ලාෆ් ගෑස් කිලෝ ග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල යළිත් රුපියල් 1359කින් ඉහළ දැමීමත් සමග සිලින්ඩරයක මිල රුපියල් 4000 ඉක්මවා ගියේය.
ලාෆ් සමාගම පසුගිය වකවානුව තුළ අවස්ථා තුනක දී ගෑස් මිල ඉහළ දැම්මේය. 2021 අගොස්තුවේ දී රුපියල් 1493ක මිලකට තිබූ 12.5 ගෑස් සිලි්නඩරය රුපියල් 363කින් වැඩි වීම නිසා ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1856ක් විය. පසුව 2021 ඔක්තොම්ර් මාසයේ දී රුපියල් 1856ක් වූ ගෑස් සිලින්ඩරයක මිල සමාගම රුපියල් 984කින් ඉහළ දැම්මේය. ඒ අනුව සිලින්ඩරයක මිල රුපියල් 2840 ක් වූයේය.
අද යළිත් වරක් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1359කින් මිල වැඩි විය. ලාෆ් ගෑස් සිලින්ඩරකය නව මිල රුපියල් 4199කි. මේ මිල වැඩිවීම සියයට 47.85කි.
කෙසේ වෙතත් ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දැමීමට මෙතෙක් තීරණයක් ගෙන නැති බව පැවසේ. මේ වනවිට ලාෆ් ගෑස් සිලින්ඩර මෙන්ම ලිට්‍රෝ ගෑස් සිලින්ඩර ද වෙළෙඳ පළට නිකුත් වෙමින් ඇති බව සමාගම් පැවසුවත් තවමත් ගෑස් පෝලිම් අඩු වී නැත.
ලිට්‍රෝ සමාගම කීවේ සිලින්ඩර ලක්ෂයකට අධික සංඛ්‍යාවක් අද වෙළෙඳපලට නිකුත් කළ බවය.







