පවතින ගෑස් හිගය සහ ඊට අදාළ විසදුම් පිළිබඳව විමර්ශනය සදහා ලිට්‍රෝ ගෑස් ආයතනයේ ඉහළ කළමනාකාරීත්වය හෙට (20) පෙ.ව 11.00 ට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) හමුවට කැඳවා ඇත.
ගෑස් නෞකාවක් මෙරටට පැමිණ ඇති අවස්ථාවක බෙදා හැරීමේ කටයුතු කඩිනම් කිරීමේ අවශ්‍යතාව පිළිබදව අදහස් පළ කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී ද කියා සිටියේ මෙම කටයුතු පිළිබද සොයා බැලීමට ලිට්‍රෝ ආයතනය කෝප් කමිටුව හමුවට කැදවීමට අපේක්ෂා කරන බවයි.
Discussion about this post