බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලබන වසර වනවිට දහස් ගණනකගේ ජීවිත වැනසීමට නියමිත සමනළවැව දකුණු  ඉවුරේ සොහොන් ලකුණු  ගැන විද්වතුන් කියනකතාව

පිලියම් කඩිනම් නොකළොත් මහා විනාශයක්... පේරා‌දෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්යය ජගත් ගුණතිලක

by editor
ඔක්තෝබර් 6, 2023
in පුවත්, සමාජ
සමනල වැව

සමනල වැව

Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

  • කල්තොට කූරගල තනමල්විල වැල්ලවාය ලුණුගම්වෙහෙර ඇඹිලිපිටිය අගුණකොළපැලැස්ස අම්බලන්තොට තිස්සමහාරාමය හම්බන්තොට ජනතාව අනතුරේ….

  • සමනළවැවේ  දකුණු ඉවුර කුහර සහිත හුණුගල් තට්ටුවක්….  වසර තිහක් තිස්සේ ජල කාන්දුව තිබිලා…  හුණුගල්දියවි මුසු වූ ජලය කාන්දුවෙන් පිටතට එන බව තහවුරු වෙලා…  බලධාරින් මර නින්දේ…

  • දකුණු ඉවුර කැඩී ගියොත් උඩවලවේ ජලාශයත් කැඩෙනවා.  සමනළ වැවේ ජලකාන්දුව තවදුර ගියොත් ලබන වසරේ මේ ව්‍යයසනය සිදුවිය හැකියි….

මාරක පුරොකථනයක් සමග තබන සටහනකි. ලබන වසරේ මහා මරණීය ඛේදවාචකය අඳෝනාව ලියන්නට සිදුවනු ඇතැයි ඔබට ලියා තබන්නට සිදුවන්නේය.  මේ කියන්නේ රටේ හඳහන බලා  ග්‍රහචාරය විමසා කරන අනාවැකියක් නොවේ.  මේ රටේ සිටින භූ විද්‍යාඥයන් විසින් පර්යේෂණාත්මකව  සාධනය කළ විද්‍යාත්මක දත්ත මත කෙරෙන අනුමානයකි.

සමනලවැව සම්බන්ධව පෙරේදාත් පාර්ලිමේන්තුවේ දී කතා කළේය. ඒ එහි ජලය ගොවි ජනතාවට ලබා දීමට සිදුවූ නිසා විදුලිබල නිශ්පාදනය හිඟ වීමත් කරුණක් කරගෙන විදුලි බිල වැඩි කිරීම සම්බන්ධව ගන්නා තීරණයක් ගැනය.

මේ  ඒ සමනල වැව තව අවුරුද්දක් නොතිබෙන බවට වූ සම්භාවිතක් පිළිබඳ කතාවය.   සමනල වැව දකුණු ඉවුරේ ජල කාන්දුවක් සම්බන්ධව දැනගන්නේ ඊට ජලය පිරවූ දිනවලමය. ඒ ජල කාන්දුව  මේ මොහොත වනවිටත් එසේමය. ඒ ජල කාන්දුවත් සමග ජලාශයේ ධාරිතාව සැම කාලයකම අඩුවන බව ප්‍රකාශ වෙමින් ඇත්තේය. එහෙත් දකුණු ඉවුර ප්‍රතිසංස්කරණය සඳහා වන යෝජනා කිසිවක් ක්‍රියාත්මක  ක්‍රියාත්මක කිරිමට රටේ ආණ්ඩු සූදානම් නැත.  අවසානයේ දී මේ කාලකණ්ණින්  දැනුම්වත්ව ජීවිත දහස් ගණනක් සහ ගණනය කළ නොහැකි වත්කම්  ප්‍රමාණයක් ඇසූ දුටුවන් තිගස්වන ආකාරයෙන් විනාශ වන්නට ඉඩ හැර ඇත. මේ ඒ කතාවය.

සමනල වැව

වළවේ ගඟත්, බෙලිහුල්ඔයත් එකිනෙක හමු වන දෙමෝදර සුන්දර පරිසරයක, සමනළවැව ජලාශය ඉදි කර ඇත.

සමනළ තටු දෙකක ආකාරයේ හැඩයක්‌ ගන්නා බැවින් මෙය සමනළවැව යනුවෙන් හැඳින්වූයේය. සමනළවැව ආශ්‍රිත කඳු අතරින් හමන වේගවත් සුළං ධාරාව, අතීතයේ මේ ප්‍රදේශය කර්මාන්ත පුරයක් කර තිබිණි.  අනුරාධපුර යුගය තෙක් පැරණි ඒ කාර්මාන්තයේ උත්කෘෂ්ඨ ප්‍රකාශනය වන්නේ චිරන්තන ලෝකයේ සම්භාවනාවට පත්වන  පැරැණි   ඩමස්‌කස්‌ කඩුවය.  මේ භූමිය එවැනි ඉතිහාසගත කර්මාන්ත භූමියකි.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ශ්‍රී ලංකාවේ බලංගොඩ ප්‍රදේශයේ උඩවලවේ නිම්නයේ පිහිටි මේ සුන්දර ජලාශය මුහුදු මට්‌ටමේ සිට මීටර් 400ක්‌ හෙවත් අඩි 1300ක්‌ උසින් කොළඹින් නිරිතදිගට වන්නට කිලෝමීටර් 160ක්‌ දුරින් පිහිටා ඇත.

වැවේ ආරම්භය

වර්ෂ 1986 දී ආරම්භ කර වර්ෂ 1992 දී නිම කළ සමනළවැව ජලාශය හා විදුලි යෝජනා ක්‍රමය සැලසුම් කළ ආකාරයට ශ්‍රී ලංකාවේ විශාලත්වයෙන් දෙවැනි තැන ගත් ජල විදුලි යෝජනා ක්‍රමය ය.

මෙම ජලාශයේ   ඉදි කිරීමේ යෝජනාව මුලින්ම එන්නේ  වර්ෂ 1970 දශකයේ සිරිමාවෝ බණ්‌ඩාරනායක අගමැතිනිය ගේ පාලන සමයේ දී ඉදිරිපත් වූවකි. මේ ඉදිකිරීම් සඳහා අවශ්‍ය මූලික අධ්‍යයන කටයුතු කළ රුසියානු වාරි ඉංජිනේරුවන් ඔවුන් ගේ අධ්‍යයන වාර්තාවලින් පෙන්වා දුන්නේ මේ ප්‍රදේශය ජලාශයක්‌ ඉදි කිරීම සඳහා නුසුදුසු බවයි. ඒ සඳහා ඔවුන් හේතුවක්‌ ලෙස පෙන්වා දුන්නේ සමනළවැව දකුණු ඉවුරේ පාෂාණය දැඩි ස්‌වභාවයක්‌ නො ගන්නා අතර එය මී වදයක ආකාරයේ කුහර ස්‌වභාවයක්‌ ගන්නා, ශක්‌තිමත් පාෂාණයක්‌ නො වන බවයි.

එසේ ම වේල්ලක්‌ තැනීමේ දී ගඟ පතුලේ ක්‍ෂණික සේවා උමඟ දකුණු ඉවුරේ කැණිය යුතු බව ද රුසියානු වාරි ඉංජිනේරුවන් ගේ අදහස විය. මේ සියලු ම හේතු පිළිබඳව වමසා බැලු රුසියානු වාරි ඉංජිනේරුවෝ මෙහි ජලාශය ඉදි කිරීම අතහැර දැමූ හ.

එහෙත් වර්ෂ 1986 දී එවකට පැවැති රජය ජපන් වාරි ඉංජිනේරුවන් ගෙන් කළ ඉල්ලීමකට අනුව ඔවුහු රුසියානු වාරි ඉංජිනේරුවන් ගේ අදහස්‌ හාස්‍යයට ලක්‌ කරමින් සමනළවැව ජලාශයේ ඉදිකිරීම් ආරම්භ කළ හ.

රුසියානු වාරි ඉංජිනේරුවන් පෙන්වා දුන් භූ සිදුරු වැනි දුර්වල තැන් ජලය කාන්දු නො කරන බැව් ජපන් වාරි ඉංජිනේරුවන් ගේ අදහස විය. රුසියානු වාරි ඉංජිනේරුවන් පෙන්වා දුන් සේවා උමඟ කැණීමේ බරපතළකම ජපන් වාරි ඉංජිනේරුවන් ගණනකට ගත්තේ නැත.

මේ සියලු ම දුර්වලකම් නො සලකා හැර ශක්‍යතා අධ්‍යයනය කළ ජපන් ඉංජිනේරුවෝ වර්ෂ 1986 සිට වර්ෂ 1991 දක්‌වා කාලය තුළ සමනළවැව ජලාශය හා විදුලි බලාගාරය ඉදි කර අවසන් කළ හ. මෙහි උසින් අඩි 100ක්‌ වූ වේල්ලක්‌ ඉදි කර කිලෝ මීටර් 5 1/2ක දිග උමඟකින් ජලය ගෙන ගොස්‌ කපුගල ප්‍රදේශයේ ඉදි කළ විදුලි බලාගාරයේ විදුලිය නිපදවීමට කටයුතු සැලසුම් කෙරිණි.

මේ බලාගාරයෙන් මෙගාවොට්‌ 120ක විදුලි ධාරිතාවක්‌ බලාපොරොත්තු විය.   ජපන් ඉංජිනේරුවන් ගේ සැලසුමට අනුව ජපන් යෙන් මිලියන 60176කින් ව්‍යාපෘතිය නිම කිරීමට අදහස්‌ කර තිබුණත් සිදු කෙරුණු විවිධ බාහිර වියදම් හේතුවෙන් ජලාශයේ වැඩ නිම කිරීමට සිදු වූයේ ජපන් යෙන් මිලියන 74313ක්‌ වැය කරමිනි. එකල මේ වියදම ශ්‍රී ලංකා මුදලින් බලන කල රුපියල් බිලියන 16කි. අද වටිනාකම රුපියල් බිලියන 100ක්‌ පමණ වෙයි.

ජලාශයට ජලය පිරවීම   

වර්ෂ 1991 ජුනි 11 වැනි දින උදා විය. සුබ නැතකට අනුව ජලාශයට ජලය පිරවීම ආරම්භ විය. ජලාශයේ ගැඹුර මීටර් 100කි. ක්‍රමයෙන් මීටර් 16ක්‌ පමණ උසට ජලය පිරුනේය.  සමනල වැව සම්බන්ධව රුසියානු විද්වතුන් ගේ නිගමනය බරපතල ලෙස නිවැරදි වූයේය.   මීටර 16 මට්ටමේ දි      දකුණු ඉවුරෙන් ජලය කාන්දු වීම ඇරඹිණි. ඒ වේල්ලේ සිට දකුණු ඉවුරින්   මීටර් 300ක්‌ පමණ දුරකිනි.

ජල කාන්දුවට විසඳුමක්‌ ලෙස දකුණු ඉවුරේ මීටර් 100ක්‌ පමණ ගැඹුරට කොන්ක්‍රීට්‌ දමා බාධකයක්‌ ජපන් ඉංජිනේරුවෝ ඉදි කළ හ. වර්ෂ 1991 දී මේ සඳහා ගිය වියදම රුපියල් බිලියන 2ක්‌ විය. වැය වූ සිමෙන්ති ප්‍රමාණය ටොන් 14000ක් වූයේය. සිදුරු කිරීම්වල මුළු දිග ප්‍රමාණය කිලෝ මීටර් 54ක් විය. මේ සිමෙන්ති ප්‍රමාණය රන්ටැඹේ ජලාශයේ වේල්ල ඉදි කිරීමේ දී භාවිත කළ සිමෙන්ති ප්‍රමාණය හා සමාන විය.

ප්‍රතිකර්මයෙන් පසු වර්ෂ 1992 ඔක්‌තෝබර් 21 වැනි දින නැවතත් සුබ මොහොතින් ජලාශයට ජලය පිරවීම ආරම්භ කෙරිණි. ඒත් ජල කාන්දුවේ වෙනසක්‌ නො වී ය. ජල කාන්දුව දිගට ම සිදු විය. මේ අවස්‌ථාවේ දී ජලය ඉවත් කිරීමට ගත් උත්සාහයේ දී වේල්ලේ යාන්ත්‍රික ජල මාර්ගය ද අවහිර විය. මේ සියලු ම කරුණු කාරණා සැලකිල්ලට ගැනීමෙන් පසු ජලාශයේ මුළු උසින් සියයට 30ක ප්‍රමාණයක්‌ දක්‌වා පමණක් ජලය පිරවීමට තීරණය විය. එය අපේක්ෂිත ජල ධාරිතාවෙන් සියයට 30කට ආසන්න විය.

මේ දක්වා ජල විදුලිය නිපදවන්නේ මේ අඩක් පිරවූ ජලාශයෙන්ය.  මේ ලොරි ටෝක් දෙන්නේ ඒ වතුර ලීක් වෙන අඩක් පිරවූ ජලාශයෙන් උපදවන විදුලිය ගැනය. ඒ ජලාශයේ ජලයෙන් කොටසක් ගොවීන්ට දීමත් සාධක කරගෙන විදුලිබිල වැඩිකිරීටමට යන සමනල වැව ජලාශයේ තත්ත්වය ඕකය.

නිශ්චිත විසඳුමක් ගැන සංවාදය

දශක ගණනාවක් මෙම තත්ත්වය දිගින් දිගටම පැවත එන බැවින් මේ සදහා නිශ්චිත විසදුමක්   විදුලිබල මණ්ඩලයටද  අවශ්‍ය විය. ගණනය කළ දත්තවලට අනුව    ජල කාන්දුවෙන් සියයට හැත්තෑ පහක් නතර කර ගත් විටත්  ඉතිරිවන ජලධාරිතාවෙන් මාසයකදී  රුපියල් මිලියන දෙසියකට වැඩි වටිනාකමක් සහිත ජල විදුලි බලයක් නිපදවිය හැකිබව පෙනී යෑමය.

ලීක් වී තිබුණේ වතුර පමණක් නොවේ.  සෑම මාසයකදිම රටට හිමි විය යුතු රුපියල් මිලියන දෙසියක මුදලය.  එය වසර තිහක් තිස්සේ  මේ වනතුරුත් සිදුවෙමින් ඇත්තේය. දල වශයෙන් ජල කාන්දුවෙන් මේ වසර තිහ තුළ රටට අහිමි වී ගිය මුදල රුපියල් බිලියන 72කි.

මේ තත්ත්වයත් සමගම  විදුලි බල මණ්ඩලය විසින් පේරාදෙණිය විශ්ව  විද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ ආචාර්ය ජගත් ගුණතිලක ඇතුළු කණ්ඩායම වෙත සමනළ වැව දකුණු ඉවුරේ ජල කාන්දුව පිළිබඳව පර්යේෂණ ආරම්භ කිරිමට   භාර දෙන ලදි .

ජල කාන්දුව…

ජීවිත දහස් ගණනක් අවදානමක .. ආචාර්ය ජගත් ගුණතිලක   –

වැවේ දකුණු ඉවුරේ සකසා ඇති උමග ආශ්‍රයේ ජල කාන්දුවක් සිදු වන බවට අපට  අනාවරණය වුණා. කළ යුතුව තිබුණේ උමගය කොන්ක්‍රීට් යොදා වසා දමන එකයි. 1994දී පශ්චාත් උපාධිය සඳහා මම නිබන්ධන සකස් කළේ සමනලවැව සම්බන්ධයෙන්.

එදා නියපොත්තෙන් කඩන්න තිබුණු ප්‍රශ්නය අද පොරවෙන් කපන්නටවත් බැරි තරමට ඔඩු දුවලා. මේ වන විට සමනල වැව සිට හම්බන්තොට දක්වා පහත් බිම් වල ජීවත් වන  ජනතාවගේ ජීවිත අවදානමකට ලක් වෙලා ඉවරයි.

යම් හෙයකින් සමනලවැව ජලාශයේ දකුණු ඉවුරේ කඩාගෙන ගියොත් ඒ ආසන්නයේ තියෙන උඩවලවේ ජලාශය ද කඩාගෙන යෑමේ අවදානමක් තිබෙනවා. මොකද පසුගිය වසර 30ක කාලය පුරාම සමනල වැවේ දකුණු ඉවුරෙන් ජලය කාන්දු වී මක් සිදුව තිබෙනවා.

මේ වට විට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූවිද්‍යා දෙපාර්තමේන්තුව සමනල වැව ආශ්‍රිතව සිදුවන ජල කාන්දුව පිළිබඳ ගැඹුරු විමර්ශනයක් සිදුකොට දත්ත වාර්තාවක් සකස් කර අවසන්. එම දත්ත අනුව සහ පර්යේෂණයන් අනුව පැහැදිලිව දක්නට ලැබෙන ප්‍රබල කාරණයක් වන්නේ ජලාශයේ දකුණු ඉවුරෙන් කාන්දු වී එළියට පැමිණෙන ජලයේ හුණුගල් පාෂාණ දියවී එන බවයි. දිනකට කාන්දු වන ජලය සමඟ පාෂාණ ටොන් ගණනක් දියවී යාමේ අවදානම ඇති බව රසායනික ජල පර්යේෂකයින් විසින් පෙන්වා දී තිබෙනවා. එහි ප්‍රමාණාත්මක ගණනය කිරීම් පිළිබඳව මේ දිනවල අවධානය යොමුවී තිබෙන බව කියන්න පුළුවන්.

භූ ගත ප්‍රදේශයේ සිදුවන ක්‍රියාවලිය පිලිඳව  අනුමානයන් සමග අප පර්යේෂණ සිදුකරන්නේ. ඒ නිසා මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතුමයි.

පේරා‌දෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්යය ජගත් ගුණතිලක ම  අවධාරණය කළේය.

පර්යේෂණ කණ්ඩායම…

ඔහු ඇතුළු කණ්ඩායමේ පර්යේෂණයන් මත වසර මිලියන ගණනක් තිස්සේ පාෂාණ ස්ථරවල තිබූ හුණුගල් දියවෙමින් පාෂාණවල සවිවර තත්ත්වයක්    සමනල වැව දකුණු ඉවුරේ දක්නට ලැබුණු බවට තහවුරු විය.

මේ අතර උඩවලව ජලාශයට ජලය සැපයීමෙන් පසුව සමනල වැවේ ජල මට්ටම අඩු වූ අවස්ථාවලදී කිමිදුම් කරුවන් යොදවා දකුණු ඉවුරත් සමනලවැව හි වේල්ලට ඉදිරියෙන් ඇති ගොඩබිමෙහි සින්ක් සිදුරු ලෙස හඳුන්වන වලවල් වැනි භූගත ගිලාබැසීම් ද සොයාගත හැකි විය. ඒවායින් කොපමණ ප්‍රමාණයක් ජලය කාන්දු වන්නේ ද යන්න පුළුල්ව විමර්ශනය කිරීම සඳහා වර්ණ සහිත ඩයි මිශ්‍ර ජලය කාන්දු වන ප්‍රදේශ වෙත යොදා පරීක්ෂණ සිදු කරන ලදී. ඒ ඔස්සේ තහවුරුව ඇත්තේ උමංකට ඔස්සේ ජලය කාන්දු වන බවය.

තවද සින්ක් සිදුරු මගින් ජලය කාන්දු වන බව ද පැහැදිලිව නිගමනය කළ හැකි වී තිබිණි මේ අතර සින්ක් සිදුරු ඇති ප්‍රදේශයේ සිට සමනල වැව දකුණු ඉවුර තෙක් හුණුගල් ස්තරයක් දිගේ ජලය කාන්දු වන බවටද පර්යේෂක කණ්ඩායමට තොරතුරු අනාවරණය කරගත හැකි වී තිබේ.

මේ අනුව කාන්දු වන ජලය පරිමාවෙන් දකුණු ඉවුර ඔස්සේ ජලය 75% ක් සහ සින්ක් සිදුරු ඔස්සේ ජලය සියයට දහයක් කාන්දු වන බවට තහවුරු කරගෙන ඇත. තත්ත්වයන් තවදුරටත් විග්‍රහ කළ විට පේරාදෙණි විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමේ විග්‍රහයන් මත ජලය කාන්දු වන ස්ථාන තුනක් ඇති බවට හඳුනාගෙන තිබේ. දකුණු ඉවුරේ ආස්තරයක් සකසා නොමැති විවෘත උමග , වේල්ලට ඉදිරියෙන් ඇති කොටසේ සින්ක් සිදුරු ආශ්‍රිතව සහ වලවේ ගඟේ පතුල එම ජල කාන්දු ස්ථානයන්ය.

වර්ණක සහිත ජලය යොදා සිදුරුවලින් ජලය පිටවන ආකාරය සෙවීම…

කාන්දුව නතර කිරීමට කළ හැකි දේ

මෙම කාන්දුව නතර කිරීමට නම් උමංමග වැසිය යුතු වෙයි. සින්ක් සිදුරුද වැසිය යුතුවේ. සමනල වැවේ ජල මට්ටම අඩු වූ විට මේ කාර්යය කිරීම පහසු වන අතර මග වැසීම සඳහා කොන්ක්‍රීට් ආස්තරණයක් දැමිය යුතුවේ.

විශ්වවිද්‍යාල පර්යේෂණ කණ්ඩායම ගණනය කර ඇති අන්දමට ඒ සඳහා අවශ්‍ය කොන්ක්‍රීට් සඳහා පමණක් රුපියල් මිලියන හතළිස් හතරක් වැය වෙයි. සේවක වැටුප් ඇතුළු සෙසු ඉදිකිරීම් සමග මුළු වියදම රුපියල් මිලියන සියයක් වේ. මේ සඳහා මැටි මිශ්‍රිත ආස්තරණයක් යෙදිය හැකි වුවත් එය ස්ථීර විසඳුමක් වනු ඇද්ද යන්න එම කණ්ඩායම සැක කරන අතර ඒ සඳහා වුවත් රුපියල් මිලියන විස්සක් වැය වන බවට ගණනය කර ඇත. තාවකාලික පැලැස්තර අලවනවා වෙනුවට තිරසාර විසඳුමක් ලබා දෙමින් සමනල වැව ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකළ යුතු බවට පර්යේෂණ කණ්ඩායම තරයේ තීරණය කොට තිබේ.

එම ප්‍රතිකර්මයෙන් අනතුරුව සමනල වැවේ ජලය එක්රැස් කිරීමෙන් මාසයකට රුපියල් මිලියන 200 ක ආදායමක් විදුලිබලය උත්පාදනයෙන් ඉපැයිය හැකි වන අතර පහත්බිම් වල ගොවි ජනතාවට අඩු නැතුව ජලය බෙදා දීමට ද හැකි වනු ඇත . තවද උඩවලව ජලාශයෙන් පෝෂණය වන ගොවි බිම් සඳහා ද නොඅඩුව ජලය සැපයිය හැකි වනු ඇතැයි ද පේරාදෙණිය විශ්වවිද්‍යාල භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ පර්යේෂණ කණ්ඩායම තහවුරු කරයි.

කිමිදුම්කරුවන් යොදා පත්ලේ සිදුරු සෙවීම…

මේ මොහොත වන විටත් ආචාර්ය ජගත් ගුණතිලක   ඇතුළු කණ්ඩායම සමනල වැව ආශ්‍රිතව භූගත ගැටලු ඇති වන්නේ ද නැද්ද යන්න පිළිබඳව ඩිජිටල් තාක්ෂණය ඔස්සේ දත්ත සමීක්ෂණ වාර්තා පිළිබඳ අවධානය යොමු කර සිටි. ඔවුහු කාන්දුවන ජල මට්ටම් පිළිබඳව සෑම විනාඩියකදී ම ඩිජිටල් තාක්ෂණය ඔස්සේ දත්ත ලබා ගනිමින් සිටිති. තවද පොළොව අභ්‍යන්තරය සදහා බිහිවිදමන් 45ක් පමණ යොදවා ජල කාන්දු සම්බන්ධයෙන් දිගින් දිගටම අවධානය යොමු කොට ඇත.

තැනින් තැන පැලැස්තර අලවනවා වෙනුවට තිරසාර විසඳුමක් ලබා දීමේ අපේක්ෂාවෙන් ේරාදෙණිය විශ්වවිද්‍යාල කණ්ඩායම බලා සිටිති.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අනුරාධපුරයේ ප්‍රධාන වැවක නොදන්නා හේතුවකින් මත්ස්‍යයන් දහස් ගණන් එකවර මිය ගිහින්…

Next Post

අම්බලන්තොට භූ විද්‍යා  හා  පතල් කැණීම් කාර්යංශයේ ප්‍රධාන කැණීම් ඉංජිනේරුවා අල්ලස් දැලේ… 

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.