බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලෙඩ ඌරෙකුගේ මස් කෑවත් අවුලක් නෑලු… මිනිස්සුන්ට බෝ වෙන්නෙත් නෑලු…. ඌරු මස් ලෝලීන් අවුලට දමා ඌරුමස් තහනම් වුනේ ඇයි?…

by editor
ඔක්තෝබර් 30, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

බීබීසී –

අප්‍රිකානු සූකර උණ රෝගය (AFS) සහ අභිජනන හා ශ්වසන සහලක්ෂණ රෝගය ( PRRS) ඌරන් අතර ව්‍යාප්ත වීම හේතුවෙන් මෙරට ඌරු මස් අලෙවිය තහනම් කර තිබේ.

අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තම්න්තුව එම තහනම පැනවීමට පියවර ගත්තේ ය. මේ වනවිට ඌරු මස් අලෙවි කරන ස්ථාන වේ නම් එම ස්ථාන සොයා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු වැටලීම් ආරම්භ කර ඇත.

නිකුත් කර ඇති ගැසට් නිවේදනය මගින් ශ්‍රී ලංකාවේ සියලු ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අප්‍රිකානු සූකර උණ රෝගය (AFS) සහ අභිජනන හා ශ්වසන සහලක්ෂණ රෝගය ( PRRS) ආසාදිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කර තිබේ.

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල පැවසුවේ, මෙම රෝග දෙක ම ඌරන් අතර පැතිරෙමින් ඇති බවය.

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ඒ අනුව, ඔක්තෝබර් 25 වන දා සිට මාස තුනක කාලයක් සඳහා වලංගු වන පරිදි නිකුත් කර ඇති මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් රෝග පැතිරීම වැළැක්වීම සඳහා සීමා පනවා තිබේ.

පනවා ඇති සීමා මොනවා ද?

  • අවදානම් සහිත ඌරන්, ඌරු මස්, සහ එම නිෂ්පාදන හෝ රෝග කාරක ද්‍රව්‍ය ආසාදිත හෝ අවදානම් ප්‍රදේශ තුළ හෝ ප්‍රදේශයෙන් පිටත ප්‍රවාහනය කිරීම, ඉවත් කිරීම, රැගෙන යාම හෝ පළවා හැරීම
  • ආසාදිත සතුන් ඝාතනය කිරීම
  • රෝග අවදානමකට ලක්ව සිටින සතුන් සඳහා කෘත්‍රිම අභිජනන ක්‍රම භාවිත කිරීම
  • අවදානම් සතුන් භාවිත කරගෙන සජීවී සත්ව වෙළෙඳපොළ පැවැත්වීම, ප්‍රදර්ශන හා තරග පැවැත්වීම
  • ඌරන්, ඌරු මස් සහ එම නිෂ්පාදන හා රෝගකාරක ද්‍රව්‍ය විකිණීම, විකිණීමට පාත්‍ර කිරීම, ගබඩා කිරීම හෝ බෙදා හැරීම සහ ඌරු මස්වලින් නිෂ්පාදන සකස් කිරීම
  • අදාළ රෝග හේතුවෙන් මිය ගිය හෝ ආසාදනය වූවා යැයි සැකයට හේතු වූ සතෙකුගේ මළ කුණක් හෝ එහි කොටසක් හෝ වෙනත් කිසියම් අවදානමට ලක්වූ ද්‍රව්‍යයක් හෝ ජලයට සම්බන්ධ කිසිදු ස්ථානයකට දැමීම
  • අදාළ රෝග හේතුවෙන් මිය ගිය හෝ ආසාදනය වූවා යැයි සැකයට හේතු වූ යම් සතෙකුගේ මළ කුණක් හෝ එහි කොටසක් වෙනත් සතුන් විසින් වෙනත් ස්ථානයකට හෝ ප්‍රදේශයකට රැගෙන යාමට හැකි පරිදි යම් ස්ථානයක දැමීම හෝ ස්ථානගත කිරීම

ඌරන්ගෙන් මිනිසුන්ට රෝගය බෝ වෙයි ද?

මෙරට තුළ ඌරු ගොවිපොළවල් 3500ක් පමණ ඇති අතර ඒවායේ වෙසෙන ඌරන් සංඛ්‍යාව ලක්ෂ දෙකකට ආසන්න වේ.

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල පැවසුවේ, 400 – 500 අතර සතුන් සංඛ්‍යාවකට මෙම රෝග ආසාදනය වී ඇතැයි වාර්තා වී තිබෙන බව ය.

බස්නාහිර, වයඹ සහ උතුරු මැද පළාතේ එම ගොවිපොළවල් වැඩි සංඛ්‍යාවක් පවතින අතර එම පළාත්වලින් ආසාදිත සතුන් වාර්තා වී ඇතැයි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල පැවසුවේ, මෙම රෝග ඌරන්ගෙන් මිනිසුන්ට බෝ නොවන බව ය.

“මේ රෝග දෙක ම ඌරන් අතර විතරක් පැතිරෙන රෝග. ඌරන්ගෙන් මිනිස්සුන්ට බෝ වෙන්නෙත් නැහැ. ඌරන්ගෙන් වෙන සත්තුන්ට බෝවෙන්නෙත් නැහැ. ඌරන් අතර විතරයි පැතිරෙන්නේ. මනුෂ්‍යයන්ට කිසි ම තර්ජනයක් නැහැ මේ ලෙඩෙන්,” ඇය අවධාරණය කළා ය.

ඌරු මස් ආහාරයට ගැනීම සුදුසු ද?

“හැබැයි මේ දවස්වල සත්තු මැරෙනවා මේ ලෙඩෙන්. අප්‍රිකානු සූකර උණ රෝගය (AFS) ටිකක් දරුණු යි. මරණ ප්‍රතිශතය ඉහළ යි. ඒ නිසා මරණ ඉහළ වුණා ම සත්තු ගොඩක් මැරෙනවා නේ හැදු ගෝවිපළවල. ඒ මැරිච්ච සත්තු අනුභවය අපි නිර්දේශ කරන්නේ නැහැ, මැරුණට පස්සේ,” ආචාර්ය හේමාලි කොතලාවල පැවසුවාය.

“ඒ වුණාට මේක බෝවෙන්නේ නැහැ මිනිස්සුන්ට. මේක ස්පර්ශයෙන් හෝ අනුභවයෙන් බෝවන රෝගයක් නෙමෙයි.”

“නමුත් මැරිච්ච සත්තුන්ට වෙන වෙන බැක්ටීරියා එන්න පුළුවන්. නරක් වෙනවා මැරුණට පස්සේ. ඒ නිසා පරිභෝජනයට සුදුසු නැහැ,” ඇය වැඩිදුරටත් පැවසුවා ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රටේ සහල් තොග පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් මේ සතියේ ජනපති අතට…

Next Post

නව රජයෙන් පුද්ගලික විශ්විද්‍යාල නියාමනයට සහ පූර්ණ අධීක්ෂණයට මෙහෙයුම් පටිපාටියක්…

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.