බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලකුණු 140ක විශිෂ්ට ජයක් සමග ශ්‍රී ලංකා පිල නවසීලන්ත තරගාවලිය නිමා කරයි..

by editor
ජනවාරි 11, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාව විශිෂ්ට ජයග්‍රහණයකය. තරගාවලිය පරාජය වුව ද අවසන් තරගයේ දී නවසීලන්ත කණ්ඩායමට සිය රටේ දී මතක හිටින රිදවීමක් කරමින් ලකුණු 140ක දැවැන්ත ජයග්‍රහණයක් අපේ කණ්ඩායම අත් කරගත්තේය.

ලකුණු 291ක ජයග්‍රාහී ඉලක්කයක් සොයා ගිය නවසීලන්ත කණ්ඩායම ලකුනු 150කට සියල්ලන්ම දැවී යන්නේ පන්දු ඕවර 29.4ක් තුළ දීය.

කාසියේ වාසිය දිනාගෙ පන්දුවට පහරදීම තේරූ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 50 අවසානයේ දී කඩුලු 08ක් දැවී ලකුනු 290ක් රැස් කරගත්තේය. නවසීලන්ත කණ්ඩායමට අප ලබා දී තිබුණේ ලකුණු 291 ඉලක්කයකි.

නායක චරිත් අසලංක සහ අවිශ්කප්‍රනාන්දු හැර අනෙක් සියලු පිතිකරුවන් සැලකියයුතු වටිනාකමක් පිත්තෙන් එක් කර තිබිණි. අද තරගයේ අර්ධ ශතක 03කි. පැතුම් නිශ්ශංක පන්දු 42ක දී ලකුණු 66කි. එම ලකුණු 46 ලබා ගන්නේ අබාධයකට ලක් වී තාවකාලිකව ඉනිම අත්හැර ගොස් යළිත් පිටියට පැමිණෙමිනි. එය අත් නොහරින සටන්කාමී ඉනිමක් බව කිව යුතුව ඇත. කුසල් මෙන්ඩිස් පන්දු 48ක දී ලකුණු 54කි. ජනිත් ලියනගේ පන්දු 52ක දී ලකුණු 53කි. කමිඳු අර්ධ ශතකය ලඟටම ආවේය. ලකුණු 46ක දී දැවී ගියේය.

පැතුම් ආබාධයට ලක් වූ අවස්ථාව…

චරිත් අසලංක අද තරගයේ ලකුණු ලැබුවේ නැත. ඔහු ට මේ තරගාවලියේ ලකුණු අතරට එන්නට නොහැකි විය. අවිශ්ක ප්‍රනාන්දු ලකුනු 17ක් පමණි. චමිඳු වික්‍රමසිංහ ලකුණු 19ක්, වනිඳු හසරංග පන්දු 09ක දී හයේ පහර දෙකක් සමග ලකුණු 15ක්, මහීෂ් තීක්ෂණ පන්දු 08ක දී නොදැවී ලකුණු 11ක් ලැබුවේය.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

පන්දු යැවීමේ දි මැට් හෙන්රි මේ තරගයත් ඔහුගේ කරගත්තේය. ඔහු කඩුළු 4ක් ලැබුවේය. ලකුණු 55ක් ලබා දුන්නේය. නායක මිචෙල් සැන්ට්නර් ලකුණු 55ට කඩුළු 02ක්, නේතන් ස්මිත් සහ මයිකල් බ්‍රැක්වෙල් කඩුල්ල බැගින් ලැබූහ.

නවසීලන්ත ඉනිම

ලකුණු 291ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත කණ්ඩායම ලකුනු 150ට සියල්ලන්ම දැවී යන්නේ 30 වැනි ඕවරයේ 4 වැනි පන්දුවේ දී ය.

නවසීලන්ත කණ්ඩායම ලබා ගන්නා ලකුණු 150න් ලකුණු 81ක් මාරක් චැප්මන්ගෙනි. ඔහු පන්ද 81ක දී එම ලකුණු 81ක රැස් කරන්නේ නවසීලන්තයේ සුභාවිත ක්‍රිකට් ක්‍රීඩා කරන්නා චැප්මන්දැයි අපට හිතන්නට සලස්වමිනි. ඔහුගේ පහර ඒ තරම් ආකර්ශනීය වූයේය. එය නර්තනාකාර පිති හරඹයක් බව කිව යුතුය.

ඊලඟ වැඩිම ලකුණ ලකුණු 17කි. ඒ නේතන් ස්මිත්ය. මයිකල් බ්‍රෙක්වෙල් 13කි. මැට් හෙන්රි 12කි. අනෙක් එකම ක්‍රීඩකයෙක්වත් ලකුණු 10 ඉක්මවූයේ නැත. ලකුණු නොලබා දැවී යෑම් 03කි.

කාලෙකට පසු අති විශිෂ්ට පන්දු යැවීමක් මෙන්ම පන්දු රැකීමක් දුටුවෙමු. එෂාන් මාලිංගගේ පන්දුවේ වේගය හා දෝලනය අප තුළ බලාපොරොත්තු ඉපදවූයේය. චමිඳු වික්‍රමසිංහගේ පන්දුවේ ඉපිලීම සහිත දෝලනය නවසීලන්ත පිතිකරුවන් වික්ෂිප්ත කරනු දුටුවෙමු. අසිත ප්‍රනාන්දු ලංකාවේ විශිෂ්ටම වේග පන්දු යවන්නා බව යළිත් පැහැදිලි කළේය. මහීෂ් තීක්ෂණ අත්දැකීමෙන් පරිනත වෙමින් පන්දු යවන ආකාරය බලා සිටියේ ආදරයෙනි.

අසිත ප්‍රනාන්දු පන්දු ඕවර 07ක් යවා ලකුණු 26ට කඩුළු 03කි. මහීෂ් තීක්ෂණ පන්දු ඕවර 7.4ක් යවා ලකුණු 35ට කඩුළු 03කි. එෂාන් මාලිංග පන්දු ඕවර 7ක් යවා ලකුණු 35ට කඩුළු 03කි. ජනිත් ලියනගේ එක් කඩුල්ලක් ලැබුවේය. චමිඳු කඩුලු ලැබුවේ නැත. නමුත් ඔහු පන්දු ඕවර 3ට ලබා දුන්නේ ලකුණු 14ක් පමණි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මත්පැන් සහ සිගරට් මිල ඉහළට… අද සිට අරක්කු සිගරට් බියර් වැඩිවන හැටි මෙන්න…

Next Post

ගුටි කෙළිය මැද තුවාල ලද ධනංජයගේ සොයුරා සාවිත්‍ර සහ රත්මලානේ සුද්දා අත් අඩංගුවට…

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.