මුම්බායි- පූනේ අධිවේගී මාර්ගයේ වේග සීමා කඩ කරමින් පැයට කිලෝමීටර් 225 ක වේගයෙන් සිය ලැම්බෝගිනි රථය පැදවූ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක රෝහිත් ශර්මාට අවවාද කර දඩ පැනවීමට ඉන්දීය පොලීසිය අද (19 වැනිදා ) කටයුතු කර ඇත.
තමන් එතරම් වේගයෙන් රිය පදවනු ලැබුවේ බංග්ලාදේශ කණ්ඩායම සමග සමඟ පැවැත්වෙන තරඟයට සහභාගී වීම සඳහා කණ්ඩායම් බසයට එකතු වීමේ අරමුණෙන් බව ශර්මා පොලිසිය කියා ඇත.
රථවාහන පොලිස් නිලධාරීන් ෂර්මාගේ අධිවේගී මාර්ගයේ අධි වේගයෙන් රිය ධාවනය කිරීම ගැන කනස්සල්ල පල කර ඔහුට පොලිස් ආරක්ෂාව සමඟ කණ්ඩායම් බස් රථය ගමන් කිරීමට යෝජනා කර ඇත.