සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලිට්‍රෝ අද අභියාචනාධිකරණයට ලබා දුන් පොරොන්දුව…

ගෑස් අනතුරුවලින් සියයට 90ක් සිද්ධ වුනේ ප්‍රමිතියෙන් තොර උඳුන් සහ උපාංග නිසා... ලිට්‍රෝ අධිකරණයට කියයි

by editor
දෙසැම්බර් 16, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

දෙරණ –

මින් මතුවට පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් අනුමත කරන ගෘහස්ථ ගෑස් පමණක් වෙළඳපොළට මුදාහැරීමට පියවර ගන්නා බව ලිට්‍රෝ ගෑස් සමාගම අද (16) අභියාචනාධිකරණයට ප්‍රතිඥාවක් ලබා දී තිබේ.

ගෘහස්ථ ගෑස් සිලින්ඩරවලින් සිදුවන ගෑස් කාන්දුවීම් හේතුවෙන් සිදු වූ අනතුරු පිළිබඳව විමර්ශනයක් පවත්වන ලෙස නියෝග නිකුත් කරන්නැයි ඉල්ලා සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙකු වන නාගානන්ද කොඩිතුවක්කු   විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී ලිට්‍රෝ ගෑස් සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ හර්ෂ අමරසේකර  මෙම දැනුම් දීම සිදු කර ඇත.

එමෙන්ම ගෑස් සිලින්ඩරයක් තුළ අන්තර්ගත ගෑස් වල සංයුතිය දැක්වෙන ස්ටිකරයක් එම සිලින්ඩරය මත ප්‍රදර්ශනය කිරීමට එකඟ වන බවද ඔහු තවත් ප්‍රතිඥාවක් ලබා දෙමින් සඳහන් කළේය.

පෙත්සම අද රුවන් ප්‍රනාන්දු සහ සම්පත් විජේරත්නගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ඒ අනුව ඊයේ දින අභියාචනාධිකරණය විසින් කළ දැනුම්දීම පරිදි ලිට්‍රෝ ගෑස් සමාගම වෙනුවෙන් මෙම දිවුරුම් පෙත්සම් දෙක ඔවුන්ගේ නීතිඥවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

මෙම අවස්ථාවේදී ලිට්‍රෝ ගෑස් සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළේ ඉකුත් දිනවල වාර්තා වූ ගෑස් අනතුරුවලින් සියයට අනූවකට වඩා ප්‍රමිතියෙන් තොර උදුන් හා උපාංග හේතුවෙන් සිදු වී ඇති බවට විමර්ශන වලින් තහවුරු වී ඇති බවය.

පාරිභෝගික සේවා අධිකාරිය සහ ප්‍රමිති කාර්යාංශය වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ රජයේ නීතිඥ මනෝහර ජයසිංහ මහතා අධිකරණයට දන්වා සිටියේ  ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක අන්තර්ගත විය යුතු සංයුතිය පිළිබඳව තීන්දු කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය විසින් ලබන 20 වන දා විශේෂ රැස්වීමක් කැඳවා ඇති බවය.

එම රැස්වීමේදී ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක අන්තර්ගත විය යුතු ප්‍රමිතිය හා සංයුතිය පිළිබඳව කඩිනම් තීන්දුවක් ගනු ඇති බවයි ඔහු සඳහන් කර ඇත.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය එම කරුණුවලට අදාළව තම නියෝග හෙට දින ප්‍රකාශයට පත් කරන බව නිවේදනය කර තිබේ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

සෞඛ්‍ය නීති නොරකී නම් දේව කරුණාවත් නෑ… සිරිපා කරුණාවට කොවිඩ්  කාඩ්පත අනිවාර්යයි…

Next Post

මෙන්න තවත් නඩු තීන්දුවක්… අලි හොරකමට චෝදනා ලද හිටපු මහේස්ත්‍රාත් තිලිණ ගමගේ නිදොස් කොට නිදහස්….

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.