාගේ අනුදැනුම මත තමා සේවයට වාර්තා කළ බවයි.

සේවයට වාර්තා නොකරන ලෙස තමාට කිසිවකු දැනුම්දී නැතැයිද ඇය පැවසුවාය. සොරකම් සිද්ධීන් ගණනාවක් සහ සතුන්ගේ මරණ සම්බන්ධයෙන් තමා කළ පැමිණිලි අනුව දැනට පරීක්ෂණ තුනක් පැවැත්වෙන බවත් මේ පරීක්ෂණවලින් සත්වෝද්‍යානයේ සිදුවී ඇති සියලු දේ අනාවරණය වනු ඇති බවත් ඇය ප්‍රකාශ කළාය.

දූෂණ වංචා සම්බන්ධයෙන් තමාට එරෙහිව කිසිදු චෝදනාවක් ඉදිරිපත්වී නැතැයි ඇය වැඩිදුරටත් පැවසුවාය.

ලංකාදීප –

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

හිටපු ඔස්ට්‍රේලියානු පුහුණුකරු ජස්ටින් ලැන්ගර් ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් උනන්දුවෙන්!

Next Post

ලොකු කොම්පැණිවල ලයිට් කපා ජෙනරේටර් දාන්නැයි කී කොමිසමේ යෝජනාවට ලංවීම ළං නොවෙයි !

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.