ලලිත් චාමින්ද –
ළමා අපයෝජන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට පසුව රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇති මැටරඹ ප්රදේශයේ කපුවා අද (06) අධිකරණයට ඉදිරිපත් කරන බවට වූ තොරතුරක් සමගින් ළමා අපයෝජනයට එරෙහිව සිවිල් ක්‍රියාකාරිකයින් පිරිසක් අද (06) උදෑසන ගාල්ල අධිකරණ සංකීර්ණය අසල නිහඬ විරෝධතාවයක් පැවැත්වූහ.
ළමා අපචාර සහ අපයෝජනයන්ට එරෙහිව තදින් නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා මෙම විරෝධතාවය පවත්වනු ලැබිණි.
කුඩා පාසල් දරුවන් යොදාගෙන තමන්ම එම දරුවන් සමග ලිංගිකව හැසිරෙමින් අසභ්‍ය වීඩියෝ පට නිර්මාණය කර එම වීඩියෝපට අන්තර්ජාතික කාම වෙලෙඳපලට අලෙවි කිරීම සම්බන්ධවූ අපාරධයට මෙම කපුවා අත්අඩංගුවට ගෙන තිබිණි.
කෙසේ වෙතත් අද මැටරඹ කපුවා අද උසාවියට ඉදිරිපත් කළේ නැත.