බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලක්ෂ 75ක වංගුවක්…  වැඩබලන නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්නට එරෙහිව  සීඅයිඩියෙන් පරීක්ෂණයක්…

Will the Bribery Commission handle a corruption case against him?

by editor
සැප්තැම්බර් 6, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

නිමන්ති රණසිංහ –

බස්නාහිර පළාත් උතුරු දිසාව අපරාධ බාර වැඩ බලන නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වශයෙන් සේවය කරමින් සිටිය දී අධිකරණයට අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර රුපියල් ලක්ෂ 75ක මුදලක් සැකකරුවන්ට මුදා හැරීමෙන් කරන ලද දූෂණයක් සම්බන්ධව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (05) අධිකරණයට කරුණු වාර්තා කළේය.  

මෙය “දූෂණ“ සම්බන්ධයෙන් වන වරදක් බැවින් අදාළ විමර්ශනය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට බාරදීම සඳහා එම කොමිසමට අධිකරණයේ පෙනී සිටින ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  අධිකරණයෙන් ඉල්ලා සිටිනු ලැබුවේය.

එම ඉල්ලීම අනුව  මෙම සිද්ධියට  අදාල විමර්ශනය බාරදීම සඳහා ඔක්තෝබර් මස 03 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී.එන් ඉලංගසිංහ විසින් අල්ලස් කොමිසමට ඊයේ නොතීසි නිකුත් කළේය.

මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ හිටපු ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් අල්විස් විසින් මේ සිද්ධිය පිළිබඳ විමර්ශනයක් කරන ලෙස පසුගිය ජනවාරි 28 වැනිදා පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.

පෑලියගොඩ අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලින්ටන්, ඇතුළු නිලධාරීන්  පිරිසක් පසුගිය පෙබරවාරි 21 වැනිදා සිදුකරන ලද වැටලීමක දී ඩුබායි රටට උණ්ඩියල් ක්‍රමයට මුදල් යොමු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනක් වූ විමර්ශනයකදී අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ රුපියල් ලක්ෂ 75කට අධික මුදලක්   සම්බන්ධව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති බව  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා ඇත.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

පසුව මෙම විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන ඒකක 01 හි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයසුන්දර විසින් විමර්ශනය කරන ලදුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණුවාර්තා කර ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුව බාරයට ගන්නා ලද නඩු භාණ්ඩ සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුව  එවකට හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ( වර්තමාන වැඩ බලන නියෝජ්‍ය පොලිස්පති) රොහාන් ප්‍රේමරත්න විසින් තර්ජනාත්මකව කර ඇති නියෝග මත විමර්ශන නිලධාරීන් විමර්ශන අවසන් කර නොමැති බවත්, එහි නඩු භාණ්ඩ වශයෙන් රුපියල් හැත්තෑ පන් ලක්ෂ හතලිස් තුන් දහස්, එකසිය දහක මුදලක් සම්බන්ධයෙන් අධිකරණයට අසත්‍ය තොරතුරු වාර්තාවක් ඉදිරිපත් කරමින් නඩු භාණ්ඩ එම සැකකරුවන්ට මුදා හැරීමට කටයුතු කර ඇතැයි අනාවරණය වන බව ත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ වර්තමාන වැඩබලන නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  අධ්‍යක්ෂ වශයෙන් රාජකාරි කළ කාලය තුළ සිදුකරන ලද වංචා හා දූෂණ ක්‍රියාකාරකම් සම්බන්දයෙන් සිදුකළ මෙම විමර්ශනයේ දි හිටපු අධ්‍යක්ෂවරයා නඩුවට අදාළ නිලධාරීන්ට අයුතු බලපෑම් කරමින් අධිකරණයට අසත්‍ය වාර්තා ඉදිරිපත් කිරීම සඳහා  නිලධාරීන්ට තර්ජනාත්මකව පොළඹවා ඇති බවත් ඒ මගින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ   අංක 05 හි නඩු අංක  47361/05/21 දරන නඩුවේ නඩු භාණ්ඩයක්ව පැවති රුපිලයල්  7,543,110/= මුදලක් සැකකරුවන්ට මුදා හැරීමට කටයුතු කරමින් දූෂිත ක්‍රියාවක යෙදී ඇති බවත් අනාවරණය වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කළේය.

මෙම අපරාධය  1954 අංක 11 දරන අල්ලස් පනතේ  70 වගන්තිය යටතේ  මෙන්ම 1978 අංක 02 දරන අධිකරණ සංවිධාන පනතේ  55(1) වගන්තිය යටතත් දඬුවම් ලැබිය හැකි වරදක් බවටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

ලංකාදීප –  

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඖෂධ හිඟය තවත් උග්‍ර වෙයි… තුවාලයකට ප්‍රතිකාර කරන්න ප්‍රතිජීවක වේදනා නාශක හෝ කපු පුළුන්වත් නෑ…

Next Post

මැටරඹ කපුවා අධිකරණයට ගෙනඑන ඇතැයි ආරංචියට අධිකරණය ඉදිරියේ විරෝධතාවයක්…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.